හැමෝටම සුභ දවසක්. අද නමි ෆිල්ම් එකක් අරගෙන නමි නෙමෙයි ආවේ. රූපවාහිනි කතාමාලාවක් කරන්න ගොඩක් කල් ඉදලා හිතාගෙන හිටියා එත් හොද කතාවක් හොයාගන්න බැරිවුනා. මීට කලින් මම කතාමාලාවක් කරන්න භාර ගත්තා එත් හදිසි හේතුවක් නිසා මට එක කරන්න බැරිවුනා. මුලින්ම සමන් අයියාට ස්තුති කරනවා මාව විශ්වාස කරලා අවස්ථාව දුන්න…

හැමෝටම සුභ දවසක්. අද නමි ෆිල්ම් එකක් අරගෙන නමි නෙමෙයි ආවේ. රූපවාහිනි කතාමාලාවක් කරන්න ගොඩක් කල් ඉදලා හිතාගෙන හිටියා එත් හොද කතාවක් හොයාගන්න බැරිවුනා. මීට කලින් මම කතාමාලාවක් කරන්න භාර ගත්තා එත් හදිසි හේතුවක් නිසා මට එක කරන්න බැරිවුනා. මුලින්ම සමන් අයියාට ස්තුති කරනවා මාව විශ්වාස කරලා අවස්ථාව දුන්න ඒකට. කොහොමහරි මේ වසරේ ඔක්තොමිබර් 17 වෙනිදා සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ගැන කතාමාලාවක් Netflix ජාලය විසින් විකාශනය කිරිම ආරමිභ කරනවා. මේ කතාමාලාව Sci-Fi(Science Fiction) කාණ්ඩයට අයත්වන IMDB 7.6 ක අගයක් ලබාගන්න සමත්වුන සුපිරිම කතාමාලාවක්. Showcase හා Netflix ජාලයන් මෙම කතාමාලාවේ සම නිෂ්පාදනකරුවන් වන අතර කතාමාලාව කැනඩාව තුල පමණක් Showcase ජාලය මගින් විකාශනය කරන අතර කැනඩාවෙන් පිට නැත්නමි ලෝකය පුරාම Netflix ජාලය මගින් තමයි විකාශන කටයුතු සිදු කරන්නේ. Netflix එකේ විකාශනය වන කතාමාලා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ සුපිරිම කතාමාලා ටිකක් විකාශනය වුනා හා වෙනවා. Daredevil, Luke Cage, Stranger Things ඒවාගෙන් කිහිපයක්. කතාමාලාව රචනා කරලා තියෙන්නේ Brad Wright විසින්. කතාමාලාවේ රංගන ශිල්පින් ගැන කියනවානමි MacKenzie Porter (මර්සි), Eric McCormack(ග්‍රෑන්ටි මැක්ලර්න්), Nesta Cooper(කාර්ලි), Reilly Dolman(පිලිප් පියර්සන්) හා Jared Abrahamson(ට්‍රෙවර්) යන අය රංගනයෙන් දායක වෙනවා. දැන් ටිකක් කතාව ගැන බලමු.
දැන් වැඩිපුරම කතා කරන මාතෘකාවක් නේ කාලතරණය කියන්නේ. අපි ඒක ගොඩක් චිත්‍රපට වල වගේම රූපවාහිනි කතාමාලා වල දැකලා තියෙනවානේ. හොදම උදාහරණය තමයි අපි හැමෝම නරඹන The Flash කතාමාලාව. මේකත් කාල තරණය කිරිමි ගැන කතාවක් තමයි. එත් ටිකක් වෙනස් විදිහේ කාලතරණය කිරිමක්. වර්තමානයේ මිනිසුන් කරන වැරදි නිසා අනාගතයේදි මිනිස් ජාතිය විනාශ වේලා සියගාණනක් පමණක් ඉතුරු වෙනවාලු. සමහරවිට මේ වෙන දෙවල් එක්ක ඒක ඇත්තටම වෙයිද දන්නෙත් නැහැ. කොහොමහරි ඒ නිසා ඉතුරු වුන අය නව තාක්ෂණයක් සොයාගන්නවා වර්තමානයට ගිහින් කරපු වැරදි නිවැරදි කරලා මිනිස් ජාතිය විනාශ විමෙන් ආරක්ෂා කරන්න. ඒක නිකන් කාලතරණයක් විතරක් නෙමෙයි. වර්තමානයේ කෙනෙක් මිය යාමත් සමඟම අනාගතයේ කෙනෙක්ගේ විඥනය හා මනස ඒ සිරුරට ඇතුල් වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ කෙනා ඇත්තටම මියයනවා එත් ඒ සිරුරේ ඉන්නේ අනාගතයෙන් ආපු කෙනෙක්. දැන් ඔයාලට තේරනවා ඇතිනේ වෙන දේ. ඉතින් මේ සංචාරකයෝ කියන අය කාලතරණය කරලා වර්තමානයට මම කලින් කියපු විදිහට එනවා. මේ සංචාරකයන් වර්තමානයේ වෙන හැමදේම දන්නවා මොකද ඒයාලාට කලින් මේ දෙවල් ඒ විදිහටම සිදුවෙලා තියෙන නිසා. ඉතින් මර්සි, ග්‍රෑන්ටි, කාර්ලි, පිලිප් හා ට්‍රෙවර් යන අය කණ්ඩායමක් විදිහට මේ දෙවල් වෙන ඒක නතර කරන්න උත්සහා කරනවා.
