ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට නම් කතාව එහි උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. කියන්න ඕන නෑ මං හිතන්නෙ කොටසක් කොටසක් පාසාම කතාව අපි නොහිතන මුහුණුවරක් අරගන්නවා. ඉතිං මේ කොටසත් අපි කවුරුත් නොහිතූ විදිහට වෙනස්ම පැත්තකට කතාව යොමු ක…

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට නම් කතාව එහි උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. කියන්න ඕන නෑ මං හිතන්නෙ කොටසක් කොටසක් පාසාම කතාව අපි නොහිතන මුහුණුවරක් අරගන්නවා. ඉතිං මේ කොටසත් අපි කවුරුත් නොහිතූ විදිහට වෙනස්ම පැත්තකට කතාව යොමු කරනවා. ඉතිං තාමත් නොබලපු උදවිය ඉන්නවනම් කියන්න තියෙන්නෙ මගෑරගන්න එපා කියලා තමයි. එහෙනම් චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු.

පසුගිය කොටසෙ අපිට මුලින්ම දකින්න ලැබුනෙ මූසා සහා එයාගෙ සහෝදරයා එක්ක එකතුවෙලා වලලා තිබුන මල සිරුරක් ගොඩ ගන්න සිදුවීමක්. ඇයි කියන කාරණේ මේ කොටසින් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්වෙයි. ඒ වගේම තමයි ජැක් සහා ග්‍රියර් දෙන්නා මූසගෙ බිරිදව හොයාගෙන තුර්කියට ආවා මතක ඇති. එනදි තමල් ලාන්ස් කියන තුර්කි සරණාගත කදවුරේ කෙනෙක් මෙයාලව හම්බවෙන්නෙ. ඉතිං ලාන්ස් කියන විදිහට ජාවාරම් කාරයො මූසගෙ බිරිද සහ දරුවො තුර්කියෙන් පිටත් කරන්න ගෙනිහින් කියන කාරණේ. ඉතිං ඒ ගෙනිච්චෙ කොහෙටද කියලා දැනගන්න ලාන්ස් ජැක් සහා ග්‍රියර් දෙන්නව ටෝනි කියලා කෙනෙක් ලගට ගෙනියනවා. මිනිහත් හොද පොරක් නම් නෙවෙයි. හැබැයි තිබ්බ වචනෙ රකින ජාතියෙ කෙනෙක්, හැබැයි සල්ලි වලට. කොහොම වෙතත් ටෝනි කැමති වෙනවා යම් මුදලකට ජැක් සහ ග්‍රියර්ව සරණාගතයන් අරන් ගිය තැනට එක්ක යන්න.

ඔය අතරෙම මූසගෙ බිරිද සහා දරුවො හොයාගෙන මූසගෙ මනුස්සයෙක් එයාලා පස්සෙන් එනවා. හැබැයි මූසගෙ බිරිඳට හැකියාව ලැබෙනවා ඒ මනුස්සයට පහර දීලා ඒ තැනින් පැනලා යන්න. ඇත්තටම මේ අයව රටින් පිට කරන්න හදන්නෙ බෝට්ටු මාර්ගයෙන්. අපිට ඕන තරම් ඇහිලා තියෙනවනෙ සිරියානු සරණාගතයන් බෝට්ටු මගින් යුරෝපය වැනි රටවලට සංක්‍රමණිය වෙච්ච ප්‍රවෘත්ති. අන්න ඒ විදිහට තමයි මේ සරණාගතයිනුත් පිට කරන්න මේ ජාවාරම් කාරයො හදන්නෙ. ඉතිං ඔය අතරෙ ජැක්, ග්‍රියර් සහා ටෝනි මූසගෙ බිරිද සහා ළමයින් හොයාගෙන එනවා. පළමු නැවතුම්පොළෙන් දැනගන්නවා වෙච්ච සිදුවීම. ඉතිං ටෝනි කියනවා එයාලා යන තැනට කෙටි පාරකින් ගෙනියන්නම් කියලා. ඔය දේවල් EVD-27 කියලා වෛරසයක් ගැනත් කතාවක් යනවා. ඔව් මේ කතාවෙන්නෙ ඉබෝලා වෛරසය පිළිබඳව. මේ ගැන අද කොටසින් සවිස්තරාත්මකව දැනකියා ගන්න පුළුවන්.

