Twisted Metal [S02 : E01] Sinhala Subtitles පෙර කොටසින්, තරඟයට තව එක දවසයි තියෙන්නේ. ජෝන් ඩෝ ඇතුළු කණ්ඩායම “ඩීසල් සිටි” වලට එනවා. හැබැයි මෙහේ ආරක්ෂාව පට්ට තදයි. මෙයාලට ඕනේ වෙලා තියෙන්නේ එහේ තියෙන “S-tier” වර්ගයේ සුපිරිම ආයුධ ටිකක් හොරකම් කරන්න. මේවා තියෙන්නේ නගරයේ පාලකයාගේ රහස් කුටියක හිර කරලයි. ඒක…

පෙර කොටසින්,
තරඟයට තව එක දවසයි තියෙන්නේ. ජෝන් ඩෝ ඇතුළු කණ්ඩායම “ඩීසල් සිටි” වලට එනවා. හැබැයි මෙහේ ආරක්ෂාව පට්ට තදයි. මෙයාලට ඕනේ වෙලා තියෙන්නේ එහේ තියෙන “S-tier” වර්ගයේ සුපිරිම ආයුධ ටිකක් හොරකම් කරන්න. මේවා තියෙන්නේ නගරයේ පාලකයාගේ රහස් කුටියක හිර කරලයි. ඒක අරින්න නම් උඩ තියෙන පාලන මැදිරියට යන්නම ඕනේ.
මෙයාලා සෙට් එක සල්ලිකාරයෝ වගේ වෙස් වලාගෙන ඇතුළට යනවා. ක්‍රිස්ටා පාලන මැදිරියට යන අතරේ, අර කාර් එකක්වත් එළවගන්න බැරි මේහෑම් තමයි පැනලා යන්න වාහනය ලෑස්ති කරගෙන ඉන්නේ. මෙයාලට මේ වැඩේට තියෙන්නේ විනාඩි 30යි.
ඔන්න ඔය අස්සේ අපේ පිස්සා ස්වීට් ටූත් සහ ස්ටූත් මෙතනට එනවා ආයුධ ගන්න. හැබැයි ස්වීට් ටූත් ආයුධ ගන්න තිබ්බ සල්ලිවලින් කරන්නේ “ඩ්‍රැකියුලාගේ” කියලා කියන අමුතු ලෝගුවක් මිලදී ගන්න එකයි. ඒක දාගෙන මිනිහා හොරෙන් මිනිස්සු මරන්න පටන් ගන්නවා. ඔය අස්සේ ස්ටූව ආරක්ෂකයන් අල්ලගෙන යනවා.
ජෝන් සහ ක්වයට් සල්ලිකාරයෝ වගේ රඟපාන්න ගිහින් හොඳටම බොනවා. මෙයාලා දෙන්නා අන්තිමේදී සෙට් වෙන්නේ මාරම අමුතු සාදයකට. එතනදී තමයි මෙයාලට ස්ටූව හම්බවෙන්නේ. ස්ටූව කෑම තැටියක තියලා වගේ තමයි එතන ඉන්න සල්ලිකාරයන්ට කාමයෙන් විනෝද වෙන්න දීලා තියෙන්නේ.

ස්ටූව මෙහෙම ඉන්න අතරේ, ස්වීට් ටූත් සහ ක්‍රිස්ටා දෙන්නා හිතාගන්න බැරි විදිහට සෙට් වෙලා පාලන මැදිරියට ගිහින් ආයුධ කුටිය අරිනවා. හැබැයි ජෝන් සහ ක්වයට් ආයුධ හොරකම් කරන එක පැත්තක දාලා ඒ කුටිය ඇතුළේ ලිංගිකව හැසිරෙන්න පටන් ගන්නවා. ඔය අස්සේ අත් බෝම්බයක් පිපිරිලා මුළු තැනම ගිනි ගන්නවා.
ස්ටූ කොහොමහරි ගින්න අස්සෙන් පැනලා ගිහින් ස්වීට් ටූත්ට ඕන කරන “නේපාම් කෝන්ස්” සහ තව දරුණු ආයුධ ටිකක් අරගන්නවා. ජෝන් සහ ක්වයට් දෙන්නටත් යන්තම් බුලට් වගයකුයි, EMP එකකුයි, බූමරන් මිසයිල ටිකකුයි හම්බවෙනවා.
අන්තිම මොහොතේ ක්‍රිස්ටා තීරණය කරනවා එයත් තරඟයට ඇතුළු වෙන්න ඕනේ කියලා. දැන් ඉතින් ආයුධත් ලෑස්තියි, කට්ටියත් ලෑස්තියි. තරඟය පටන් ගන්නයි යන්නේ. කවුරු දිනයිද කියලා තමයි බලන්න වෙන්නේ !
මේ එපිසෝඩ් එක ගැන අපි කතා කරොත්,
මේ එපිසෝඩ් එක ටිකක් වේගය අඩු, නමුත් ඩීසල් සිටි ඇතුළේ වෙන පිස්සු වැඩවලට වැඩි ඉඩක් දීපු එපිසෝඩ් එකක් වුණා. විවිධ තට්ටුවල සිද්ධ වෙන මේ ගාලගෝට්ටිය කතාවේ තියෙන බරපතළකම පෙන්නන්න හොඳට පාවිච්චි කරලා තිබුණා. හැබැයි එක දෙයක් ක්‍රිස්ටයි මේහෑමුයි දෙන්නා එකතු වෙලා ස්වීට් ටූත්ව මෙල්ල කරපු එක නම් මට පොඩ්ඩක් අවුල් වගේ. මොකද ස්වීට් ටූත් කියන්නේ පට්ටම භයානක මිනීමරුවෙක්නේ, ඉතින් මෙහෙම ලේසියෙන් මිනිහව පැරද්දුවම මිනිහගේ තියෙන ඒ බය හිතෙන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඔයාලා මේ ගැන මොකද හිතන්නේ ?

මේකේ කොමඩි ගැන බැලුවොත්, සමහර විහිළුවලට හොඳට හිනා යනවා, හැබැයි සමහර ඒවට නම් හිනා යන්නේම නෑ. කොහොමටත් මේක නිකන් “සීරියස්” අරන් බලන්න පුළුවන් කතාවක් නෙවෙයිනේ. අර ජෝන්ගේ කන්නාඩි ගැන කරපු විහිළුවත් ඒ වගේ එකක්. ඒක හිනා යන වැඩක් වුණාට, පොඩි ප්‍රශ්නයකුත් එනවා ජෝන් කියනවා නම් ලෝකය පේන්නේ බොඳ වෙලා කියලා, මිනිහා කොහොමද ගිය එපිසෝඩ් එකේ අර පොත් ටික කියෙව්වේ ? 😉
මොනවා වුණත්, දැන් හැම චරිතයක්ම තමන්ගේ ප්‍රශ්න අස්සේ දඟලන හැටි දකිද්දී කතාවේ කුතුහලය නම් හොඳටම තියෙනවා. විශේෂයෙන්ම දැන් තරඟය පටන් ගන්නමයි යන්නේ. ඉතින් බලමු කවුද පණ පිටින් ඉතුරු වෙන්නේ කියලා !
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
369 downloadsDownload Twisted-Metal-S02E05-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
UD Shehan
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Twisted Metal [S02 : E05] Sinhala Subtitles | කැලිප්සෝගේ මහා ධාවන තරඟාවලියේ ආරම්භය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Twisted-Metal-Season-2-1.jpg)



ස්තූතියි ශෙහාන් සහෝ සබ්එකට