Watch Trailer

Tom Clancy’s Jack Ryan [S01: E06] Sinhala Subtitles | බිරිද සහ දියණියන් දෙදෙනාව සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් පෙර කොටසකදී ඝාතනයට ලක් වූ පියතුමන්ගේ අනුස්මරණ කටයුතු දේවස්ථානයෙ සිද්දවෙන අතරතුරේ ඇතිවුණු ප්‍රහාරයෙන් පස්සෙ මේ ගැන මුළු ලෝකයම කතා වෙන්න පටන් අරන් තිබුනේ. ඒ විතරක් නෙවෙයි ෂෙයික් සුලෙයිමාන් අන්තර්ජාලයට විඩියෝ වගයක් පවා නිකුත් කරලා තිබුණේ. කොහොම නමුත් මේ කොටස තුලින් ප්‍රේක්ෂකයන් හට සුලෙය…

පසුගිය කොටසින්

පෙර කොටසකදී ඝාතනයට ලක් වූ පියතුමන්ගේ අනුස්මරණ කටයුතු දේවස්ථානයෙ සිද්දවෙන අතරතුරේ ඇතිවුණු ප්‍රහාරයෙන් පස්සෙ මේ ගැන මුළු ලෝකයම කතා වෙන්න පටන් අරන් තිබුනේ. ඒ විතරක් නෙවෙයි ෂෙයික් සුලෙයිමාන් අන්තර්ජාලයට විඩියෝ වගයක් පවා නිකුත් කරලා තිබුණේ. කොහොම නමුත් මේ කොටස තුලින් ප්‍රේක්ෂකයන් හට සුලෙයිමාන් පොඩි කාලෙදි පිටත ජීවීතය ගත කරපු අන්දම වගේම එතකොට මේ සමාජ ක්‍රමය ගැන එයාට තිබුණු තරහව ගැන හොදාකාරවම දකින්න ලැබුණා. එයා ප්‍රංශයේදී හුගාක් මහන්සි වෙලා වැඩ කරලා තිබුනත් ඒ වෙනුවට එයාට ලැබිලා තියෙන්නේ එයාට ලැබුණු හැම රැකියා අවස්තාවක්ම එයාට තිබුණු නම හින්දා එයාගෙන් ගිලිහිලා ගිය එකයි. ඒ කරුණු කාරණා ටිකම හොදටම ඇති ඇයි මේ සුලෙයිමාන් කියන මනුස්සයා අන්තවාදියෙක් වුනේ කියලා තේරුම් ගන්න. මේ ගැන ජැක් රයන් පවා සදහන් කළා “එයාගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා” කියලා එක්තරා තැනක කියන ගමන්.

තමන්ගේ ජීවිතේ, තමන්ගේ ආශාවල් නැතිවුන නිසා වගේම පළිගැනීමේ චේතනාවෙන් මනුෂ්‍ය ඝාතන සිදු කරන්න එල්ල කරන ප්‍රහාර වලට අමතරව මේ කතාමාලාවේ විශේෂ කරුණු කිහිපයක් ගැන ප්‍රේක්ෂකයින්ට හයිලයිට් කරලා පෙන්නන්න උත්සහ කරනවා. සුලෙයිමාන් වගේම ජැක් රයන් කියන්නේ හොදට ඉගෙනගත්ත, කැපවීමෙන් යමක් කරා මහන්සි වෙලා වැඩ කරන, හැකියාවන් තියෙන දෙන්නෙක්. ඒත් ඔයාලම හිතලා බලන්න සුලෙයිමාන් මේ වෙද්දී ත්‍රස්තවාදීයෙක් වෙන්නත් ජැක් රයන් ඇමරිකානු බුද්ධි අංශයක වැඩ කරන්නයි හේතුව වුණේ මේ සමාජ ක්‍රමයේ අවුලක් මිසක් වෙනින් දෙයක් නෙවෙයිනේ. එදා සුලෙයිමාන්ට මොන රස්සාවක් හරි හරියට ලැබුණා නම් අද මේ වෙද්දී සුලෙයිමාන් ඉන්න තැන වෙනස් වෙන්න ඉඩ තිබුණා.

