කතාමාලාවෙ අවසාන කොටස අරන් ඇවිත් තියෙනවා. ටික දෙනෙක් වුනත් මේ කතාව බලපු අයට ස්තූති කරන ගමන් ටෝකියෝ ගූල් කථාවට අවසාන සමුදීම කරන්න යන්නෙ. ඇනිමෙ එක ගැන කිව්වොත් සීසන් 3 සහා 4 තිබුන ඇනිමේෂන් වලට බොහෝ රසික පිරිසක් කැමැත්තක් පළ කලේ නෑ. මොකද සීසන් 1 සහා 2 තුළ තිබුන හැඟීම් ප්‍රකාශණය අවසන් සීසන් දෙකෙන් ඒ හැට…

කතාමාලාවෙ අවසාන කොටස අරන් ඇවිත් තියෙනවා. ටික දෙනෙක් වුනත් මේ කතාව බලපු අයට ස්තූති කරන ගමන් ටෝකියෝ ගූල් කථාවට අවසාන සමුදීම කරන්න යන්නෙ. ඇනිමෙ එක ගැන කිව්වොත් සීසන් 3 සහා 4 තිබුන ඇනිමේෂන් වලට බොහෝ රසික පිරිසක් කැමැත්තක් පළ කලේ නෑ. මොකද සීසන් 1 සහා 2 තුළ තිබුන හැඟීම් ප්‍රකාශණය අවසන් සීසන් දෙකෙන් ඒ හැටි පළකලේ නෑ කියලයි එයාලා කියන්නෙ. මාත් පෞද්ගලිකවම අන්තිම සීසන් දෙකේ ඇනිමේෂන් වලට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් කතාව වැදගත්.
මං එහෙනම් කලින් කොටස් දෙක මතක් කරන්නම්.
කනෙකි විශාල රාක්ෂකයෙක් බවට හැරෙනවා. මේක වෙන්න මොකක්හරි දෙයක් රුකුලක් වුනා කියන එක පැහැදිලියි. ඒ වගේම ඒක ෆුරුතා ඇති කරපු එකක් කියලත් පැහැදිලියි. මේ වගේ ලොකු රාක්ෂයෙක් හැදෙන්න තරම් මොකක් හේතු වෙන්න ඇද්ද කියලා තාම කියන්න බෑ. ඒක අද කොටස් දෙකෙන් තමයි බලන්න වෙන්නෙ. මේ වෙලා තියෙන දේයින් ගොඩ එන්න, කනෙකිව බේරගන්න විශාල පිරිසක් එකට එකතු වෙනවා. කනෙකිට අවශ්‍ය කරපු දේ අන්තිමට කනෙකිව බේරගන්න ඇත්තක් බවට පත් වෙනවා. ගූලයොයි මනුස්සයොයි එකට එකතු වෙනවා. එයාලා සේරම එකතු වෙලා කනෙකිව එතනින් බේරගන්නවා. ඒත් ෆුරුතා අවසානෙදි මතක් කරනවා කිසිම දෙයක් තාම ඉවර නෑ කියලා. මේ රාක්ෂයව විනාශ කරනවා කියන්නෙ මුළු මිනිස් සංහතියම ගූලයන් බවට පත්වෙනවා කියන එකද. දැන් හරි හොඳ දෙයක් වෙයි කියලා හිතුවට සේරම එන්න එන්න නරක් වෙලා තියෙන්නෙ. කනෙකිගෙ අනාගතේ කොහොම වෙයිද? කනෙකි විඳපු දුක් වලට එයාට සතුටක් ලැබෙයිද? එහෙනම් අවසාන කොටස් දෙකත් රසවිඳින්න. ටෝකියෝ ගූල් නැරඹුවට ස්තූතියි.
හිදේ ගැන රසකථා…
කලින් 10 වෙනි කොටසෙදි කනෙකිට සිහියට ආවට පස්සෙ හිදේ එයාව මුණ ගැහෙනවනෙ. මං මේ කියන්න යන්නෙ සීසන් 2 එකෙන් නොපෙන්වපු චිත්‍ර කථාවෙ ඇතුළත් වුන පුංචි සිද්ධියක් ගැන. සීසන් 2 අවසානෙදි කනෙකි හිදේව සුදු රෙද්දකින් වහලා අත්දෙකෙන් උස්සන් එනවා මතක ඇති නේද.? එයා හිදේ එක්කමයි අරීමා එක්ක හැප්පෙන්න යන්නෙ. ඒත් චිත්‍ර කථාවෙදි කනෙකි අරීමා ගාවට යන්න කලින් හිදේ එයාව මගදි නවත්තනවා. හිදේ කියන්නෙ ඉස්සරහා ඉන්නෙ සිසීජී මාරයා, ඔයාට ඔය විදියට තුවාල එක්ක ගිහින් එයා එක්ක හැප්පෙන්න බැහැ කියලා. ඒ නිසා එයා කනෙකිට කියන්නෙ “මාව කන්න” කියලා. එතනින් පස්සෙ ඒ කොටස අවසන් වෙනවා, එතනින් පස්සෙ තමයි re ආරම්භ වෙන්නෙ. දැන් ආයෙ ඊයෙ දුන්න එපිය පැත්තට හැරුනොත් කනෙකි හිදේට කියනවනෙ මං ඔයාගෙ මූණට කරපු දේ මට බලන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ කනෙකි හිදේව අර වතාවෙ කෑවා කියලා අනුමාන කරන්න පුළුවන් වගේම ඒක තහවුරුත් වෙලා තියෙනවා. ඒත් හොඳම දේ තමයි මේ ගැන රසිකයන්ගෙ ආකල්ප. කියවගෙන යන්න.
ආමොන් එකපාරක් අහනවා හිදේගෙන් ඇයි මේ හැමදෙයක්ම කනෙකි වෙනුවෙන් කරන්නෙ කියලා. එතකොට ඇනිමෙ එකේදි හිදේ කියන්නෙ “මං එයාට කැමති නිසා” කියලා. ඒත් ඔරිජිනල් පරිවර්ථනයෙදි, චිත්‍ර කථාවෙ හිදේ ආමොන්ට උත්තර දෙන්නෙ “මොකද මං එයාට ආදරේ කරන හින්දා” කියලා.

