Watch Trailer

True Detective [S02 : E03] | කාර් රථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ගියවර කොටසෙදි වැල්කොරෝ ට වෙඩි පහරල් දෙකක් වැදුනත් ඔහු මිය ගිහින් තැනි බව මෙවර කොටස බලන ඔයාලට දැකගන්න පුළුවන්. ඔහු මිය ගිහින් නැත්තේ ඔහුට වෙඩි තැබූ උණ්ඩ ඇත්ත උණ්ඩ නොවූ නිසයි. හැබැයි ඒ ව්‍යාජ…

True Detective SE2-3

ඔන්න යාළුවනේ  ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ගියවර කොටසෙදි වැල්කොරෝ ට වෙඩි පහරල් දෙකක් වැදුනත් ඔහු මිය ගිහින් තැනි බව මෙවර කොටස බලන ඔයාලට දැකගන්න පුළුවන්. ඔහු මිය ගිහින් නැත්තේ ඔහුට වෙඩි තැබූ උණ්ඩ ඇත්ත උණ්ඩ නොවූ නිසයි. හැබැයි ඒ ව්‍යාජ උණ්ඩ වලින් ඔහුගෙ ඉළඇට වලට හාණි වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට පෙර පරිදි ක්‍රියාදාම කටයුතු කරන්න අපහසුයි.

මෙවර කොටසත් ගලාගෙන යන්නේ අපේ රහස් පරීක්ෂකයින් තිදෙනා විසින් බෙන් කැස්පර්ගෙ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණය මතයි. බෙන් කැස්පර්ගේ දුරකථන තොරතුරු සසඳලා බලද්දි මේ පරීක්ෂකයන්ට හොයාගන්න ලැබෙනවා නගරාධිපති නිවසෙන් බෙන් කැස්පර්ට රාත්‍රී කාලයේ ‍සෑහෙන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් අරගෙන තියෙන බව. ඒ වගේම බෙන් කැස්පර්ගෙ මිනීමැරුම සිදු උන දවසේ වෙන්චුරා නගරයේ ට්‍රැෆික් කැමරා වලට අසු වූ කැඩිලැක් වර්ගයේ කාර් රථයක ඡායාරූප ද අපේ පරීක්ෂකයන් විසින් හොයාගන්නවා. එම කාර් රථය ගැන හොයලා බලද්දි එය බෙන් කැස්පර් සහය නිෂ්පාදනය කල චිත්‍රපටියක රූගත කරන ස්ථානයකට අයත් වූ මෝටර් රථයක් කියලා දැනගන්න ලැබෙනවා. ඒ අතරේ ෆ්‍රෑන්ක්ගෙ සහායකයෙක්ව කෲර අන්දමින් ඝාතනය කරලා තියෙනවා. බෙන් කැස්පර්ගෙ ඝාතකයා කවුරු උනත් ඔහු දැන් ෆ්‍රෑන්ක් පස්සෙන් එන බව ෆ්‍රෑන්ක්ට වැටහෙනවා. ඉතින් මේ මිනීමරුවා කවුද කියලා හොයාගන්න ෆ්‍රෑන්ක් විසින් නොගන්න උත්සාහයක් නෑ.

මීට අමතරව රේ වැල්කොරෝගෙ බිරිඳව දූෂණය කරපු මිනිහා මරා දැමීම සම්බන්ධයෙන් පොලිසියේ සැකය රේ වෙත යොමු වෙලා තියෙනවා.  ඒ සම්බන්ධයෙන් විමසීමට රේ ගෙ බිරිඳගේ ගෙදරට පොලිස් පරීක්ෂකයන් දෙදෙනෙක් ගිහින් තියෙන බව රේ ට දැනගන්න ලැබෙනවා.

ඉතිං යාළුවනේ. මේ මෝටර් රථය කාගෙද? කවුද ඒක ධාවනය කරවන්නේ?  නගරාධිපති තුමා බෙන් කැස්පර් එක්ක මොන විදිහේ ගණුදෙනුවක් කරන්න ඇතිද? ෆ්‍රෑන්ක්ට මිනීමරුවා ගැන මොනවද හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

True Detective (2014) on IMDb

 

 

321 MB කොපිය මෙතනින් බාගන්න 64459492278B20439EE90AA815FB2DF31E54051A 450 MB කොපිය මෙතනින් බාගන්න 6FFD0D288FEA915BAAF634073828D1A6FD428AAB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,531 downloadsDownload True.Detective.S02E03-baiscopelk.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes              Next Episode>>              

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,531 downloadsDownload Subtitles67 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    මම හිතුවේ මෑන් ඉවරයි කියලා.
    එහෙම උනොත් ඉතින් වැඩක් නැනේ.
    Hannibal වලින් හමු වෙමු..

    ජය වේවා !!!

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    මේ සීරීස් එකේ තේමා ගීතය පවා සුපිරි.මේකෙත් එහෙමයි කලින් සීසන් එකෙත් එහෙමයි.
    ගීත කොටස් වලට පවා සබ් එක දාන එකනම් නියම වැඩක්!
    එහෙනම් ගත්තා!ජයවේවා!

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. kalana

    thanks mcn

  6. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  7. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ මෙන්න සබ ගත්තා ජය වේවා !!

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙන්න වැඩක්....
    මරු බඩුවක් නේ...
    හොරා වගේ ඉවරම කරලා නේද?
    මමත් හිතුවේ අපේ වැල්කොරෝ ඉවරම තමා කියලා..
    යාන්තන්ම් ඇති...
    නියමයි නියමයි දිනිදුවෝ...
    ඊළඟ කොටසේදී නම් මෙහෙම වෙන්නේ නැහැ හොඳේ...
    සොරි...
    ජය වේවා!!

  9. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු..............

  10. Jack

    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  11. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු. ජය වේවා !

  12. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. prabhath

    thanks HEVC x265 copyyatat galapenawa thanks

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. Akalanka

    Thnx Bro.........

  16. roshan

    Thank you anek kotaseth sub ikmnata danna.

  17. jessybmlt

    me wage thda series walata sub demu machoooo............ thanks wewaaa...........

  18. sadheep

    Thanks bro........

  19. MAALnath

    Thanks .........................good luck ...................

  20. Mano

    Godak sthuthi.. Jaya wewa!