අපෝ තවත් කොමික් එකක්. ඔව් හැබැයි මේ වතාවේ නම් ටිකක් වෙනස්. හැමෝම නෙට්ෆ්ලික්ස් එකේ දෙන මාවල් කතා වල ගුණ කියනකොට DC එකට ඉතුරු උනේ ගෝතම් කතා මාලාව විතරයි. CW ගැන අපි කතා නොකර ඉමු. මොකද හිත රිදෙන කතා නම් බෝමයි. මේක වෙනස් කියන්න හේතු කාරනා කීපයක්ම තියෙනවා. මම එකින් එක ටිකින් ටික විස්තර කරලා දෙන්නම්. […]

අපෝ තවත් කොමික් එකක්. ඔව් හැබැයි මේ වතාවේ නම් ටිකක් වෙනස්. හැමෝම නෙට්ෆ්ලික්ස් එකේ දෙන මාවල් කතා වල ගුණ කියනකොට DC එකට ඉතුරු උනේ ගෝතම් කතා මාලාව විතරයි. CW ගැන අපි කතා නොකර ඉමු. මොකද හිත රිදෙන කතා නම් බෝමයි. මේක වෙනස් කියන්න හේතු කාරනා කීපයක්ම තියෙනවා. මම එකින් එක ටිකින් ටික විස්තර කරලා දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ. DC එකෙන් අලුතෙන්ම නාලිකාවක් ඇරඹුවා. ඉතින් ඒ නාලිකාවේ විකාශය වන පළමු කතා මාලාව තමයි මේ Titan කියන්නේ. DC නාලිකාව නමින් DC Universe. ඒ විතරක් නෙමේ මීට කලින් ඔයාල බලපු හැම DC කතා මාලාවක්ම නිර්මාණය උනේ DC වලට සම්බන්ධ නොවූ ආයතන සහ පුද්ගලයන් අතින් නෙමෙයි. ඉතින් Titan කියන්නේ එහෙම අඩු සැලකිල්ලක් දක්වපු කතාවක් නෙමෙයි. මෙහි අධ්‍යක්ෂණය සහ අනික් සියලුම කටයුතු සිද්ධ වෙන්නේ Akiva Goldsman, Geoff Johns, Greg Berlanti, Sarah Schechter, Greg Walker, John Fawcett වගේ කොමික් එක්ක ජිවත් වෙන පිරිසක් තමයි මේ කටයුත්තට අතගහල තියෙන්නේ. කතාව පටන් ගන්නත් කලින් කියන්න ඕන මේ කතා මාලාව දෙවන කතා සමයකටත් දීර්ග කරලා දැනටමත් තහවුරු කරලා අවසානයි. DC කිව්වම හැමෝම දන්න ඒ අඳුරු තේමාව මේ කතා මලාවේදීත් බලාපොරොත්තු වෙන්න වෙනවා. ගෝතම් ආරම්භයේදීත් එතරම් පිරිසක් එකතු නොවුනත් අද වනවිට ඒ දේවල් බිඳ වැටිලා ඒ වටා විශාල පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඉතින් පටන් ගන්නකොටම මැජික් බලාපොරොත්තු නොවී කතාවක් නම් අවසානයක් වෙනකන් බලන්න කියන ඉල්ලීම කරලා මම වටපිටාව සුද්ධ කරන්න පටන් ගන්නම්.
කවුද මේ Titan කියන්නේ?