ඒක අනිවාරෙන් යාළුවෙක් විදියට කරපු ප්‍රකාශයක් තමයි. හිදේ කනෙකිට එයාගෙ පුළුවන් උපරිමෙන් උදව් කළා. එයා අවසාන මොහොතෙත් කනෙකිට එයාගෙ ශරීරය ලබාදෙනවා ජීවත් වෙන්න කියලා. එදා හිදේ එහෙම කලේ නැත්තන් අද කනෙකි මෙතන නෑ. ඉතින් රසිකයො කියන්නෙ හිදේගෙ මූණටම මෙහෙම දෙයක් වෙන්න හේතුව එයාලා අතර වුන හාදු හුවමාරුවක් කියලා . ජපන් සංස්කෘතියෙ සමලිංගික ආශ්‍රයන් කියන්නෙ එදිනෙදා දෙයක්. ඒ නිසා ඇනිමෙ රසිකයන් එහෙම හිතන එක පුදුමයක් නෙවෙයි. කොහොමහරි හිදේ කනෙකිට මුළු කථාව පුරාම ලොකු බලපෑමක් කළා.

සාමාන්‍යයෙන් අළුත් චරිතයක් හඳුන්වලා දෙනකොට ඒ චරිතෙ උපන්දින, උස වගේ පෞද්ගලික තොරතුරු එළි දක්වන එක කතෘවරුන්ගෙ සාමානය දෙයක්. ඒත් මේ හිදේට කතාව පුරාවටම කිසිම පෞද්ගලික තොරතුරක් තිබුනෙ නෑ. එයාගෙ Wiki පිටුවෙ අවසාන පරිච්ඡේදය නිකුත් වෙනකන්ම දැක්වුනේ “No Data” යනුවෙන්. මේ නිසා තව රසික මතයක් වුනේ හිදේ කියන්නෙ කනෙකි හිතෙන් මාවගත්ත, පාළුව නිසා මානසිකව දර්ශණය වෙන රූපයක් කියලා. ඒක ඇත්ත කියලා ගොඩක් අය විශ්වාස කළා.
එතකොට Tokyo Ghoul Root A (Season 2) වල නිල පෝස්ටරෙ දකින්න ලැබෙන්නෙ කනෙකි හිදේව අත්දෙකෙන් උස්සන් ඉන්න දර්ශණයක්. මේ පෝස්ටරය නිර්මාණය කරපු කලාකරුවට රචකයන් පවසලා තියෙන්නෙ, රෙදිකඩෙන් එළියෙ තියෙන අත, මිනිස්සුන්ට ගෑණු කෙනෙක්ගෙද පිරිමි කෙනෙක්ගෙද කියලා වෙන්කරලා අඳුනගන්න බැරිවෙන විදියට අඳින්න කියලා.

