Watch Trailer

Supernatural [S14 : E01] Sinhala Subtitles | ඔයාට මොනවද ඕන? [සිංහල උපසිරැසි සමඟ]

පෙර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව…

පෙර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව නිසා ජැක්ව අරන් යන්න උත්සහ කලත් එයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතරවාරයේ තමයි ජෝඩි මිල්ස්, ක්ලෙයර් නෝවැක්, ඇලෙක්ස් ජෝන්ස්, ඩොනා හෑන්ස්කම්, පේශන්ස් ටර්නර් කියන චරිත මුණ ගැස්සුවේ. පෙළක් අය නම් කලින් මුණ ගැහෙන්න දැකපු අය. තවත් සමහර අය නම් අලුත් අය. ඒ වගේම මේ අයට බලය තිබුනා එක එක දේවල් කරන්න. ඒ කෙනෙක්ගේ උදව්ව ඇතුව සෑම්, ඩීන් දෙන්නා අනික් ලෝකයට යන්න හදද්දී ඒ වැඩේ හරිගියේ නැහැ. ඒ වෙනුවට ජැක් ගියෙ මේරි ලගට. ඒත් සෑම්, ඩීන් දෙන්නා වෙනින් තැනකට ගියෙ. ඒ වගේම ගිය වතාවේ ඒකාකාර බවින් මිදෙන්න Scooby-Natural කියලා ඇනිමේෂන් මිශ්‍ර කරලා කතාංගයකුත් දීලා තිබුනා. 

මේරි විතරක් හිරවෙලා තිබුණු ලෝකේ ජැක්වත් හිරවුනු නිසා සෑම්, ඩීන්, කැස්ටීයෙල්ට ලොකු වැඩ කොටසක් කරන්න වුණා. මේ නිසාම මේ අයට හිතවත් මිත්‍ර පාර්ශව එක්කාසු කරන්න ගත්තා. ඒකට රොවීනා පවා ඇතුලත් වුණා. ඒ වගේම තව කාලයක් තිස්සේ ඇස්මොඩේයස් ලග හිර කරන් තියාගෙන එයාගේ වරමෙත් උරාගෙන ශක්තිමත් වුනු, කලින් කොටසකදී මැරෙන බවක් පෙන්නපු ගේබ්‍රියල්ව අපිට ආයෙමත් කතාමාලාව තුලින් දකින්න ලැබුණා. පස්සේ ගේබ්‍රියල් පවා මේ අයගේ උදව්වට ආවා. ඒවගේම තමයි ලූසිෆර්ත්. කොටින්ම ලූසිෆර් සෑම්ට ආයෙමත් ජීවිතයක් දුන්නා ජැක්ව එයාට යාලු කරගන්න අවස්ථාවක් දෙන බලාපොරොත්තුව ඇතුව. මේ අය අතර සම්බන්ධතාව කෙමින් කෙමින් ගොඩ නැගුනා. ඒ වැනසිල්ලට ලක් වෙච්ච ලෝකයේ එහෙ ජනතාව දාලා එන්න මේරිවත් ජැක්වත් ලැස්ති වෙලා හිටියෙ නැහැ. ඒත් කතාව බලන අපිට පවා තේරෙනවා මේ අය සටන පරදින බව. මේ නිසාම එහෙ අයව අරගෙන පෘතුවියට යන්න තමයි කට්ටියගෙම බලාපොරොත්තුව වුණේ. සැහෙන දෙනෙක්ව විවරයෙන් පෘතුවියට අරන් ගියත් අන්තිමට ඉතුරු වුණේ සෑම්, ඩීන්, ලූසිෆර් වගේම ගේබ්‍රියල්. වගේම තවත් සුළු පිරිසක්. මේ අයවත් අරගෙන එතෙර වෙන්න වෙන්න යද්දී මයිකල් මේ අයට පහර දුන්නා. ලූසිෆර් එයා එක්ක සටන් කරන්න උත්සහ කලා. නමුත් මයිකල්ගේ බල පහරවල් දෙකයි ලූසිෆර්ටට තුවාල වුණා.

