Watch Trailer

Titans 2018 [S01: E02] Sinhala Subtitles | පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද දෙවැනි කොටස නරඹන්න එකතු වෙන ඔයාලා මේ වෙද්දී මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා. ලොකුවට විස්තර කරන්න දෙයක් නැති වුනත් ගිය සතියෙ කොටසෙ වෙච්ච දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. කතාවට ආරම්භයක් ලැබුනේ මිචිගන්වල ජීවත්වෙන ඇතුලාන්තයේ ලොකු අදුරක් තැන්පත් කරන් ඉන්න රේවන් එහෙමත් නැත්තම් රේචල්ගෙනු…

පසුගිය කොටසින්

අද දෙවැනි කොටස නරඹන්න එකතු වෙන ඔයාලා මේ වෙද්දී මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා. ලොකුවට විස්තර කරන්න දෙයක් නැති වුනත් ගිය සතියෙ කොටසෙ වෙච්ච දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. කතාවට ආරම්භයක් ලැබුනේ මිචිගන්වල ජීවත්වෙන ඇතුලාන්තයේ ලොකු අදුරක් තැන්පත් කරන් ඉන්න රේවන් එහෙමත් නැත්තම් රේචල්ගෙනුයි. ඩික් ග්‍රේසන් කියන්නේ කාගෙ කවුද කියලා දන්නෙවත් නැතුව ඩික් වගේම එයාගෙ පවුලේ අයට මුහුණ දෙන්නවුනු ඉරණම ගැන දිගින් දිගටම හීන දැකපු රේචල්ට කතාවේ යම්තාක් දුරකට යද්දී අපිට හදුනගන්න ලැබුණු චරිතේ ඩික් ග්‍රේසන් නොහොත් රොබින් එක්ක රේචල්ට තිබුනේ තාමත් වචනයෙන් විස්තර කරන්න බැරි සම්බන්ධයක්. මොකද ඩික්ගෙ පෙර සිදුවීම් ගැන රේවන් දකින්නේ ඇයි කියලා තාමත් පැහැදිලි නැහැ. මේ ගැන ඉදිරියේදී කතාවෙන් පැහදිලි කරලා දෙයි කියලා හිතනවා. ඊළගට තමයි මේ වෙද්දී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතේ ස්ටාර්ෆයර්ව හදුන්වා දීමක් කරන්නේ.

කතාවේ අවසානයට දකින්න ලැබුණු Xbox ගේම්ස් හොරකම් කරපු බීස්ට් බෝයිටත් ඒ හැටි හොද ආරම්භයක් නැතත් පොඩ්ඩක් කුතුහලය දනවන විදිහට මේ චරිතෙත් කතාවේ අන්තිමට දැකගන්න ලැබුණා. ලැබිලා තියෙන ආරංචි වලට අනුව නම් බීස්ට් බෝයිව මුල් කොටස් තුන පහුවෙනකන්ම අපිට එයාව වැඩිය දැකගන්න ලැබෙන්නේ නැහැලු. මොකද දෙවැනි කොටස තුලින් වැඩි අවධානයක් අරගන්නේ හෝව්ක්  හා ඩොව් කියන චරිත දෙක නිසා. බීස්ට් බෝයි විතරක් නෙවෙයි මේ කතාමාලාව අවසානයේදී නයිට්වින්ග් බවට පත්වෙන ඩික් ග්‍රේසන් ගැනත් අපිට තාමත් වැඩි දෙයක් දකින්න ලැබුනේ නැහැ. හුගාක් විස්තර ඉදිරියේදී දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්. මොකද බොහෝ දෙනෙක්ගේ විහිළුවට ලක්වුනු ස්ටාර්ෆයර්ගේ පෙනුමේ ඉදන්, කොස්ටියුම් එක දක්වාම කතාමාලාව අවසානයේදී වෙනස් වෙන්න නියමිතයි.

කවුද මේ Hawk and Dove කියන්නේ?

