ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ දෙවෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වය නිසා මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද උනාට ඊලඟ කොටස් ටික හැකි ඉක්මනින් ලබා දෙන්න උත්සාහ කරනවා. මේ දෙවෙනි කොටසටත් 9.1/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙ…
ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ දෙවෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වය නිසා මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද උනාට ඊලඟ කොටස් ටික හැකි ඉක්මනින් ලබා දෙන්න උත්සාහ කරනවා. මේ දෙවෙනි කොටසටත් 9.1/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙනවා. මේ කොටස රූපවාහිණියේ ප්‍රචාරය උනේ 2014 ජනවාරි මස 19 වෙනිදායි. මෙම කොටසින් රහස් පරීක්ෂක රස්ට් කෝල්ගෙ ජීවිතේ අඳුරු පැතිකඩ පෙන්නුම් කරන බව තමයි විචාරකයන් පවසන්නේ.
ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ රහස් පරීක්ෂවරු දෙදෙනාට අපූරු විදිහට ඝාතනය කරපු කාන්තාවක් ගැන හොයන්න පැවරෙනවා කියලා. නමුත් හිතාගෙන ඉන්න තරම් ලේසියෙන් මේ ඝාතන සිද්ධිය විසඳන්න ලැබෙන්නෙ නෑ. ඒ උනාට මිය ගිය කාන්තාව කවුද කියලා ඔවුන්ට හොයාගන්න පුලුවන් වෙනවා.
මේ කොටසෙදි කෝල් සහ මාටි විසින් මිය ගිය කාන්තාව වන ඩෝරා නැමැත්තියගේ නෑදෑයන් සහ හිතවතුන් සොයාගෙන ගිහින් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරනවා. එම ප්‍රශ්ණ කිරීම් වලදී ඩෝරා ගණිකා නිවාසයක වැඩ කල බවත් එහිදී ඇය නිතර නිතර පල්ලියකට ගිය බවත් අපේ රහස් පරීක්ෂකවරු දෙපලට දැනගන්න ලැබෙනවා. ඒ ගණිකා නිවාසය පිහිටි ස්ථානය ගැන කවුරුවත්ම හරියට කියන්න දන්නෙ නැහැ. ඒ නිසා ගණිකා නිවාසය තියෙන තැන හොයාගන්න එක ඔවුන්ට ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම අපේ මේ රහස් පරීක්ෂක වරුන්ට මේ පරීක්ෂණය සිදු කිරීමට යම් යම් බාධාවන් ඇති වෙනවා. එහෙම වෙන්නේ අනිත් සිද්ධි වලට වඩා මේ සිද්ධිය විසඳීමට ඔවුන්ට සෑහෙන්න කාලයක් ගත වෙන නිසා.
ඉතින් යාළුවනේ, අපේ රහස්පරීක්ෂවරුන්ට අර ගණිකා නිවාසය හොයාගන්න පුළුවන් වේවිද? එහේ ඉන්න අය ඩෝරා ගැන හෝඩුවාවක් ලබා දේවිද? ඇය නිතර නිතර ගිය පල්ලිය මොකක්ද? ඇගේ මරණය හා එම පල්ලිය අතර යම් සම්බන්ධතාවයක් තියෙනවද? යම් යම් දේ දකින තැනැත්තා කවුද? කෝල්ට සහ මාටිට මෙම පරීක්ෂණය සිදු කිරීමට ඇති බාධාවන් මොනවද? රස්ට් කෝල් ගෙ ජීවිතේ අඳුරු පැතිකඩ මොකක්ද? කියලා කතාව බලලම දැනගන්න. ඉක්මනින්ම තුන්වන කොටසින් හමුවෙමු. හැමෝටම ජය වේවා!!
11,757 downloadsDownload True.Detective.S01E02.zip121 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
26 comments
නලින්
Shammi
ස්තුතියි... අනික් කොටස් වලටත් ඉක්මනින් දෙන්න...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල දිනිදු මචෝ...
කලින් කොටහ බැලුවා..නැගලා ගියා වැඩේ....
මේකත් මේ බාන්න්න දාල තමයි මේ කොටන්නේ..
මචෝ මේකත් මේ එක කතා තේමාවක් යටතේ දිගට යන කතාවක් නේද?
මොකද මට අනිත් එව්වා හරියන්නේ නැහැ..මම ලගදි ඒක වටහ ගත්තේ..
එක එක සතියකට එක එක ප්‍රශ්න(ඕල්මොස්ට් හියුමන්, ඉනේලිජන්ස් වගේ) ..එපා වෙනවා...
එහෙනම් මෙන්න දන් සබැ ගන්නවා..
ජය වේවා..Hansa
නියමයි සහෝ බොහොම ස්තුතී.
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)සමීර කරුණාරත්න
මේක මම දිහටම බලන කතාවක්, මේ වෙනකොට 4 වෙනි කොටසත් බලලා තියෙන්නේ හැබැයි මම මුල් එක ආයේ සිංහල උපසිරස එක්ක බැලුවා මොකෝ අමුතු ආරකට රස්ට් එහෙම කතා කරන්නේ, අත්තටමනා මාරු කතාවක් බොහොම ස්තුතියි සිංහල උපසිරැස එක්ක අරගෙන එනවාට.
amilatk
jayen jaya!!!
tharanga
ජයවේවා!!!!
ccnp
Thnanks
wow
wow,,, maru :D
“චූටී මල්ලි”
එල එල
සබ ගත්තා
3යි 4යි ඉක්මනට දෙන්නෝ
සබට තුති
ඔබට ජය.........harsha
සෑහෙන පිටිපස්සෙන් ඉන්නේ අද (ඉරිදා) 5වෙනි කොටසත් යනවා. කොහොම උනත් ඔබට ස්තූතියි
shani
thanks
tharu
kathwanm maxxxxxxxxxxxxxxxxxxa ah digatama demu hode..
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharu
ilaga tikath ikmanata demuko saho.....................:-D
Rivindu
THE AFTER KIYALA ALUTH TV SERIES EKAK AWILLA.
X - FILES HADAPU AYAGE ALUTH WEDAK.tharu
meka aye dene nada saho. me wage ratings tiyna series 1k nawathina eknm aparade..
IsuruD
Thanx...
Rashmika
elz saho..meuwa tma apita ona..superb tv series 1k..thanks lot mekt sub denwt
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍prabath
thanks bro
kasun
thanks bro ! jaya wewa
isuru
thanks bro!
MAALnath
Thanks ..................good luck ..........................
Mano
Godak Sthuthi. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S01 : E02] | යම් යම් දේ දැකීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/True-Detective.jpg)


ස්තුතියි දිනුදු අයියා
ජය වේවා!