ඇත්තටම කියනවා නම් මේ පිරිසත් ජස්ටිස් ලීග් එක වගේම තමයි. හැබැයි වෙනස් වෙන්නේ එයාලගේ මට්ටම අනූව. ජස්ටිස් ලීග් එකේ ඉන්නේ ටිකක් ලොකු අතු ටික කිව්වොත් නිවැරදියි. ඒ ගැන කියන්න ඕන නැහැනේ. සුපර්මෑන්, බැට්මෑන්, ඇක්වාමෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, සයිබෝර්ග්, මාෂන් මෑන් හන්ටර්, ග්‍රීන් ඇරෝ වගේ අය තමයි ඉහල මට්ටමේ වීරයෝ උනේ. ඊට අමතරව මේ ඉහල මට්ටමේ අයට ඉන්නවා අත් උදව්වට වගේ තරුණ වයසේ වීරයෝ ටිකක්. ඒ අය තමයි මේ කතා මාලාවේ ප්‍රධාන චරිත වෙන්නේ. අත් උදව්වට කිව්වට ඒ චරිතත් ගොඩක් ප්‍රසිද්ධ චරිත වගේම අපි හැමෝම දන්නවා. බැට්මෑන්ගේ ගෝලයෝ කීප දෙනක් ඉන්නවා කියල දන්නවනේ. ඉතින් එතනින් පළවෙනිම රොබින් තමයි ඩික් ග්‍රේසන් කියන්නේ පසුකාලීනව නයිට්වින්ග් යන අනුවර්ථ නාමයෙන් පෙනී හිටින්නෙත් ඔහුම තමයි. ඒ වගේම බීස්ට් බෝයි, ස්ටාර් ෆයර්, හොව්ක් සහ ඩෝව්, රේවන් කියන චරිතත් මේ කණ්ඩායමට අයත් වන සාමාජිකයන්. මේ අයට තියෙන්නේ වෙනස්ම වූ හැකියාවන්. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ මොකද කතා මාලාව අතරතුර ඒ ඒ අයට අදාළ හැකියාවන් ඔයාලට පැහැදිලිවම දැකගන්න ලැබේවි. කොමික් ඉතිහාසය දිහාට ගමන් කලොත් මේ චරිත ගැන මුල්ම ඉඟිය ලැබෙන්නේ 1964 වසරේ ප්‍රකාශිත The Brave and the Bold#54 තුලින් නිර්මාණය උන Teen Titans කණ්ඩායම තුලින්. ඒ කණ්ඩායමේ මුල්ම සාමාජිකයෝ උනේ කිඩ් ෆ්ලෑෂ් (Wally West), රොබින්, and ඇක්වාලෑඩ් (Garth) කියන චරිත සමගින්. ඇක්වාලෑඩ් කියන්නේ ඇක්වාමෑන්ගේ සහයට හිටපු තරුණ සුපිරි වීරයෙක්. පසු කාලීනව වොන්ඩර් ගර්ල් හෙවත් ඩොනා ට්‍රෝයි එකතු වෙනවා. පසුව වසර 20ක් පමණ නිහඬ වෙන මේ කණ්ඩායමට අදාළ කොමික් පිටපත් නැවත අලුත් චරිත සමඟින් 1980 වසරේදී නිකුත් වීම ආරම්භ වෙනවා. සයිබෝර්ග්, ස්ටාර්ෆයර්, රේවන් සහ Doom Patrol කණ්ඩායම් සාමාජික බීස්ට් බෝයි මේ කණ්ඩායමට එකතු වෙන්නේ මේ සමඟිනුයි.“The Judas Contract” වගේ ජනප්‍රිය කොමික් පොත් නිකුත් වෙන්නේ මේ කණ්ඩායම එකතු වීමත් සමගින්. මේ අනුසාරයෙන් පසු කාලීනව Young Justice කණ්ඩායම නිර්මාණය වෙනවා. පසුව 2011 වසරේදී New 52 කොමික් නිකුතුව සමඟින් තව චරිත හඳුන්වා දුන් අතර එහි අසාර්ථකත්වය මත 2016 වසරේදී නැවත DC Rebirth නමින් මේ චරිත සියල්ලම ඒකරාශී කරගෙන නැවත කොටස් පහකින් යුතුව Titans Hunt යටතේ කොමික් පොත් රාශියක් නිකුත් උනා.
