Watch Trailer

Castle Rock [S01 : E08] Sinhala Subtitles | ප්‍රශ්න පිට ප්‍රශ්න [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අට වෙනි කොටස අරගෙන ආවා. මේ අවස්ථාව මට ලබා දීපු අචින්ත අයියා ඇතුළු සෙට් එකටම ස්තූතියි කියන්න ඕනි. කලින් සතියෙ කොටස බලලා හැමෝම ඔළුව විකාර වෙලා ඇත්තේ නේද? සමාවෙන්න මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුනාට. අධ්‍යාපනික වැඩ ගොඩක හිරවෙලා ඉන්න අතරෙයි මේක ඔයාලට අරගෙන ආවේ. ඇත්තටම මේක දැන් මගේ ආසම කතාවක්…

ඔන්න එහෙනම් අට වෙනි කොටස අරගෙන ආවා. මේ අවස්ථාව මට ලබා දීපු අචින්ත අයියා ඇතුළු සෙට් එකටම ස්තූතියි කියන්න ඕනි. කලින් සතියෙ කොටස බලලා හැමෝම ඔළුව විකාර වෙලා ඇත්තේ නේද? සමාවෙන්න මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුනාට. අධ්‍යාපනික වැඩ ගොඩක හිරවෙලා ඉන්න අතරෙයි මේක ඔයාලට අරගෙන ආවේ. ඇත්තටම මේක දැන් මගේ ආසම කතාවක් වෙලා. මුල කොටස් ටික බලලා බාගෙට පිස්සු හැදිලා හිටියේ. දැන් තමයි ටිකක් හරි කතාව තේරෙන්නේ. ඒත් තාමත් කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා අපිට අනාවැකි කියන්න බෑනේ. හිතන දේ නෙමෙයි ඊළඟට වෙන්නේ. කොහොමහරි ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි වුන දේවල්. හෙන්රිගෙ තාත්තා මැතිව් ඒ තරම් හොඳ මිනිහෙක් නෙමෙයි කියන්න සාධක කලින් කොටසින් අපි දැක්කා. ඒ වගේම හෙන්රිගෙ සේවාදායකයා කියන්නෙ මැතිව්ගෙ තාත්තගෙ තරුණ කාලෙ කියලත් කලින් කොටසින් අපි දැක්කා. ඒ වගේම ඇලන් මැරුණා. හෙන්රි අර කුටීරය අස්සෙ හිරවුනා. ඕවා තමයි කලින් කොටසෙදි සිද්ධ වුනේ.

අද කොටසෙනුත් ඔයාලට දැනට තියෙන ප්‍රශ්න සමහරක් ඒවට උත්තර ලැබෙයි හැබැයි අලුතින් තවත් ප්‍රශ්න ඔයාලට ඇති වෙයි. ඔයාලට මතක ඇති කලින් කොටසකදි මොලීගෙන් ගේ ගත්තු කපල් එක. අද කතාවෙන් වැඩි අවධානයක් ඒ දෙන්නට දීලා තියෙනවා. හෙන්රිව අර කූටීරයෙන් බේරගන්නවා. කවුද කියලා මම කියන්නෙ නෑ ඉතින් ඔයාලටම හිතාගන්න පුළුවන් වෙයිනේ. ඒ වගේම හෙන්රි, ජැකී, මොලී තුන් දෙනාම ලොකු අමාරුවක වැටෙයි වගේ පේනවා. විශේෂයෙන්ම මොලී. මොලීට වෙන්නෙ මොකක්ද කියලා වැඩි දුර විස්තර බලන්න නම් ලබන සතියෙ කොටස එනකම් ඉන්න වෙයි. මොකද අද කතාවත් ඉවර වෙන්නේ අපේ කුතුහලේ උපරිම මට්ටමකට ගෙනල්ලා. දැන් තමයි කතාවේ හොඳම ටික. එන්න එන්නම කුතුහලේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් නෑ. ඒ හින්දා ඔයාලටම මේ කොටස බලන්න දීලා මම ගිහින් එන්නම්. ජයවේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,121 downloadsDownload Castle-Rock-S01-E08.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,121 downloadsDownload Subtitles19 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. npmuweerasinghe

    thanks

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Kanchana

    Thanx sahooo

  9. mindika

    THANKS !!!!!!!!!!!!!!

  10. Kulanjana Maduranga

    subata thanks....

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    9 වෙනි කොටසත් ඉක්මනටම ගේමු...

  12. suranuwan

    thanks...

  13. Rajitha231

    ඊලඟ එකත් ඉක්මනටම දෙන්න..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kasun@rko

    Thanks bro

  16. .Ruchikaliyanage

    Thanks billa brother for giving us helpful sub.

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  18. MAALnath

    Thanks ........good luck ...............