සුපිරි වීරයින්ගේ කැටගරිය යටතේ ඇමරිකානු කොමික් චිත්‍රකතා පොත්වල හොදම සාර්ථකත්වයක් ලබාගත්ත “Silver Age of Comic Books” කියන අනුවර්ත නාමයෙන් හදුන්වන කාලෙක නිර්මාණය වුනු චරිත දෙකක් තමයි මේ හෝව්ක් හා ඩොව් කියන්නේ. Steve Ditko හා Steve Skeates දෙදෙනාගේ අදහස මත තමයි මේ අපුරු චරිත දෙක නිර්මාණය වෙන්නේ. මේ විදිහට චරිත බිහි වීමෙන් අනතුරුව මුල්ම වතාවට 1968 ජූනි මාසේ Showcase #75 කොමික් චිත්‍රකතා වලින් තමයි මේ දෙන්නව දකින්න ලැබුනේ. මේ විදිහට නිර්මාණය වුනු මේ චරිත Teen Titans, Birds of Prey, වගේම Brightest Day වගේ කොමික් චිත්‍රකතා වලින් දකින්න ලැබිලා තියෙනවා. මෑත කාලේදී හෝව්ක් හා ඩොව් කිව්වම ගැහැණු හා පිරිමි චරිතයක් තිබුනත් මුල් කාලේදී මුලින්ම ඒ කිව්වේ ඔරිජිනලි දකින්න ලැබුනේ තාරුණ්‍යයෙ පසුවෙන යුධකාමී සහෝදරයෝ දෙන්නෙක්ව. හෑන්ක් හෝල් නොහොත් Hawk (හෝව්ක්) කියන්නේ එක් චරිතයක්. ඩොන් හෝල් නොහොත් ඩොව් කියන්නේ අනික් චරිතේ. මේ විදිහට ඔරිජිනලි සහෝදරයෝ දෙන්නෙක්ගෙන් පටන් ගත්ත චරිත දෙකෙන් ඩොව් විදිහට තරුණ වියෙ පසුවෙන ගෑනු කෙනෙක් විදිහටත් දකින්න ලැබෙනවා. Silver and Bronze Age, Modern Age වගේ ප්‍රකාශනයන් යටතේ බිහිවුණු කොමික් චිත්‍රකතා පොත් එක්කම ක්‍රමයෙන් මේ චරිත වෙනස් වෙලා තියෙන්නේ. එදා මෙදා කාලේ අතරතුර මේ දෙන්නගේ නොයෙකුත් සංස්කරණ, විවිධ කොමික් චිත්‍රකතා යයතේ බිහිවෙලා තියෙනවා.

මුල්ම වතාවට සජීවී ක්‍රියාදාම විදිහට නිර්මාණය වුනු ටයිටන්ස් කතාමාලාව තුලින් ඔයාලට දැකගන්න ලැබෙන හෝව්ක් සදහා Alan Ritchson ද, ඩොව් සදහා Minka Kelly කියන දෙපල දකින්න ලැබෙනවා. ඩික් ග්‍රේසන් එක්ක කටුක ඉතිහාසයක් තියෙන මේ චරිත දෙකට රොබින් එක්ක සටන් කරනවා දකින්න ලැබේවි වගේම සටන් කරද්දී කිසිම අඩුවක් නැතුව ක්‍රැර විදිහට සටන් කරන විදිය පවා දැකගන්න ලැබේවි. මින් ඉදිරියට තවත් කියලා වැඩක් නැහැ. මේ කොටසින් මේ ඩබලගේ වැඩ ටික බලලම ඉන්නකෝ එහෙනම්. 

කියපු ගමන් බැහැ නොකිය ලිපිය ලියල දුන්න චාමර මල්ලිට ස්තුතියි. ඒ වගේම සිසිල සහොටත් එයා භාරගත්ත චිත්‍රපට කීපයක් ඇවිත් නිසා අද කොටසත් ගෙන්න උනේ මට. එහෙනම් එන සතියේ නැවත මුණගැහෙමු. ජය !!!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,542 downloadsDownload Titans-2018-S01E02.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

12,542 downloadsDownload Subtitles20 KB

64 comments

  1. Kaushal

    Thank you hasantha ayya. Keep it up.