දේව මැදුරට එල්ලවුණු ප්‍රහාරය ගැන වගකීම සුලෙයිමාන් තමන් ප්‍රසිද්ධියට පත් කරන වීඩියෝ වලින් මුළු ලෝකයට කියා පෑවාට පස්සෙ එයා එයාගේ සොල්දාදුවන්ව මොකක් නමුත් ලොකු සටනකට පුහුණු කරන සිද්ධීන් පෙළක් දැකගන්න ලැබුණා. ඒ වීඩියෝ පෙළ තුලම තවත් එක් වීඩියෝවක් අපිට දැකගන්න ලැබුණා. ඒ තමයි තමන්ගේ පැත්තට තවත් අය බදවාගන්න ප්‍රචාරය කිරීමක් විදිහට සලකන්න පුලුවන් විදිහේ වීඩියෝ පටයක්ද දකින්න ලැබුණා. අනික් කාරණේ තමයි සුලෙයිමාන්ගේ ක්‍රියා කලාපය දිහා දැක්කම හිතාගන්න පුලුවන් නෙහ් එයාට මිනිස්සු මේ තරම් කැමති ඇයි කියලා. මොකද කියනවනම් එයා අන් කිසිම නායකයෙකුට වඩා කාරුණිකයි. තමන්ගේ අයට මුදල්, කෑම බීම වගේම ඇදුම් පැළදුම් වලින් පවා සංග්‍රහ කරන්න අමතක කරපු කෙනෙක් නෙවෙයි.  කොටින්ම අර කලින් නායකයාගෙන් අරගත්ත වහල්ලු අතරේ හිටිය ඩොක්ටර්ට කිව්වා තමන්ට වගේම තමන්ගේ කණ්ඩායමේ ඉන්න අනික් අයගේ ඕනෑ එපාකම් ගැන ලිස්ට් එකක් හදලා සුලෙයිමාන්ට ලැබෙන්න සලස්වන්න කියලා. කලින් නායකයා වගේ ඒ මිනිස්සු ටිකව අදුරේ තියන්නේ නැතුවම සුලෙයිමාන් සෑහෙන ලොකු කරුණාවක් ඒ මිනිස්සුන්ට පෙන්නුම් කලා.

ෆ්ලෑෂ්බැක් සිදුවීම් පෙල ගැන කතා කරනවානම් වතාවක් සුලෙයිමාන් උපාධිය අරගත්ත අලුත රැකියාවක් ලබාගන්න ඉන්ටර්වීව් එකකට ගිහින් තිබුණා. එතන හිටිය ලේකම් සුලෙයිමාන් දිහා හෑල්ලුවට බලන් හිටිය අතරේ තවත් මනුස්සයෙක් සුලෙයිමාන්ට අපහාස කරන්න ගත්තා එයාගේ සපත්තුවේ ගෑවිලා තිබුණු මඩ හන්දා. ඉන්ටර්වීව් එක තියෙන කාමරයට ගියත් එක්කම එතන ඇතුලේ හිටිය තුන්දෙනා මාතෘකාවෙන් පිට පැනලා සුලෙයිමාන්ට කියනවා එයාව විශ්වාස කරන්න බැරි නිසා රස්සාවට අරගන්නත් බැහැ කියලා. ජොබ් ඉන්ටර්වීව් එකෙන් ප්‍රතික්ෂේප වෙන සුලෙයිමාන් පස්සෙ කෑම විකුණන්න පටන් ගන්නවා. මේ අතරතුරේ තමයි තමන්ගේ සහෝදරයා අලී මැරයෙක් වෙන්න දගලන්නේ එයා හැදෙන වැඩෙන පරිසරය වගේම ආශ්‍රය කරන අයගේ බලපෑම නිසාවෙන්. කොටින්ම තමන්ගේ යාළුවන් දීපු පිස්තෝලයක් පවා අලී ලග තිබුණා. මේ ගැන පොලිසියට අහු වේවි කියලා සුලෙයිමාන් හුගාක් ලොකු බයෙන් හිටියෙ. වතාවක් උද්‍යානයේ හිටිය මේ දෙන්නව පරික්ෂා කරන්න පොලිස් නිලධාරින් දෙන්නෙක් එනවා. මේ වෙද්දී අලී ගංජා පාවිච්චි කරලා හිටියෙ. මේ විත්තිය මේ දෙන්නා ලගට ආව පොලිස් නිලධාරින් දෙන්නට පවා දැනුනා. අලීව පොලිසියට අහුවෙයි කියලා බයේ සුලෙයිමාන් පොලිස් නිලධාරීන් දෙන්නට පවා පහර දීලා තමන්ගේ සහෝදරයව ආරක්ෂා කරගන්න අරමුණින් හිරේට පවා ගියා.

සිරගෙදර කාලය ගත කරපු සුලෙයිමාන්ව මොකක්දෝ මන්දා හේතුවක් නිසා දැන් පත්වෙලා ඉන්න තත්වෙට පත් කරන්න පාර කැපීමක් සිද්දවෙලා තිබුණා. මේ ගැන තමන්ව බලන්න හිරගෙදරට එන අලීට මේ ගැන සුලෙයිමාන් කියනවා අපිට දැකගන්න ලැබුණා. මේ අවුරුදු ගණනාවටම මේ දෙන්නා අතර තිබුණු මිත්‍රත්වය මොන තරම් නම් ශක්තිමත් එකක්ද කියනවනම් මේ නිසාම තමයි සුලෙයිමාන් හැමදේකදිම අලීව විශ්වාස කලෙත් වගේම එයා වෙනුවෙන් ඕනෙම අවධානමක් අරගත්තෙත්. මේ අතරේ තුර්කි සරණාගත කදවුරට තමන්ගේ දියණියන් දෙදෙනා එක්ක එන හනීන්ට යුරෝපයට යන්න ඕන වුනත් එයාට එතැනදී දැනගන්න ලැබෙනවා එයාලව ආයෙමත් සිරියාවට ගරවා යැවීමක් කරනවා කියලා. ඒත් පස්සෙ සරණාගත කදවුරේ ඉන්න මනුස්සයෙක්ට තමන් ලග තිබුණු රත්තරන් බඩු ටික දීලා හොර ක්‍රමයක් හරහා යන්න මගක් පාදගන්නවා. මේ ගැන ජැක් දැනගත්තම තීරණය කරන්නේ සුලෙයිමාන් හනීන්ව හොයාගන්න කලින් ඇයව හොයාගත්තා නම් හොදයි කියලා. විශේෂයෙන්ම සුලෙයිමාන්ගේ සහෝදරයා නැතිවුන වේදනාව නිසා එයා දුකින් වගේම ලොකු තරහකින් ඉන්නේ.

