රහස් පරීක්ෂක කතා බලන්න කැමතිද? කොහොම ඒවටද කැමති? එක එපියෙන්ම දඩ බඩ ගාලා හොරු ටික ඇල්ලුවා, ඔක්කොම විසඳුවා, ඊලඟ පරීක්ෂණයට ලෑස්තිවුනා. ඒ වගේ ඒවද? එහෙම විසඳන්න පුළුවන් සිදුවීමුත් ඇති. නැහැ කියලා කියන්නෙ නෑ. හැබැයි ප්‍රායෝගිකව හැමවෙලේම එහෙමද? දවසෙන් දෙකෙන් හැමදේම විසඳෙනවාද? සමහර අපරාධ පරීක්ෂන තියෙනවා ජී…

රහස් පරීක්ෂක කතා බලන්න කැමතිද? කොහොම ඒවටද කැමති? එක එපියෙන්ම දඩ බඩ ගාලා හොරු ටික ඇල්ලුවා, ඔක්කොම විසඳුවා, ඊලඟ පරීක්ෂණයට ලෑස්තිවුනා. ඒ වගේ ඒවද? එහෙම විසඳන්න පුළුවන් සිදුවීමුත් ඇති. නැහැ කියලා කියන්නෙ නෑ. හැබැයි ප්‍රායෝගිකව හැමවෙලේම එහෙමද? දවසෙන් දෙකෙන් හැමදේම විසඳෙනවාද? සමහර අපරාධ පරීක්ෂන තියෙනවා ජීවිත කාලය පුරාම විසඳන. තමනුත් ඒ පරීක්ෂණයෙ කොටසක් වෙන. එය තමන්ගෙ ආත්මය තුලට ම කිඳා බහින. සැබෑ රහස් පරීක්ෂකයන්ට තමන්ගේ සමහර පරීක්ෂණ ඒ වගේ. ඉතින් මේ තියෙන්නෙත් සැබෑ ලෝකයේ සැබෑ රහස් පරීක්ෂකයන්ගේ කතාවක්.
True Detective. අහල ඇති නේද? අහල නැත්තන් දැන්මම ටිකක් හොයල බලන්න. ගූගල් එකේ ටිකක් ගහල බලන්න. ආවා නේද? ඔව්, IMDb අගය 9ක්. ප්‍රේක්ෂක, විචාරක, ඇගයීම්, සම්මාන අතින් කිසි අඩුපාඩුවක් නෑ. එහෙනම් මේකෙ බලන්න වටින මොනවම හරි ඇති නේද? එහෙම හිතුනනම් නොබලපු අය හැම කෙනෙක්ටම ආරාධනා කරනවා කතාවත් එක්ක එකතු වෙන්න. බලපු අය ගැම්මට එහෙනම් සීසන් 3ත් බලන්න පටන්ගමු. හැබැයි ඊට කලින් තවත් මං මේක විස්තර කරන්න, අගය කරන්න කැමතියි. මොකද අනිත් එපිවලින් දීර්ඝ විස්තරයක් කෙරෙන එකක් නෑ. ඒ නිසා මේ ටිකත් කියන්නම්.
Season 1
ඔව්. කතාව ආරම්භය සිද්ධ වෙන්නෙ 2014දී. මේ සීසන් එකට ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා වගේම අදටත් බොහොමයක් දෙනා හොඳම සීසන් එක විදියට සලකන්නේ මේක. Matthew McConaughey, Woody Harrelson ඇතුළු ප්‍රතිභාපූර්ණ නළු නිලි කැලගේ රංගනයත්, විශිෂ්ට තිර රචනයත් ඇතුළු හැම දේම ඒකට හේතුවක් වෙන්න ඇති. ඒ වගේමයි සංගීතය සහ තේමා ගීතය. මේකෙ විතරක් නෙවෙයි. සීසන් තුනේම තේමා ගීත පට්ටයි. දාම ඝාතකයෙක් පසුපස හඹායන රහස් පරීක්ෂකයින් දෙදෙනෙකුගේ කාල පරාසයන් දෙකකදී ලබන අත්දැකීම් සම්බන්ධවයි කතාව ගොඩනැගෙන්නේ.