ඉතිං මූසගෙ බිරිඳව හොයන් ගිය අය අන්තිමට සේන්දු වුනේ මුහුදු වෙරළකට. ඔව් එතනින් තමයි සරණාගතයින් බෝට්ටු මගින් වෙනත් රටවලට පිටු කරන්නෙ. හැබැයි මේ අයව හොයන් එන්නෙ ජැක් ඇතුලු කට්ටිය විතරක් නෙවෙයි. මූසගෙ කෙනෙකුත් මෙයාලව හොයාගෙන එනවා. මූසා නියෝග කරන්නෙ බිරිද මරලා ළමයින්ව එක්ක එන්න කියලා. හැබැයි අවසානයේ ජැක් සහා ග්‍රියර් නිසා මූසගෙ බිරිඳ සහා ලමයි දෙන්නා ආරක්ෂිතව ඇමරිකානු රජය යටතට පත් වෙනවා. ඒ වගේම ජැක්ට හැකියාව ලැබෙනවා මූසා රැදිලා ඉන්න තැන දැනගන්න.

ඉතිං අද කොටස ගොඩක් විශේෂ කොටසක් වෙනවා. මොකද අද ගොඩක් කරුණු කාරණා හෙළිවෙනවා වගේම සාර්ථකව මෙහෙයුමක් සිද්දවෙනවා, සහා ලොකු අනතුරකට පාර විවර වෙනවා. එහෙනම් Tom Clancy’s Jack Ryan කතා මාලාව තුල මට පැවරුන කාර්‍යබාරය මෙතනින් අවසන් වෙනවා. එහෙනම් මම යනවා. ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,640 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E07-1.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

10,640 downloadsDownload Subtitles24 KB

39 comments

  1. imesh98

    එලම අයියා❤️...තෑන්ක්ස් ඉක්මන්ට දෙනවට❤️✌️

  2. dsdkavishka

    Thenks .. bro

  3. nisala_d

    Thank you bro...!!!

  4. Howdy

    Thank you

  5. madhawanuwan

    Download karaganna widihak nane bro.

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    තව එක කොටසයි...
    සුපිරි වැඩක් ඉක්මනටම සබ් දීපු එක...

  7. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  8. Buddi

    Thanks...........

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. kelum2000

    හරිම ආසාවෙන් බලන කථාවක්..ඒකටම දෙවනි නොවෙන්න අනුපිළිවෙලට ලැබෙන උපසිරැසි වරුසාවක්... වචන නමි මදි ස්තුති කරන්නවත් අගය කරන්නවත්.. ශුභ පතනවා හැම දේකටම හදවතින්ම...

  11. GayaJ

    තැන්ක්‍යූ මචන් නියම සීරීස් එක සබ් දානකම් බලන් ඉන්නේ....බයිස්කෝප්ඩවුන්ලෝඩ්ස් වල නැහැනෙ තවම ඩිරෙක්ට් ලින්ක් එක දාල එපිසෝඩ් 07වලට ඒකත් පොඩ්ඩක් බලන්න...ජය

  12. Rajithmadushanka1994

    Ela

  13. Sudheera Kasun

    Thanks machan...!

  14. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  15. Kanchana

    Thanx sahooo

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. Ayesh Prashan

    Thank You

  19. Dushan Tharuka

    thanks for sub

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. Milind@

    Thanks saho

  22. klamilaniranjan

    ginas warthawakd thiyanna yanne. mara speed eke sub denawane. ehema karanawata pin.

  23. suchroxx

    Thanks Bro

  24. suranuwan

    thank you....

  25. kodagoda

    tnx broo

  26. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekataa....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. priyan99

    thanks bro sub ekata

  29. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  30. sachithanjana

    thanks

  31. ishan1653

    Tks a lot..

  32. Recon

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  33. gayanmagee

    thanks

  34. Kapila4499

    thanks

  35. Nethmitpabasara

    ගොඩාක් ස්තූතියි! උපසිරැසි නියමෙටම තිබුණා අඩුපාඩු කිසිවක් නැතිව. ගොඩක් ස්තූතියි ඔයාට!!!

  36. Sajithlakshan

    thanks ...........................

  37. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  38. Rumesh Asanka

    thank you

  39. sahangayantha

    thanks a lot saho sub ekata