ඔන්න යාළුවනේ ඔයාලට True Detective කතා මාලාවේ 4 වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ගෙනාවා. තුන්වෙනි කොටස උපසිරැසි ගැන්නුවට පස්සේ චිත්‍රපටි 4ක් එක දිගට උපසිරැසි ගන්වපු නිසා මේකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දෙන්න සෑහෙන්න ප්‍රමාද උනා. දැන් කොටස් 8ම විකාශනය වෙලා ඉවරයි. මේ කතාව බලන කට්ටිය වගේම ලැබෙන අදහස්…
ඔන්න යාළුවනේ ඔයාලට True Detective කතා මාලාවේ 4 වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ගෙනාවා. තුන්වෙනි කොටස උපසිරැසි ගැන්නුවට පස්සේ චිත්‍රපටි 4ක් එක දිගට උපසිරැසි ගන්වපු නිසා මේකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දෙන්න සෑහෙන්න ප්‍රමාද උනා. දැන් කොටස් 8ම විකාශනය වෙලා ඉවරයි. මේ කතාව බලන කට්ටිය වගේම ලැබෙන අදහස් දැක්වීම් ප්‍රමාණයත් ගොඩක්ම අඩු උනාට මේ කතා මාලාවේ ඉතුරු කොටස් හතරත් පුළුවන් තරම් ඉක්මනට ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මේ කොටස රූපවාහිණියේ තිරගත උනේ 2014 පෙබරවාරි 09 වෙනිදා. මේ කොටසට IMDb වෙබ් අඩවියේ 9.8/10ක තරම් ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ කොටසෙදි මේ කතා මාලාව වෙනස්ම ස්වරූපයක් ගන්නවා කියලත් කියන්නම ඕන.
මෙතෙක් කතාව දැන් ඔයාලට අමතක වෙලත් ඇති. ඒ නිසා ටිකක් මතක් කරලා දෙන්නම්. රස්ටින් කෝල්ගෙ නින්ද නොයෑමේ රෝගය ප්‍රයෝජනයට අරගෙන සිදු කරන විමර්ශනයෙදි ඔහුට ඩෝරා ගෙ මිණිමැරුමට සමාන තවත් මිණිමැරුමක් ගැන හොයා ගන්න ලැබෙනවා. ඒ ලිපි ගොනුව අධ්‍යයනය කරාම මිනීමරුවා කවුද කියලා හොයා ගන්නත් ඔහුට හැකියාව ලැබෙනවා. මිනීමරුවගෙ නම තමයි රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්. ඒ වගේම රස්ට් සහ මාටි ට දැනගන්න ලැබෙනවා මේ ලෙඩුක්ස් නැමැත්තා හිරේ හිටිය අන්තිම මාස කිහිපයේ ඔහුගෙ මැදිරි සගයා වෙලා හිටියේ ඩෝරා ගෙ හිටපු පෙම්වතා බව. ඉතින් අපේ රහස් පරීක්ෂකයන් දෙන්නා ඩෝරා ගෙ හිටපු පෙම්වතාගෙන් නැවතත් ප්‍රශ්ණ කරනවා. එහිදි ඔවුන්ට ලෙඩුක්ස් ඉන්න තැන ගැන හෝඩුවාවක් ලැබෙනවා. නමුත් ලෙඩුක්ස්ට ලේසියෙන් ලං වෙන්න පුළුවන් තැනක නෙවෙයි ඔහු ඉන්නේ..
ඉතින් යාළුවනේ.. අපේ රහස් පරීක්ෂක වරුන්ට ලැබෙන හෝඩුවාව අනුව රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් නැමැති ඝාතකයා ඉන්නේ කොහේද? ඇයි ඔහු ඉන්න තැනට ලේසියෙන් ලං වෙන්න බැරි? කවුද ඔහුව ආරක්ෂා කරන්නේ? ඔහු ඉන්න තැනට යන්න අපේ රහස්පරීක්ෂකවරු දෙපල මොන වගේ උපක්‍රමයක් භාවිතා කරයිද? කොහොම හරි ඔවුන්ට ලෙඩුක්ස්ව අල්ලගන්න පුළුවන් වේවිද? නැත්නම් අපේ රහස්පරීක්ෂකවරුන්ගෙන් මේ සිද්ධිය විසඳන එක නැවත අරගෙන කාර්ය බලකායට බාර දේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!
140 MB කොපිය මෙතනින් බාගන්න d0cc6d435ada473431574053ebf3118a3f4a2683 375 MB කොපිය මෙතනින් බාගන්න f8a2aa50ed45664c3eada3caedf96ec9c5f6a17a 1.6 GB කොපිය මෙතනින් බාගන්න abe95e4c2bf49c1fd99eba0dbe0591b965439042 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,820 downloadsDownload True.Detective.S01.-E04.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
24 comments
chandima
නලින්
ස්තුතියි දිනිදු අයියා !
ජය වේවා!
charith
නියමයි
මේක නියම කතාවක්
ඉතුරු ටිකත් ඉක්මන්ටම දෙන්න.dinidu madushanka
ela rela saho denakam hitiye jaya wewa
shammi
Machan ituru kotas tikath ikmanata diyyan pin sidda wei...........
Jayen jaya wewashani
thanks
නිපුන්
Maxxaaa
Kulanjana Maduranga
subata thanks DINIDU saho.jaya wewa........
nalaka
thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
appe, බොලේ මම හිතුවා මේක අමතක වෙලාවත්ද කියලා..
පොඩ්ඩක් පරක්කුයි නම් තමයි, අවුලක් නැ..
තව කොටස් හතරනේ, බඩු දීලා දාමු ඔහේ,
මොකෝ අපේ වෙලාවක් යන එකක් කියලය..
අපිට ඉතිං ෂපාන් එකේ බලන්නනේ තියෙන්නේ...
ජය වේවා,,Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)max
thanx bro..! :D
Naveen
Yalu LOST and VAMPIRE DIARIES TV Series wala sub ikmanata dennooooooooooooo :) :) :) :)
harsha
ආ දිනිඳු කොහොමද සහෝ සෑහෙන කාලයකින්. මම හිතුවා ආයිත් නම් ඉතින් මේ සීරීස් එකේ ඉතුරු ටික ලැබෙන්නේ නෑ කියල. මටත් මතක් නෑ තුන්වන කොටසේ තිබුනේ මොකක්ද කියලාවත්. මම කොටස් අටක් බාගෙන බලාගෙන ඉන්නවා. ඔන්න එහෙනම් සබ බාගත්තා ස්තූතියි ඔබට
Vimukthi
niyamai..Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම මෙච්චර පට්ට එකක් ඇයි මෙච්චර අඩුවෙන් බාන්නෙ? අපේ අයගේ රුචිකත්වය ඇමරිකාවෙ අයගේ රුචිකත්වයට හාත්පසින්ම වෙනස් වගේද? ජය෴෴ :P :P
nuwan
ela ela thank you bro...
“චූටී මල්ලි”
එල
අනික්වත් ඉක්මන් කරමු
සබට තුති
ඔබට ජය..........Rashmika
thanks lot saho...superb tv series 1k
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍isuru
thanks bro!
MAALnath
Thanks .................good luck .....................
melinda
thank you
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S01 : E04] | කවුද එහෙට යන්නේ…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/True-Detective.jpg)

නියමයි බලාගෙන හිටියේ ඔන්න මම බැවා ජයෙන් ජය... සුබපැතුම්