ගේබ්‍රියල් සටන් කරන්න ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙව්වා. ලූසිෆර්ව ඒ ලෝකේ දාලා සෑම් වගේම ඩීන් නම් පැනගත්තා. නමුත් පෘතුවිය ආක්‍රමණය කරන පොරොන්දුවට හරියන්න ලූසිෆර්ට එයාගේ එකම පුතා ජැක්ව අරගන්න පොරොන්දුවට ලූසිෆර් මයිකල් එක්ක එකතු වෙනවා කලින් කොටසේ අවසානයේ දකින්න ලැබුණා. ලූසිෆර් මයිකල් එක්ක ගහපු ගනුවෙනුවේ තිබ්බ විදිහටම මයිකල් පෘතුවිය ආක්‍රමණය කලා. ලූසිෆර්ට ඕන කරලා තිබුණු විදිහට එයා එයාගේ පුතා ජැක් ලගට ගියා. හැබැයි තමන්ගේ ප්‍රයෝජනයට. එයාට ඕන කරලා තිබුනේ ජැක්ගේ වරම මිසක් වෙනින් දෙයක් නම් නෙවෙයි. ජැක්ගෙන් වරම අරගන්න ලූසිෆර් ජැක්ව වෙනිනේ තැනකට වාෂ්ප වෙලා යද්දී සෑම් මේකට අත දාලා අන්තිමට එයාවත් ඇදිලා ගියා. ජැක්ව, සෑම්ව වගේම පෘතුවිය බේරගන්න ඕන නිසා ඩීන් මයිකල් එක්කත් හවුලක් ගැහුවා මයිකල්ගේ ධාරකයා හැටියට ඩීන් අරගන්න ඉඩ දීලා. බලය ලැබිච්ච ඩීන් ගිහින් අන්තිමට ලූසිෆර්වත් මරලා දැම්මා. මයිකල්ගේ ධාරකයා වෙන්න කලින් ඩීන් මයිකල් එක්ක මොන තරම් කොන්දේසි දාලා යටත් කරන් තියාගත්තත් කතාව අවසානයේදී ඒ පොරොන්දු හැම එකක්ම අහක දාලා ඩීන්ව අභිබවා මයිකල් ඩීන්ගේ ධාරකයාගේ බලය අතට ගත්තා. එක ප්‍රශ්නයක් ඉවරයක් වෙද්දී තවත් ප්‍රශ්නයක් මතුවෙන එදා ඉදන් මේ කතාවේ මුල් තැන ගත්ත කාරණයක්. ඉතින් ඒ ටිකම තමයි කලින් කතාසමය ආරම්භයේදීත් සිද්දවුණේ.

අද කොටස ගැන කියනවනම්, මේ වෙද්දී අනික් ලෝකෙන් එක්කන් ආව අය ඉස්සර සෑම් හා ඩීන් කරපු රාජකාරිය කරන ගමන් ඉන්නේ. මේ අතරේ සෑම්, කැස්ටියෙල්, කෙච් කට්ටිය ලෝකේ එක එක තැන් වලට වෙලා ඩීන්ව හොයාගන්න උත්සහ කරනවා. මේ අතරේ තමයි කැස්ටියෙල් ලොකු අවුලකට පැටලෙන්නෙත්. ජැක්ට දැන් එයාගේ වරම නැති නිසා බලයත් නැහැ. ඉතින් එයා සටන් කරන්න හුරු වෙනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

——
අද කතාවේ නම “Stranger in a Strange Land”
අධ්‍යක්ෂණය: Thomas J. Wright
ලිව්වේ: Andrew Dabb
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 11
මීලග කොටසින්: Gods and Monsters | 2018 ඔක්තෝම්බර් 18

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,926 downloadsDownload Supernatural-S14-E01.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

11,926 downloadsDownload Subtitles44 KB

74 comments

  1. Lx2546

    Thanks baiscope team , Epi 2 please

    1. Chämàrá Sâmpáth

      දෙවෙනි එපිසෝඩ් එක ටෙලිකාස්ට් වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ අපිට නම් සිකුරාදා.

  2. Sulakshana

    Thank for sub

  3. Chathura Abesiriwardhana

    පට්ටා ආ..

  4. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ ඉක්මනට දුන්නට.... දෙනකන්මයි හිටියේ.... Gd Luck...

    1. NuwandiSM

      Episode eke link ekk thye nm denwda saho.plzz

  5. dsdkavishka

    Thenks bro

  6. GeethD

    awesome!