- The Return of Wally West
- Made in Manhattan
- A Judas Among Us
- Titans Apart
- The Spark
ඊට අමතරව පහත දැක්වෙන කොමික් පොත් වලත් Titans කණ්ඩායම සම්බන්ධව විස්තර දකින්න ලැබෙනවා.
- The Lazarus Contract
- Super Sons of Tomorrow
- Dark Knights: Metal: The Resistance
මේ දේවල් හැම දෙයක්ම මුල ඉඳන් කියාගෙන ආවේ ඒක හේතුවක් නිසා. මොකද අපි දන්නේ නැහැ අපි මේ අද බලන්න යන කතා මාලාවේ ආරම්භය මොන කොමික් පොත මොන වසරේ නිකුත් උන කලාපයකින් ආරම්භ වෙනවද කියල. ලැබෙන ආරංචි වල හැටියට DC Rebirth වලින් පටන් ගත්ත කොමික් කලාප පදනම් කරගෙන මේ කතාව දිවෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ ආරංචි වල සත්‍ය අසත්‍යතාව දැනගන්න කතාවේ කොටස් දෙක තුනක් බලන්නම වෙනවා.
ඒ වගේම මේ කතා මාලාව ගැන කසුකුසුම ආරම්භ උනේ ඊයේ පෙරේදක නෙමෙයි. මේ කතාමාලාව ගැන මුලින්ම ආරංචිය එන්නේ 2014 සැප්තැම්බර් වල TNT නාලිකාවෙන් මේ කතාමාලාව නිර්මාණය කරනවා කියන පුවත සමඟින්. ආරම්භයේදී නම් කිව්වේ ඒ වසරේ දෙසැම්බර් වලදී පළමු කොටස දකින්න ලැබෙනවා කියල. නමුත් නිෂ්පාදන කටයුතු එක්ක එය තවත් කල් දැමුනා වගේම 2016 ජනවාරි මාසයේදී TNT ආයතනය නිලවශයෙන් නිවේදනය කෙරුවා මේ කතා මාලාව ඔවුන් නිෂ්පාදනය කිරීම අතහැර දැමුවා කියල. පසුව 2017 අප්‍රේල් මාසයේදී තමයි අපි අද මේ එකතු වන කතාමාලාව ගැන නිල වශයෙන් දැනුම් දීම කරනු ලැබුවේ. කලින් කිව්වා වගේම මෙහි දෙස සීසන් එකත් නිර්මාණය කරන්න දැනට තීරණය කර අවසන්. මෙයින් පසු සිදුවීම් අලලා ගෙන Doom Patrol නමින් තවත් ස්පින් ඔෆ් කතමාලාවක් දැකගන්නත් ලැබෙනවා. ඒවා නම් කටකතා නෙමයි නියත වශයෙන්ම සිදුවන සහ දැනටත් රූගත කිරීම් පවා සිදු වන කතා මාලාවක්. ඒ වගේම මේ කතා මාලාව කොටස් 13 කින් සමන්විතයි. පහත දැක්වෙන්නේ අදාල කොටස් වලට ලැබිලා තියෙන නම්.

ඒ වගේම මේ කතා මාලාව සඳහා උපසිරැසි සපයන්න අපිත් එක්ක සුපුරුදු වගේම රූපවාහිනී කතාමලාවලට නුපුරුදු මුහුණුත් එකතු වී තිබෙනවා. මේ කොටස සහ 7 වෙනි කොටස මගේ දායකත්වය යටතේත්. අනික් කොටස සඳහා ශාන් විමුක්ති, නිලුපුල් මධුකප්‍රිය, ලහිරු ප්‍රසාද් එකතු වී තිබෙනවා. එහෙනම් අද කොටස මෙහම පටන් ගම්මු ඉදිරියේදී ඔයාලට මේ ගැන ලිපි වලින් තව විස්තර ලබා දෙන්න අපේ අනික් උපසිරසිකරුවන් මගබලාගෙන ඉන්නවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
14,541 downloadsDownload Titans-2018-S01E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
77 comments
s.a.s
Kavinda
sub akata thanks saho
Naveendra_rox
Thanks
Dinesh Buddika
Thanks sub ekata....
