Watch Trailer

Tokyo Ghoul (2014) [E01:02] Sinhala Subtitles | මිනිසුන් තවදුරටත් ආහාර දාමයේ මුල් පුරුක නෙමෙයි!! [සිංහල උපසිරැසි සමඟ]

Tokyo Ghoul කියන්නෙ Dark Fantasy, Horror, Thriller ගණයට අයිති ජපන් ඇනිමේ නිර්මාණයක්. මේක 2011 දී මේ නමින්ම නිකුත් වුනු සුයී ඉෂිදා විසින් රචනා කරන ලද ජපන් චිත්‍ර කතාවක් ඇසුරින්, ඕදාහිරෝ වතානබේ විසින් අධ්‍යක්ෂණය කර 2014 දි විකාශනය වූ ඇනිමේ සීරීස් එකක් . මේකෙ 2 වනි සීසන් එක Tokyo Ghoul √A නැත්තන් Root…

Tokyo Ghoul කියන්නෙ Dark Fantasy, Horror, Thriller ගණයට අයිති ජපන් ඇනිමේ නිර්මාණයක්. මේක 2011 දී මේ නමින්ම නිකුත් වුනු සුයී ඉෂිදා විසින් රචනා කරන ලද ජපන් චිත්‍ර කතාවක් ඇසුරින්, ඕදාහිරෝ වතානබේ විසින් අධ්‍යක්ෂණය කර 2014 දි විකාශනය වූ ඇනිමේ සීරීස් එකක් . මේකෙ 2 වනි සීසන් එක Tokyo Ghoul √A නැත්තන් Root A නමින් 2015 දී නිකුත් වෙනවා. 3 වෙනි සීසන් එක Tokyo Ghoul : re නමින් මේ අවුරුද්දෙ අප්‍රේල් මාසයේදී විකාශය වීමට නියමිතයි. මේ වෙනකොටත් ඒකෙ ට්‍රේලර් 2ක්ම නිකුත් වෙලා තියෙන්නෙ. මුල් සීසන් දෙකම විනාඩි 25 කොටස් 12 බැගින් තියෙන්නෙ. රේටින්ග් අතින් ගත්තොත් IMdb 8.0 වගේ ඉහළ අගයක් ලබාගෙන තියෙන්නෙ. ඒ වගේම ලෝකෙ ජනප්‍රියම ඇනිමේ ලයිස්තුව අතර තියෙන නියමම නිර්මාණයක්.

මුලින්ම අවුරුදු 16ට 17ට අඩු කට්ටිය නොබලනවනම් හොඳයි කියලා පටන් ගන්නම්. වෙන දෙයක් නෙමෙයි බලන්න අපහසු දර්ශන දිගටම තියෙන නිසා. සිදුවීම වෙන්නෙ මෙහෙමයි. ටෝකියො නුවර මිනිස්සුන්ට වඩා ආහාර දාමයෙ උඩින් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ තමයි ගූල්ලා කියන්නෙ. ආහාර දාමයෙ උඩින්ම ඉන්නවා කියන්නෙ ගූල්වරුන්ගෙ ආහාරය තමයි මිනී මස්. මෙයාලා ඉන්න නිසා ටෝකියෝ කියන්නෙ තව දුරටත් ජීවත් වෙන්න හොඳ තැනක් නෙමෙයි. මිනිස්සු ජීවත් වෙන්නෙ භයේ. රෑ එළියට තනියෙම කවුරුත් යන්නෙ නෑ. කොයි වෙලාවෙ තමන්ගෙ ජීවිතේ ගූල් කෙනෙක්ට බිලි වෙයිද දන්නෙ නෑ. මිනීමස් කෑවට ගූල්වරු රාස්සයෝ වගේ භයානක පෙනුමක් තියෙන අය නෙමෙයි. එයාලත් මිනිස්සුන්ගෙ පෙනුමම තියෙන වෙනස් කරලා අඳුනගන්න බැරි පිරිසක්. එකම වෙනස එයාලා කන්නෙ මිනී මස් වෙන එක. මේ ප්‍රශ්නෙ නිසා ටෝකියෝ වල ගූල්ලො මැඩලන්න ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඒක හඳුන්වන්නෙ සීසීජී කියලා. ටෝකියෝ වල වීදි වෙන් කරලයි තියෙන්නෙ පරිපාලනයට ලේසි වෙන්න. මේ හැම වීදියකම සීසීජී ශාඛාවකුත් ස්ථාපිත කරලා තියෙන්නෙ. මෙහෙම දේවල් සිද්ධ වෙන අතර කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන කෙන් කනෙකි ජීවත් වෙන්නෙ ටෝකියෝ වල 20 වෙනි වීදියේ. 20 වෙනි වීදිය කියන්නෙ ගූල් අපරාධ අඩුම ප්‍රදේශය. ඒක අනිත් වීදි වලට වඩා ජීවත් වෙන්න පුළුවන් සාමකාමි තැනක්. එහෙ සාමකාමීව ඉන්න කනෙකිට එක දවසක් ඒ සාමකාමී ජීවිතේ අත්හරින්න වෙනවා. ඒ කනෙකි කැමතිම ගෑණු ළමයා එක්ක කතා කරන්න කනෙකිට අවස්ථාව ලැබෙන දවසෙමයි. ඒ දවස ජීවිතේ සතුටුම දවස වගේම කරුමම දවස වෙයි කියලා කනෙකි හීනෙකින්වත් හිතන්නෙ නෑ. බලලා රසවිඳින්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.