ඒකෙන් සීසන් 2 එකේ ඇනිමෙ ආරම්භක ගීතයෙදි (Muno) කනෙකිගෙ වෙස්මුහුණ ගලවලා දාන අත හිදේගේ කියලා ඔප්පු වෙනවා වගේම සීසන් 2 අවසාන ජවනිකාවට දක්වපු ඉඟියක් විදියටත් ඒ කොටස සළකනවා.

එහෙනම් මෙච්චර කල් නැඹුවට ස්තූතියි.
ඔව් ඔව් අළුත් එකක් දෙනවා. 2018 විකාශය වුනු, ලෝකය පුරා ඇනිමෙ රසිකයන්ගෙ වසරේ ජනප්‍රියතම ඇනිමෙ එක ලෙස නම්කෙරුනු, ඇනිමෙ එක ඉක්මණටම බලාපොරොත්තු වෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,657 downloadsDownload Tokyo-Ghoul-Re-Part-2-E23-E24.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
27 comments
Virajcom
Gathsara Umesh
බොහෝම ස්තූතියි අක්කේ..❤️
ගොඩාක් ලස්සනට සබ් එක කරා සීසන් හතර පුරාවටම..
ඉක්මනට ඊලග ඇනිමියෙන් හමු වෙමූ....❤️Gathsara Umesh
බොහෝම ස්තූතියි අක්කේ..❤️
ගොඩාක් ලස්සනට සබ් එක කරා සීසන් හතර පුරාවටම..
ඉක්මනට ඊලග ඇනිමියෙන් හමු වෙමූ....❤️
මග නතර නොකර කලාට අයිත පාරක් ගොඩාක් ස්තූතියි ..❤️Chanu mikhail
බොහොම ස්තූතියි...
Anime walata sub denawata..
Jaya....Oshan wudith
බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
4devinda
ඔයාට බොහෝම ස්තූතියි..සියලු උප සිරැසි සඳහා... .
Janasanka
බොහොම ස්තුතියි...
KP7
Sub Ekata Thanks Sis..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiramadu95
ස්තුතියි
Stranger
thanks
Supun Lakmal
thanks ...
Bimsara_Yashan
TNX AKKE SERIES EKATAMA SUB DUNNATA
Thamanna
තැංක්ස් ඇනිමේ එකකින් හම්බවෙමූ<3
Lahiru Yasas Fernando
sub ekata thanks
puluwannam sword art online ekata sub dennakoNilekshana Sachithra
tokyo ghoul download krnna puluwn link ekk dannako
jlk
animepahe balpn
Anonymous
Talegram eken downlord karanna
Pavith Wijesooriya
නියමයි අක්කේ.මම ගොඩාක් ආසාවෙන් බලපු සුපිරිම කතාවක්.ඇත්තටම මේක ගැන කියන්න මට වචන නෑ.ඒ තරම්ම සුපිරියක්.ගොඩාක් ස්තූතියි මේ සම්පූර්ණ කතාවටම සබ් ලබා දුන්නට.සබ් සුපිරියටම තිබ්බා.ඉතින් ඉස්සරහටත් මේ වගේ සුපිරිම ඇනිමේ සීරීස් වලට සබ් ලබා දෙන්න.ජය වේවා!ආයෙත් ගොඩාක් ස්තූතියි සබ් දුන්නට.❤️
Lakshitha chanaka
TNx අක්කෙ ඔයා නැත්තන් කතාව මේ තරම් දුරට තෙරුම් ගන්න බෑ
Anonymous
thanks
NSW Gune
Thanks akke sub okkotama..Akkage sub tikai lipi tikai naththan mechchara durata kathawa therum ganna ba..
Thawa mewage katha genei kiyala hithawnapulindu
Sub එකටයි explain එකටයි මන්ගා එකේ කොටස් වලටයි ඔක්කොටම thanks ❤️❤️❤️❤️
kavindu
thanks for sub..
Dasun isurindu
Thanks akke oyata oya hodata explain karala thiyenawa apita podiwath gataluwak en nathi wenna. E wagema sub ekatath thanks.
Nuwan
මුලු series එකටම කිසි අඩුවක් නැතුව සුපිරියට Sub දීල තියෙනවා. Thank you very much ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul: re Part 2 EP11 & 12 (23&24) (2018) Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Tokyo-Ghoul-re-Part-2.jpg)



සම්පූර්න කතාවටම සබ් දුන්න ඔයාට ගොඩක් ස්තූතියි නංගි.. :-* තවත් ලස්සන්න කතා දෙන්න පුලුවන් වෙන්න සුභ පතනව.. පුලුවන්නම් gozzila anime move එකේ අන්තිම කොටසට සබ් දෙන්න..