Twisted Metal [S01 : E01] Sinhala Subtitles ආයුබෝවන් කියන ගමන් බයිස්කෝප් ලෝලීන් සියලු දෙනාවම අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. 2023 මේ වසරේ නිකුත් වුණ අලුත් ටීවී සීරිස් එහෙකට තමයි අද මං උපසිරැසි අරගෙන එන්න අඩිතාලම තිබ්බේ. සීරිස් එකේ නම ඔයාලා මේ වෙනකොටත් දන්නවා, ඒ ” Twisted Metal “. ඉතින්, බයිස්කෝප් ව…

ආයුබෝවන් කියන ගමන් බයිස්කෝප් ලෝලීන් සියලු දෙනාවම අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. 2023 මේ වසරේ නිකුත් වුණ අලුත් ටීවී සීරිස් එහෙකට තමයි අද මං උපසිරැසි අරගෙන එන්න අඩිතාලම තිබ්බේ. සීරිස් එකේ නම ඔයාලා මේ වෙනකොටත් දන්නවා, ඒ ” Twisted Metal “. ඉතින්, බයිස්කෝප් වෙබ් අඩවිය වෙත මං අරගෙන එන හත්වෙනි උපසිරැසිය තමයි Twisted Metal කියන්නෙ. තියෙන කාර්යයබහුලත්වයත් එක්ක තමයි මේ සීරිස් එකට උපසිරැසි ඔයාලට අරගෙන එන්නෙ. ඒ නිසාමයි උපසිරැසි ගේන්න ටිකක් ප්‍රමාද වෙන්නත් හේතුව.
ඉතින් Her: Chapter 1 තෙලිඟු චිත්‍රපටයට උපසිරැසි කිරීමෙන් පස්සෙ ඉංග්‍රීසි චිත්‍රපටයකට හෝ කතාමාලාවකට උපසිරැසි කරන්න ඕන කියලා හිතුවා. ඉතින් මොකක්ද ඒකට තියෙන හොඳ ෆිල්ම් එකක් හෝ ටීවි සීරිස් එකක් හොය හොය ඉද්දි මට මේ Twisted Metal සීරිස් එක හම්බුණේ. ඉතින් මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන මට මේ සීරිස් එක උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු විමා සහෝටත්.
ඉතින් මේ Twisted Metal කියන්නෙ, Sony Interactive Entertainment එක විසින් ඒ නමින්ම ප්‍රකාශයට පත් කරලා තියෙන වාහන සටන් වීඩියෝ ක්‍රීඩාවක් පදනම් කරගෙන ගොඩ නැඟුණු ටීවී සීරිස් එකක්. මේ Twisted Metal සීරිස් එකේ මුල්ම කතාංගය රිලීස් වෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 27 වෙනිදා. කතාංග 10 කින් සමන්විත වෙන මේ සීරිස් එකේ එක් කතාංගයක් මිනිත්තු 30 ක වගේ කාලයක් ඇතුලත සීමා වෙනවා.
ඒ වගේම Peacock ආයතනය වෙතින් නිකුත් වෙන, අනාගතවාචක ප්‍රබන්ධ ගණයට අයත් මේ සීරිස් එක IMDb දර්ශකයේ 7.4/10 ක අගයක්ද කුණු තක්කාලි දර්ශකයේ 68% අගයක් වගේම ගූගල් පරිශීලක අගය 75% ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නළු නිලි කැළ වශයෙන්, Avengers හි මීළඟ Captain America ‘සෑම්’ නොහොත් Anthony Mackie – John Doe විදිහටත්, Stephanie Beatriz – Quiet විදිහටත්, Samoa Joe – Sweet Tooth විදිහටත්, Neve Campbell – Raven විදිහටත් ඒ වගේම Spider-Man ගේ ප්‍රධාන හතුරෙක් විදිහට සැලකෙන Sandman ගේ චරිතයට පණ පෙවූ Thomas Haden Church – Agent Stone විදිහටත් රංගනයෙන් මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා.
පටන් ගැන්මේ මුල ඉඳන් කතාව විස්තර කෙරෙන නිසා, මං ඒ ගැන ලිපියේ සඳහන් කිරීමක් කරන්නෙ නැතුව ඉන්නම් සහ එතකොට රසාස්වාදනයේ අඩුවක් වෙයි මං විශ්වාස කරන නිසා. කිසිම කම්මැලිකමකින් තොරව නිදහසේ රස විඳින්න පුළුවන් සීරිස් එකක් කිව්වොත්, මං හිතන්නෙ මං වැරදි නෑ. ඒ අනිවාරෙන්ම මඟහැර ගන්නෙ නැතුව බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන්, දෙවනි කොටසට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුව ඇතුව අදට මං මෙතනින් නවතිනවා.
සුභ දවසක්! ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
5,082 downloadsDownload Twisted-Metal-S01E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Anonymous
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ! ❤️
Bobby
Thank you very much
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ! ❤️
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි විමා සහෝ ❤️
Bimsara Yashan(ඔලිව)
මේ සීරිස් එකට උපසිරැසි ගේන එකනම් වටිනවා. ජයවේවා!
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks jayawewa.....!