මෙ අතරෙ අහසෙ පියාසර කරන ඩ්‍රෝන් පාලනය කරන වික්ටර් දැනගන්නවා එයාගේ අතින් වැරදීමකින් අහිංසක වගේම ළමයෙකුත් ඉන්න කෙනෙක්ව ප්‍රාහාරයකදී මැරුණා කියලා. මේ ගැන ඔයාලට තුන්වැනි කොටසේ මුල හරියෙදි දකින්න ලැබෙන්න ඇති. කිසිම කෙනෙක් වික්ටර්ට දොස් පැවරුවේ නැතත් තමන්ගේ වරදකාරී බව නිසා එයාගේ අතින් වෙච්ච මේ අත්වැරැද්ද ගැන එයා සෑහෙන දුක් වෙන්න ගත්තා. තමන් කරන සුපුරුදු රාජාකාරිය තියා කිසිම දෙයක් හරි ආකාරව කරගන්න බැරිව දුක් වුණු වික්ටර්ගේ අමුතුම පැතිකඩක් තමයි මේකෙදි පෙන්නන්න උත්සහ කරලා තියෙන්නේ. මොකද ඔයාලා දකින්න ඇතිනේ වික්ටර් සූදු කෙලින්න ගියාම මොන වගේද කියලා. අවසාන වශයෙන් ජැක්ගේ පුද්ගලික ජීවිතේ ගැන කතා කරනවනම් එයාගෙයි කැතිගෙයි සම්බන්ධය ටිකක් විරසක වීමක් වුනා ජැක්ව දෙන්නෙක් ඇවිත් හෙලිකොප්ටර් එකෙන් එක්කගෙන ගිය සිදුවීම වගේම කලින් දා රෑක ජැක්ගේ ඇගේ තියෙන කැළැල් දැකපු නිසා. ජැක් කොහොම මොනවා කිව්වත් එයා කියන්නේ බොරුයි කියලා කැති දන්නවා. ඒ නිසාමද කියලා හරියටම කියන්න දන්නේ නැති උනත් කැති මේ දෙන්නා අතරේ තියෙන සම්බන්ධය ටිකක් ඈතට කරලා එයාගේ වැඩ වලට වැඩි අවධානයක් යොමු කරන්න පටන් ගන්න විත්තිය එයා ජැක්ට මේ දෙන්නගේ රෑ කෑම අරගන්න අතරතුරේදී කිව්වා.

කලින් කොටස් වගේම සුපුරුදු පරිදි මේ හයවැනි කොටසත් උණුසුම්කාරී වගේම කුතුහලය උපරිමෙන්ම තියෙනවා. ඒ නිසා අද කොටසෙ වෙන කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. මේ කොටසෙ වෙන දේ ගැන ඊලග හත්වැනි කොටස අරන් එන සහෝදරයා හොද රිවිව් එකක් ගෙනේවි කියලා විශ්වාසයි. එහෙනම් ඉතින් මේ කොටසෙ වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකො. මට පැවරුණු කොටස අහවරයි ඔන්න. ගිහින් එන්නෙම් ජය!!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,026 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S01E06.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,026 downloadsDownload Subtitles23 KB

37 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekataa. Jayama wewa......!

  2. Dinupa Perera

    Sthuthi Sub ekata...!!!! Money Heist eke 2nd season ekatath me wage dennako.......

  3. Howdy

    Ela. Thank you

  4. Buddi

    Thanks.....................

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. dsdkavishka

    Thenks bro

  8. nisala_d

    Thank you bro...!!!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    පට්ටම කතාවක්...

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. Sudheera Kasun

    Supiri yakuuuu........!

  14. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  15. Kanchana

    Thanx sahooo

  16. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. Ayesh Prashan

    Thank You

  20. Dushan Tharuka

    Thanks...jaya wewa !!!

  21. Milind@

    Thanks saho

  22. suchroxx

    Thanks Bro

  23. kodagoda

    tnx broo

  24. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoo sub ejata...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. priyan99

    thanks bro sub ekata

  27. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  28. sachithanjana

    thanks

  29. ishan1653

    Tks a lot..

  30. Recon

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  31. sadheep

    Thanks bro.....

  32. gayanmagee

    thanks

  33. Kapila4499

    thanks

  34. Sajithlakshan

    thanks ........................

  35. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  36. Rumesh Asanka

    thank you

  37. sahangayantha

    thanks a lot saho sub ekata