Season 2
මේක විකාශය වෙන්නේ 2015 වර්ෂයේදී. පෙර කතාමාලාවට සාපේක්ෂව යම් පසුබෑමක් තිබුනා. ප්‍රතිචාර අතිනුත් ඒක ටිකක් දකින්න ලැබුනා. හැබැයි මේකත් ඇත්තටම හොඳ සීසන් එකක් මටනම්. දේශපාලනයත් ඇතුළු කතාව ටිකක් සංකීර්ණ වුන නිසා මේකෙ සංකීර්ණ බව වැඩිවුනා කියල තමයි ගොඩක් අය කියපු කරුණක් වුනේ. රංගනය ගැන කතා කරනවනම් කිසිම අඩුවක් නෑ. Collin Farell, Rachel McAdams, Vince Vaughn වැනි පිරිසක් තමා මේකෙ හිටියෙ. මිනීමැරුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන නිලධාරීන් තිදෙනෙක් වටා තමා ප්‍රධාන ව කතාව ගොඩනැගෙන්නේ. කොහොම වුනත් මෙහි අවසානයට මං පුද්ගලිකව කැමතියි.
Season 3
ඒ කිව්වෙ මෙන්න මේ සීසන් එක. මෙය විකාශය වුනේ 2019 වර්ෂයේදී. ආයෙත් True Detective හරි පාරට ආව සීසන් එක කියල මං මේක හඳුන්වන්න කැමතියි. මොකද පලවෙනි කතා සමයට සමානකමක් මෙවර නැවතත් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම පලවෙනි එකේ ඩබල වගේම මේකෙත් ඩබලකගෙ වැඩක් තමා තියෙන්නෙ. මං හිතන්නෙ ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාරවලින් පවා මේ ඩබලගේ වැඩේ ඉතා සාර්ථක වුන බව තහවුරු කරනවා. මෙවර Mahershala Ali සමගින් Stephen Dorff රහස් පරීක්ෂකයින් දෙදෙනා විදියට එකතුවෙනවා. ඊට අමතරව Carmen Ejogo, Scoot McNairy වැනි අයත් රංගනයෙන් එකතුවන අතර මෙවර කතාමාලාවත් කොටස් අටකින් සමන්විත වෙනවා.
කුඩා ළමුන් දෙදෙනෙකුගේ අභිරහස් අතුරුදහන් වීම ගැන පරීක්ෂණ කරන රහස් පරීක්ෂකයින් දෙදෙනෙකුගේ එම සිදුවීම සම්බන්ධ අත්දැකීම් වකවානුවන් තුනක දී ගලා ගෙන යන ආකාරයටයි කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. කතාව කාල රාමු තුනක දිගහැරෙනවා. දිනක හවස සෙල්ලම් කරන්න ගෙදරින් පිටත්වෙලා යන අයිය නගෝ දෙන්නා තමන් පැවසූ වෙලාවට නොපැමිනි නිසා බිරිඳගෙන් වෙන්වී තම දරුවන් දෙදෙනා සමග ජීවත්වන පියා මුලින්ම අඳුනන කරන අයට කතා කරල බලනවා. නමුත් කාලය යන්න යන්න ඔවුන් නැවත නොපැමිනි නිසා පසුව ඔහුට පොලීසියේ පිහිට පැතීමට සිදුවෙනවා. ඉතින් මේ සිදුවීම ගැන විමර්ශනය කරන්න ඒ වෙලාවේ රාජකාරියේ යෙදී සිටිය වේන් හේස්ට සහ රෝලන්ඩ් වෙස්ට්ට භාර කෙරෙනවා. ඉතින් මෙතනින් එහා කතාව එක්ක එකතුවෙලාම බලන්න කොහොමද කියල. ආයෙත් මතක් කරන්නම්. මේකෙ සීසන් එකෙන් සීසන් එකක් වෙනයි. සීසන් වල සම්බන්දයක් නෑ. ඉතින් කලින් ඒවා නොබැලුවත් මේක බලන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසත් ඉක්මනින්ම ලැබෙයි. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,933 downloadsDownload True-Detective-S03-E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
13 comments
sachintha
Madhu@7
එළ කිරි. කාටහරි පුළුවන් නම් The Killing 2011 tv series එකටත් සබ් දෙන්න කියන්න. ඒක පට්ට පදුරුවක්.
Supun harshika
Pin Machan ubalata
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....Suranjan
Thanks jayawewa......!
kasun@rko
Supirii saho
Lasa_Sadaru
elaa thanks
pasindu
thank brother meka balagena hitapu ekk
Anonymous
Meka danakan maga balan unne, anit evat ikmanta damu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu16
පළවෙනි සීසන් එක තුන්දාහකටත් වඩා බලලා තිබ්බාට මේකට දෙසීයක්වත් පිරිසික් නැති එක කනගාටුක්.
Anonymous
Thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි