කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපි…

කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපිට දැනගන්න ලැබිලා අවසන්. පස් දෙනෙකුගෙන් ආරම්භ උන යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ටයිටන් මිතුරු හවුල දෙදරා යන්න මූලික හේතුව උනේ මේ කතා මාලාව පුරාම තම ආධිපත්‍යය හොබවපු ස්ලෙඩ් විල්සන් හෙවත් ඩෙත්ස්ට්‍රෝක් නිසා කියල මීට ප්‍රථම විකාශය උන කොටස් වලින් අපි දැනගත්තා. මම මගේ කලින් ලිපියකිනුත් ඔයාලට විස්තර කලා ඩෙත්ස්ට්‍රෝක් කියන්නේ කවුද වගේම ඔහුගේ දරුවන් කවුද ඒ අයට තියන බලය කොයි වගේද කියල.
ඒ විස්තරයේ හැටියට ජෙරිකෝ, රෝස් දෙදෙනාටම විශේෂ හැකියාවන් පිහිටලා තියෙනවා. ජෙරිකෝ කියන්නේ තමන්ගේ ආත්මය එහෙමත් නැතිනම් සිහිය වෙනත් සිරුරකට රැගෙන ගිහින් ඒ සිරුර පාලනය කරන්න පුළුවන් කෙනෙක්. රෝස් කියන්නේ ජෙරිකෝගේ එකකුස උපන් සහෝදරියක් නොවන බවත් මම ඒ ලිපියේදී කිව්වා. ඒ වගේම ඇයට ඉක්මනින් සුවවීමේ හැකියාව පිහිටා තිබෙනවා. මේ සෑමදෙයක්ම ජෙරිකෝ සහ රෝස් දෙදෙනාට ලැබුනේ තමන්ගේ පියා වන ඩෙත්ස්ට්‍රෝක්ගෙන්. ඒ වගේම රෝස් විශේෂ නමකින් ඇය හඳුන්වා ගනු ලබනවා. රෝස්ට කියන අනුවර්ත නම තමයි රැවෙජර් කියන්නේ. ඇය සටන් පුහුණු වෙන්නේ ඩෙත්ස්ට්‍රෝක්ගෙන් සහ එසේ පුහුණුව ලබා දෙන්නේ ටයිටන් කණ්ඩායම විනාශ කරන බලාපොරොත්තුව එක්ක. එහෙම තමයි ඩෙත්ස්ට්‍රෝක් රෝස්ව ටයිටන් කණ්ඩායමේ රහස් හොයන ඔත්තු කාරියක් විදිහට ඇතුලට එවන්නේ. එත් ටයිටන් ඒ සහ ඇය එක්ක හිටිය ජේසන් නිසා ඇයගේ මේ අදහස් වෙනස් උනා. දැන් ඩෙත්ස්ට්‍රෝක්ට තමන්ගේ දුවත් එරෙහි වූ අවස්ථාවක අපි මේ ඉන්නේ. ඒ වගේම ජෙරිකොට මරණය සිද්ධ වෙන අවස්ථාවේ උනේ මොකද්ද කියල අපි කලින් කොටසේදී දැක්කා. ජෙරිකෝ දැන් ඉන්නේ ඩෙත්ස්ට්‍රෝක්ගේ ඇඟේ ඔහු හිරවෙලා ඉන්නේ. ඔහුගේ ආත්මය ඩෙත්ස්ට්‍රෝක් තුල තියෙනවා කියල අපි මුලින් දැක්කේ ඩෙත්ස්ට්‍රෝක් සහ ඩික් දෙදෙනා ජෙරිකොගේ ගෙදරදී මුණ ගැහුන අවස්ථාවේදීයි. ඒ බව කලින් කොටසෙන් අපිදුටුවා. ජෙරිකෝගේ මරණය නිසා ඩෙත්ස්ට්‍රෝක් කිව්වා ටයිටන් කණ්ඩායම එකතු වෙන්න හැදුවොත් ඔවුන් සියල්ලක්ම මරා දමනවා කියල. දැන් නැවත ටයිටන්ලා එකතු වෙන්න සියල්ල සූදානම් වෙලා තියෙන්නේ. ඒ බව ඩෙත්ස්ට්‍රෝක් මේ වන විට දැනගෙන ඉන්නේ. ඩෙත්ස්ට්‍රෝක් හදන්නේ ටයිටන් විනාශ කරන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන. ඩික් ග්‍රේසන් කිව්වම මතකෙට එන අනික් නම වෙන්නේ රොබින් නෙමෙයි “නයිට්වින්ග්” ටයිටන් ආරම්භයේ පටන් අපි හැමෝම බලන් හිටියේ නයිට්වින්ග් කොයි මොහොතේ හෝ අපිට දකින්න ලැබේවි කියල. ඔව් ඒ අවස්තාව අපිට මේ කොටසේ ප්‍රචාරක පටය මගින් දකින්න ලැබුනා.