  2. nimanaka

    thanks brother

  3. dsdkavishka

    Thenks aiya

  4. Uvindu Dilshan

    Thankx brother

  5. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  6. S.K. Ruchiranga

    thzz brother

  7. Denis Maneesha

    Thanks bro sub ekata
    Starfirege penuma wenas wenawa qwwe mokakada ?actress change wenawada?

  8. Iroshan Kumar

    Thanks brother

  9. Vipula Sanjaya

    <3 <3 <3

  10. Nawod Madhuvantha

    katahari puluwannam torrent link ekak dannako

  11. Nawod Madhuvantha

    Anyway,, tnx ayye sub walata.

  12. Shansenarathne

    Tnx

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය...

  14. Gayan_madushanka_

    Thanks bro

  15. Gayan_madushanka_

    Thanks

  16. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා.........!!!!!!!!!!!!!!!!

  17. Tashila

    ThanQ machan sub aka ikmanatama dunna eka.digatama sub karamu.....

  18. Alpha

    thanks

  19. chethana lakshan

    Thank you

  20. Naveendra_rox

    Thanks

    1. Anonymous

      Thnks

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  22. kalindurukshan

    මන් E01 බැලුවා පිස්සු හැදෙන කතාවක් මන් DC ලට එහෙම කැමැත්තක් නැහැ එත් මේකනම් දිගටම බලනවා සුපිරි දිගටම කරගෙන යන්න සුබපැතුම්

  23. Deshani

    Thank You

  24. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..මේකනම් හිතුවටත් වඩා හොදට තිබ්බා..කාලෙකට පස්සේ තමා මෙච්චර ආසාවෙන් Dc එකක් බලන්නේ.. දිගටම සබ් දෙමු. බුදුසරණයි..ජය වේවා!

  26. geeganagamage

    මම පළවෙනි කොටස බැලුවා කියන්න වචන නැහැ සුපිරිම ට්වි සීරියස් එකක් . බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .

  27. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  28. Mr.pamz

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    ජය වේවා!!!!!!!

  29. Nilush Angana

    Sub ekata thanx

  30. madawaththa

    Tnx broh..

  31. Lahiru Kekulandara

    thanks bro!

  32. pradeep darshana

    Ela sahoo subeka

  33. Ayesh Prashan

    Thank You

  34. VidurangaHDH

    Mahansi wela ikmanta sub denwata THANKZZ.

  35. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා......

  36. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  37. RKO

    Thanks bro

  38. Ravindu Rukshan

    Thx

  39. Nilupul Madukapriya Perera

    සබට බොහොම ස්තුතියි හසෝ..
    සිසිලිට ෆිල්ම් ඇවිල්ලා හරි ඔහේට
    මේ එපියත් ලැබුනා නෙව.. නාහෙන් අඩ අඩානේ උන්නෙ..

  40. Shehan putha

    thanks brw..

  41. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  42. Udara Damith Dissanayaka

    niyamayi 0..0.

  43. KasunRe

    බොහොම ස්තූතියි සාහෝ......

  44. ශසිත් සඳරුවන්

    සබට තුති හසා අයියේ...
    මේකත් ගත්තා ඕං...
    අදම බලන්න ඕන.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  45. Lakshan

    Thanks Bro.

  46. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. futureomega

    thanks for sub

  49. dileksha123

    කවුරු හරි මට කියන්න .මේ Titans කතා මලාව DC Film වලට සම්බන්ද ද කියලා මේක ගෝතම් සිරියස් එකක් එක්ක සම්බන්දයකුත් නැද්ද

    සබ් එකට ගොඩක් ස්තුති

Load more comments