  7. supunima

    Asawen balana TV series 3k ekapaarama set wela. Last ship / walking dead / supernatural. supiri bro. thanks.

  8. suranuwan

    thanks bro.....

  9. gabrial

    godak thankz bro..denakan balan hitiye...

  10. Namal Tharindu Deshan

    supiri wadak.... hithuwata wada ikmanata sub eka dunna... thank you very much.....! All the best...

  11. Ishan Thilakarathne

    බොහොම ස්තූතියි සහො සබ් එකට

  12. Ashen Gimantha

    ela bro sub ekata thanks

  13. Bhathiya gamage

    thanks

  14. Thisara Neo

    thanks saam

  15. mindikageethanjana

    Tanxx bro.....jaya wewa....!

  16. malitha_sahan

    godaak thanks

  17. mad83

    me series eka kawada iwaraweida

  18. Tharindu Katuwawala

    Sub ekata thanks sahodaraya.. okkoma tika awama balanawa.. habai sahenna kal iwasanna wei..

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. Kavindu Gimahan

    මෙච්චර ඉකමනට sub එක දුන්නට thnx බන්...

  21. wickrama98

    ammo............ankn bln hitiye..sub akt tnq

  22. SAnjula

    tnq bokka.. good luck

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. NuwandiSM

      Plz mata episode eke link eka danawada ylu..

  24. thilina86

    Thanks for the sub bro

  25. Kanchana

    Niyamai sahooo thanx

  26. Ayesh Prashan

    Hammooo... Ayeth Super Supernatural.. Thank You

  27. kolitha

    Thanx bro

  28. nadun6000

    amoooooooooooooooo idoraya awasan.... wasanthaya udaunaaa.....
    adarei itinnn... subapathanawa..!!!
    godak godak godakmaaa tankuuuuuuuuuuuuuuuuuuuuuuu.......................................... sahooooo

  29. Denis Maneesha

    Thanks bro sub ekata

  30. Tharindu.p

    Hammo fatta bro illan yamu gema...
    Saba fatta thada kora

  31. Nadun Prakash

    Thank u saho sub ekata❤

  32. naughty

    thanks brooo

  33. YasasPerera

    bohoma sthuthi saho, ikmanata sub dunnata

  34. vishwanathmadhushanka

    Elma brooo

  35. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  36. Himantha

    Sub ekata thanx bro

  37. Kaushan Herath

    කමෙන්ට් එකක් දාන්න වචනත් නෑ අවංකවම.පට්ට සහෝ

  38. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ...
    සබ් එක ඉක්මනටම දීලා..

  39. mmn

    Fatta bro

  40. Geeth Ridmika

    Thanx !!!

  41. KaSun Chathuranga

    සබ් එකට ස්තුතියි! දිගටම මේ වගේ කරමු :D :D :D

  42. කෞශල්‍ය දුෂ්‍යාන්

    බලං හිටියෙ දෙනකං.සබට තුති චාමර.සදා ජය. ♥♥♥♥

  43. Achi

    Thanks

  44. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි මචන්

  45. Cass

    Tnx mcn sub ekata
    14 අවසාන එක උනොත් සුපර්නැචුරල්ස් බලන අවසාන සීසන් එක

  46. SDMaduhansa

    Thanks machan sub ekata. jaya wewa!

  47. ravidu ishan

    ස්තුතියි සහෝ sub ekata

  48. Udara Damith Dissanayaka

    මන්නම් මේ ක බලන්ඩ පටන් ගත්තේ ස්කුබි නැචුරල් එක බලලා
    ඊට පස්සේ සීසන් ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගත්තා
    කලින් මන් බැලුවේ නෑ
    තාම සීසන් දෙකක් යන්තන් බලලා ඉවර කරගත්තා
    හෙන ගේමක් දුන්නා
    සීසන් ඔක්කොම ටික ග න් ද
    gb ම කීයක්ද

    1. Lx2546

      Time base package ekak dala ganna

    2. THISARU DILMINA

      Epi 300 +thiyenawa.90GB wath yai.760p gaththoth

  49. Shashindu Thiwanka

    ස්තූතියි සහෝදරයා. ❤

  50. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.