මේ කොටස වෙන් වෙන්නේ ඒ අලුත් ඇඳුම සහ ඩික් ග්‍රේසන්ගේ ඒ පරිවර්තනය ඔබට පෙන්නුම් කරන්න. ඒ වෙනුවෙන් බෘස් වෙයින් විසින් ඔහු වෙනුවෙන් වෙනම ඇඳුමක් නිර්මණය කරලා තියෙනවා කලින් කොටසේදී අපි දැක්කා. ඉතින් ඒ අලුත් ඇඳුමත් එක්ක ඩික් ග්‍රේසන්ට අලුත් විදිහකට ඩෙත්ස්ට්‍රෝක් එක්ක සටනකට අවතීර්ණ වෙන්න අද ඉඩකඩ ලැබේවි. ඒ වගේම ඔයාලට කියන්න ඕන ලෙක්ස් ලුතෝර්ට අයිති Cadmus නමැති විද්‍යාගාරය තුල නිර්මාණය උන සුපර්මෑන් සහ ලේක්ස්ගේ DNA වලින් හැදුන සුපර්බෝයිව මේ කතා මාලාව තුල නව චරිතයක් උනා. ඉතින් තවමත් ලෝකයට අලුත් කෙනෙක් උන සුපර්බෝයි තවමත් ඉන්නේ ලෝකය ගැන කිසිම දැනීමකින් තොරවයි. දැන් ඔහු සහ ගාර් හෙවත් බීස්ට් බෝයි ඉන්නේ Cadmus අත් අඩංගුවේ. ඔයාල දැක්කා කලින් කොටස් වලදී ගාර්ව පාලනය කරන්නේ ඒ ලැබ් එකේ ඉන්න කාන්තාව මගින් කියල. එත් අපිට සුපර්බෝයි ගැන දකින්න ලැබුනේ නැහැ. ඒ ගැන අද කොටසේදී අපිට දකින්න ලැබේවි. මේ සියල්ල එක්කම මේ දෙවන කතා මාලාවේ අවසන් කොටස සමගින් අපිත් සමුගන්නවා. එත් බයවෙන්න දුක් වෙන්න එපා. තවත් කතා සමයක් අපි වෙනුවෙන් ඉදිරියේදී සූදානම් කරන්න නිෂ්පාදකවරු කොළ එලි දල්වා අවසන්. එහෙනම් ගිහින් එන්නම්. මේ කතාවේ උපසිරසි කරන්න එකතු වූ රොයිලි, චාමර. අශාන්, ලහිරු සහ නිලුපුල් සියලු දෙනාම මතක් කරන්න ඕන. ආයෙත් මුණ ගැහෙනකන් හැමෝටම ජය!!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,878 downloadsDownload Titans.2018.S02E13.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
45 comments
MinethSithmaka
Pavara Rashmika
thanx bro sub ekata enakamna balan hitiya ep ekak ikmnata sub dammatathanx
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් ටිකට.. :)
මේකත් ඉවර වෙච්ච එකේ Supergirl season 05 එකටත් සබ් දෙනවද මචං තාම 7වෙනි episode එක ඇවිල්ල තියෙන්නෙ :)lakmal karunathilaka
suprima series ekak, subs dunna hamotama godak tnks.
Kanchana
බොහොම ස්තුතියි සහෝ
Piumi vinodya
Thaks sub 1ta
Gayan_madushanka_
Thanks bro
Shehan putha
Thanks brothers !
anil chamara123
Oyala hemotama bohoma stuti. Jayne jaya wewa.
Doctor_paradox
බොහොම ස්තූති සහෝදරයා. ඊළග සීසන් එක එන්නේ කොයි කාලෙද?
sumith madusanka
THanks
naveen67
thanks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Cocdilshan
❤13 එනකමි බලාගෙන හිටියේ ගිය සෙනසුරාදා ඉදන් Session 03 එකට තව කොච්චර කල් යයිද
sacheee35
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.......ඊලග season එක එනකන් බලාගෙන ඉන්නවා
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරිම කතාවක්....
එපිසෝඩ් එක ආපු ගමන් සබ් අරන් ආපු හැමෝටම ස්තුතියි...
Season 3 එකත් ආවහම අරන් එමු...ruchiralakmal
Thanks for the sub!!!!!!!!
Nuwandika Dil
Thanks kattiyatamaaaaa
nirmal de davin
tnq
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Eshan Rashmika
ස්තූතියි ♥️
ජයLshariyawansha
Tnkss ylu
Nadeesha rox alahakoon
Tnx bro subt. Me series ekanum supiriyatama thibuna
Hiran Eranda
thanks for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..මේ එපිසෝඩ් එකට තමා මුලු සීසන් එකේම බලන් හිටියේ..සීසන් එක පුරාවටම උපසිරස දුන්න හැමෝටම ගොඩක් ස්තූති..ඇත්තම කතාවනම් බයිස්කෝප් ටයිටන්ස්ලා ටික තමා මේකට එකතු වෙලා හිටියේ.. ජය වේවා..බුදුසරණයි..!
madawaththa
ස්තූතියි සහෝ..
tv malli
digatama apita upasirasa laba dunnata ogalanta ithuthii.....
c queen
thanks bro. waiting for s3
Ayesh Prashan
Thank You
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Gopala
Rising Dion, the society, daybreak, the rebel (Korean),sun ona
maxek500
sub aka depu hamotama thanks.............................
Naveen Rangana
Thanks for Subtitle.........
Jayawewa.........!!!!!!!!!!!Dhanuka
Ada idan season 3 denawa neda *_*
Nilupul Madukapriya Perera
ස්තුතියි හසී
Nadeesha rox alahakoon
Tnx bro sub wlt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ....................good luck .......................
Akash hasendra
Thanks #bro
priyan99
Thanks bro sub ekata
Sajithlakshan
thanks ................
Pahan Tharu
Tnx Bro
Anonymous
thanka
Dhanuka
Ada idan season 3 denawa neda *_*
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අම්මෝ එනකම් ඇගිලි ගැන ගැන බලන් හිටියේ තෑන්ක්ස් වේවා බ්‍රෝ,උපසිරැසියට