Watch Trailer

Twisted Metal [S02 : E06] Sinhala Subtitles | නොසිතූ තරඟකරුවෙකුගේ දුක්මුසු අහිමී වීමක් [සිංහල උපසිරසි]

Twisted Metal Sinhala Subtitles පෙර කොටසින්, එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම තරඟය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. පරණ හුරුපුරුදු මූණු වගේම අලුත් මූණු කිහිපයකුත් තරඟයට ඇවිත් ඉන්නවා. අර “හෝලි මෙන්” කණ්ඩායම මේ පාර අලුත් නායකයෙක් එක්ක ඇවිත් ඒ ඇත්තටම පොඩි බබෙක් ! මෙයාලා ඉන්නේ ජෝන් ඩෝ ගෙන් පලිගන්න බලාගෙන. අ…

Twisted Metal  Sinhala Subtitles

පෙර කොටසින්,

එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම තරඟය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. පරණ හුරුපුරුදු මූණු වගේම අලුත් මූණු කිහිපයකුත් තරඟයට ඇවිත් ඉන්නවා. අර “හෝලි මෙන්” කණ්ඩායම මේ පාර අලුත් නායකයෙක් එක්ක ඇවිත් ඒ ඇත්තටම පොඩි බබෙක් ! මෙයාලා ඉන්නේ ජෝන් ඩෝ ගෙන් පලිගන්න බලාගෙන.

අර රෝද දෙක අස්සේ හිරවෙලා හිටපු ඇක්සෙල් මෙතන ඉන්නවා. මිනිහා තමන්ව නිදහස් කරපු එක ගැන ජෝන්ට ස්තූති කරනවා. ස්වීට් ටූත් සහ ස්ටූත් ඇවිත් ජෝන් සහ ක්වයට්ව මුණගැහිලා පරණ මිනීමැරුම් ගැන මතක් කර කර කතා කරනවා. ඔය අස්සේ අර දඟකාර මේහෑම් කෙල්ල කරන්නේ තරඟකරුවන් අතරේ එක එක කේලම් කිය කිය රණ්ඩු ඇති කරන එකයි.

මේ කොටසේ දකින්න ලැබෙන විශේෂම දේ තමයි මයික් තාමත් පණ පිටින් ඉන්න එක. මිනිහා ස්ටූව මුණගැහෙනවා. හැබැයි මයික්ට දැන් “ඩේව්” කියලා අලුත් සහකරුවෙක් ඉන්නවා. ස්ටූ අර මිනීමරු විකටයා ස්වීට් ටූත් එක්ක සෙට් වෙලා ඉන්නවා දැක්කම මයික්ට ඒකට හොඳටම අවුල් යනවා.

අන්තිමේදී කැලිප්සෝ සහ රේවන් මෙතනට එනවා. කැලිප්සෝ නිවේදනය කරනවා තරඟය පටන් ගන්න කලින් “සුදුසුකම් ලැබීමේ වටයක්” තියෙනවා කියලා. මේකේ කරන්න තියෙන්නේ හැමෝටම දෙන පාර්සල් එකක් අරගෙන කිසිම හානියක් නැතුව “තරඟ නගරයට” බෙදාහරින එකයි. පණ බේරගෙන පාර්සලය දෙන අය විතරයි ඊළඟ වටයට යන්නේ.

ඔන්න ඉතින් රේස් එක පටන් ගන්නවා. මේක නිකන් කෙලින්ම තියෙන රන්වේ එකක් වගේ පාරක්. මේහෑම් නිකන් ඉන්නේ නැතුව එක කාර් එකක් හයිජැක් කරගෙන රේස් එකට පනිනවා. හැබැයි කෙල්ල ලොකු වෙඩි හුවමාරුවකට මැදි වෙනවා. මේහෑම් අනතුරේ ඉන්නවා දැකපු ජෝන් සහ ක්වයට් තීරණය කරනවා රේස් එක පැත්තක දාලා ගිහින් පොඩි එකාට උදවු කරන්න.

මේ එපිසෝඩ් එක ගැන ටිකක් බැලුවොත්,

දැන් ඉතින් කට්ටියම රේස් එකේ ! ජෝන් සහ ක්වයිට් පාර්සලය දෙනවා වෙනුවට මේ ළමයව බේරගන්න ගියපු එකෙන් මෙයාලට තරඟයෙන් අයින් වෙන්න වෙයිද ? මේ කොටස ටිකක් සරලයි වගේ පෙනුණත්, තරඟාවලිය නිල වශයෙන් පටන් ගන්න නිසා ඒක වැදගත් එකක් වුණා. මේ සුදුසුකම් ලැබීමේ වටයේදී අපිට තරඟයට ඉන්න ප්‍රධාන චරිත හැමෝම වගේ මුණගැහෙනවා. ක්‍රියාදාම ජවනිකා ටිකත් පට්ට.

දැන් මේහෑම් අපේ කල්ලියට සෙට් වෙලා ඉන්නේ, හැබැයි කෙල්ල වැඩේ අනාගත්ත නිසා ජෝන් සහ ක්වයට්ට සිද්ධ වෙනවා රේස් එක අතරමඟ දාලා ගිහින් මෙයාව බේරගන්න. මෙයාලා දෙන්නට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා තමයි බලන්න වෙන්නේ.

මේකෙත් අතරින් පතර හිනා යන කතා ටිකක් තිබුණා. විශේෂයෙන්ම අර විකාර රූපී තරඟකරුවන්ගේ මූණු ටික දකිද්දී කතාවට අමුතුම ගතියක් එනවා. කෙටියෙන් කිව්වොත්, ඉස්සරහට එන මහා විනාශයට පාර කපපු සරල ඒත් සාර්ථක එපිසෝඩ් එකක් මේක.

රේස් එක අතරමඟ දාලා ගිය ජෝන් සහ ක්වයට්ට මොකද වෙන්නේ ? මේහෑම්ව බේරගන්න පුළුවන් වෙයිද ?

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

303 downloadsDownload Twisted-Metal-S02E06-Sinhala-Subtitles.zip17 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1Next BT1

 

 

Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

UD Shehan

Subtitles

303 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.