6,991 downloadsDownload Tokyo-Ghoul-Season-1-E01-02.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

6,991 downloadsDownload Subtitles26 KB

20 comments

  1. Nipunel

    කවුද හිතුවෙ Tokyo Ghoul සිංහල උපසිරැසි එක්ක බලන්න පුලුවන් වෙයි කියලා ගොඩක් ස්තූතියි!!!!!!!!!!!!!

  2. Ishan Madusha

    හොදම දේ නිතරම අපට ලබා දෙනවට ගොඩක් ස්තූතියි
    මේවට තමයි නියම surprise කියන්නේ.උපසිරැසි බලාපොරොත්තුවෙන්
    හිටිය සීරිස් එකක්.කරපු වැඩේ නම් ගොඩක් වටිනවා
    ජයම වේවා!

    1. Eren

      Attack on titan season 4 walata sub dennko

  3. podda

    ambo menna denakota denawa madi nokiyanna. great work!!!! niyamai sis. sub ekata thanks!!!!!!!!!!!!

  4. geeganagamage

    නියමයි.බොහොම ස්තූතියි සුපිරි

  5. Chanu mikhail

    ohhhh.... niyamaiiiiii..... , anime walata sub dena aya adu nisa oyage sub watinawa sis, ela digatama anime walat sub demu..., thank u.......!!!!!!!!!!!!! :) me wage katha walata sub labei kiyala hithuwewath na, niyamai sis., jayaweva.,!!

  6. Navodani Thilini Sasanika

    Thank You, Hemotama

  7. dcdweerawardhana

    Thank you very much :-)

  8. msachith57

    sub walata godak thanks :) kaata hari puluwanda meke season 1 download karaganna torrent link ekak denna

  9. Vidura

    Anime wala sub dena ekata thanks sis :)

  10. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤ අද තම ඔක්කොම කොටස් ටික බලන්ඩ හිතාගෙන ඉන්නේ
    නියමයි

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Amalka Himeshan

    තැන්ක්ස් නවෝ සබ් එකට

  13. sam fisherr

    කාටහරි කිව්වොත් පට්ට story යක් තියන මිනි කන කතාවක් තියනව කිව්වො කවුරැත් විස්වාස කරයිද?? මම නම් මලාට විස්වාස කරන්නැ එත්මේක බලනකොට තමා තේරෙන්නෙ මාරම ලස්සනයි. 2වෙනි සිසන් එකනම් සුපිරි 3 වෙනි එක මුලදි බොරිං වගෙ දිබ්බට සුපිරියට ඉවර උනා ඉලග එක දෙනකම් මගබලන් ඉන්නේ!!!.ස්තුති පිංංංංං

  14. සචින්ත කල්හාර බෙනට්

    thanks akki

  15. AnjanaSolomon

    Violet evergarden සීරීස් එකෙත් සබ් දෙන්නකො අක්කෙ

  16. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට.ඔයා සබ් සුපිරියටම කරලා තියෙනවා.තවත් ඇනිමේ වලට සබ් ඕනේ...❤️

  17. Chanu

    Attack on titan season 4 walata sub dennko

  18. madhu sathsarani

    Kohenda video hoyaganne me sub ekata gelapena

  19. nimal

    thanks for the sub..... hunter x hunter ekatath sub dennako