Janitha_Ishan
kohomada download kara ganne
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
shan AC
thnx broo,,,,,
shan AC
thnx broo elaaa
Kanchana
Thanx sahooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ගින්දර වගේ සබ දීලා තියෙන්නේ...
ජයIroshan Kumar
THANKS BROTHER
Ayesh Prashan
Supirie Supirie Supirie. Thank you
Dharshana Kasun
Thanks...
dsdkavishka
Thenks aiya, niyamai
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක ඉක්මනටම දීලා...
අනිත් DC වලට වඩා සුපිරි උනොත් හොදයි...Alpha
Thanks
Denis Maneesha
Thanks bro sub ekata
S.K. Ruchiranga
Thz brother
geeganagamage
නියමයි බලාගෙන හිටපු එකක් සුපිරි කියන්න වචන නැහැ .
chathura21630
tnx
Thisara kavinda
thankz bro!!!!!!!!!!!!
Chanula
oya gollo ekathu vella loku vadak karane.eekata thanks .eeelaga kotasath ikmanata geenna thanks
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Lakshan
Thanks.
Ravindu Rukshan
Thx
toonmo
sub එකට ගොඩක් ස්තුති සදුන් ,
dc fans කෙනෙක් විදිහට titans tv series එක බලපොරොත්තු කඩ නොකලොත් හොදයි ,Uvindu Dilshan
Tankx bro
maxsandaru
Nilupul Madukapriya Perera
උපසිරසියට බොහොම ස්තුතියි හසන්ත මහත්තයෝ..
බලමුකෝ කතාව කොහොම වෙයිද කියලා..Jana
සේරම ආවට පස්සේ බලන්න පටාන්ගන්න ඕනේ :D
tharu20
Riverdale walata sub denawada?
Ashan Maduranga
balalama imuko kohomada kiyala
thanks machan
baiscope set ekatama jayaSamitha gayan
Patta supiri wage
Maxxlasindu
Baiscope kattiya.the.hunting.of.hill.house.season 1 aka sub patan gannawada
RKO
Niyamai.Thanks bro
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි......... ජයවේවා........!!!!!!!!!!!
jayadari
thank you
shiran1994
Thanks bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට. මේක එනකම් තමා මග බලන් හිටියේ. බලමු මේකෙන්වත් DC අනාගතෙ හොද වේවිද කියලා. ඇක්වාමෑන් එකත් ලග ලගම එනවානේ. ෆිල්ම් හරි ටී.වී සීරිස් හරි මොනවාගෙන් හරි කමක් නෑ DC comic වල තියෙන අති සාර්ථකත්වයට මේවත් ලගා වෙනවානම් අපිට එච්චරයි ඕනි.
බුදුසරණයි..ජය වේවා අයියේ!Thisara Neo
thanks uncle
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
නියමයිනේ
මේකෙන් පටන් ගෙන ඉදිරියට මාවල් ලට වඩා hoදට ඉදිරියට යන්ඩ වාසනව labenda කියලා පතනවා
ස්තුතියිKulanjana Maduranga
subata thanks saho...keep it up....
Nilush Angana
Sub ekata thanx
sasala
thanks sub ekata bohoma
TharakaWAS
ela..ela..Subata thanks...
Jaya wewa...!!!rkasun
thanx
Mr.pamz
Subtitle ekata thanks brother
ජයෙන් ජයම වේවා.......futureomega
thank sub ekata.. good luck
pradeep darshana
Thanks sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි සහෝදරයා..මේක එනකම් බලන් හිටියේ..ජයෙන් ජය වේවා ❤❤❤