මේ කතාමාලාව කොටස් 12 කින් සමන්විත වන අතර දැනට කොටස් 8 ක් විකාශනය වේලා තියෙනවා. පලමු කොටස ගැන කතා කරමුකෝ දැන්. මර්සි කියන්නේ බුද්ධිමය අබාධිත තත්වයක් තියෙන පුස්තකාලයක වැඩ කරන පිරිසිදු කිරිමේ කාත්තාවක්. ඇය යමිකිසි පිරිසකගේ පහරදිමක් නිසා මියයනවා එ් වගේම අනාගතයෙන් කෙනෙක් ඒ සිරුරට ඇතුල් වෙනවා. කාර්ලිට ඔහුගේ සැමියා පහරදිම නිසා මිය යනවා. ට්‍රෙවර් සටන්කරුවෙක් ඔහු සටනක් අතරතුර දී මියයනවා. පිලිප් මත්ද්‍රව්‍යට ඇබිබැහි වුන කෙනෙක් ඔහු මත්ද්‍රව්‍ය එන්නත් කරන අවස්ථාවකදි මිය යනවා. මේ විදිහට ඔවුන් මියගිහින් අනාගතයෙන් පැමිණෙන සංචාරකයෝ ඒ ඒ සිරුරු වලට ඇතුළු වෙනවා. දැන් කණ්ඩායමේ 4 දෙනෙක් සමිපුර්ණයි. එත් එක්කෙනෙක් අඩුයි ඒ තමයි කණ්ඩායමේ නායකයා ග්‍රෑන්ටි. ඉතින් කොහොමද ඔහු මිය යන්නේ කියලා හා කොහොමද මිනිසුන්ව මේ විනාශයෙන් බේරගන්නේ කියලා බලන්න කතාව බලන්නම වෙනවා. ඇත්තටම මේක නියම කතාමාලාවක් පලමු කොටස බාගෙන බලන්න කියලා කියනවා. ඔයාලා අනිවාර්යෙන් දෙවැනි කොටස බලනවා. වාර්තාවේ අඩුපාඩු ඇත් නමි පෙන්නලා දෙන්න කියලා කියනවා. එහෙනමි දිගටම මේ කතාමාලාව එක්ක රැදෙයි කියලා හිතනවා. 218MB ටොරෙන්ටි ඒක බාගන්න. එහෙනමි මිළඟ කොටසින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.2016.S01E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
2,194 downloadsDownload Travelers.2016.S01E01.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
21 comments
Gathsara Umesh Kumara
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
leo
thkz bro,puluwanm dc legend tomorw akt sub dipan,luke cage ake complte kranm hodi
Mahesh
Sub ekata thanx
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
thisal
සබ් එකට තැන්ක්ස්..........
Sanindu Lakkitha
Thnx saho sub ekata. Me dawas wala balanna tv series ekak netuwa hitiye... arrow,falsh dekama aye February ena nisa. Mulu season ekatama sub eka denna saho.. jaya wewa... Budusaranai..
Sanath Indika
thx broo
Udara Damith B/K
ඉක්මනට අනිත් කොටස් ටිකත් දෙන්ඩ.
මේ දවස් වල බලන ට්වි සීරියස් නිවාඩු ගන්න නිසා මේක අනිවාර්යෙන්ම බලනවා
නතර කරන්ඩ එහෙම එපෝKasun Widusha
Tnx aluth ekak wage balamuko ehenam..epi 2 t ikmanata dendaa
sampath1126
Thanks bro.....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Randunu
Thank u yalu Sub ekata. Gdk aya kiyanawa wage Apita denata telecast wela tiyena epi walata sub dennako plz. Apita blnna hoda tv s ekak ne. Plz
Manoj
thnks saho
Suu
thank u
Kl
S2-3 eke sub dennakoo brother
SANJEEWA-GUNAYA
ela
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Anonymous
Season 2/3 sub එකත් දෙන්නකෝ...plz
Amila konara
සහෝ sons of anarchy tv series එකට සබ් දෙනවද
savindusk
meke amzn walata sub update krannako bro.bisecopedownload site eke wath video copyies nane.amzn ewa witarayi dn tiyenne atnith torrents wada kranne nane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අලුත් කතාවක් පටන් අරගෙන වගේ.නියම්යි නියමයි...කතාව මම ආසම වරගයකට අයත් එකක්.ඔක්ක්ම බාන්වා අයියේ..ඔන්න නවත්තන්නෙ ඇතුව පුලුවන් ඉක්නට(ෆ්ලෑෂ් වගේ පරමද නොකර)ඕනෙ හොදේ..එහෙනම් ඉක්මනිම් ඊලග එපියෙන් හමුවෙමු....ජයාවේවා එතෙක්....!