Twisted Metal Sinhala Subtitles පහුගිය කොටසේ කැලිප්සෝ ජෝන්ටයි ක්වයට්ටයි කියනවා “ඔයාලගේ ප්‍රාර්ථනා ප්‍රශ්නය විසඳන්න ඕනේ නම් ළිඳෙන් වතුර බොන්න” කියලා. මේ දෙන්නා ඒක කළාට පස්සේ කැලිප්සෝ කියනවා “දැන් වැඩේ හරි, ඔයාලගේ ප්‍රාර්ථනාව ඉටු වෙයි” කියලා. කට්ටියටම එක එක පෙට්ටි ලැබෙනවා, ඒකේ තියෙන්නේ ඊළඟ වටය “සාදයක…

පහුගිය කොටසේ කැලිප්සෝ ජෝන්ටයි ක්වයට්ටයි කියනවා “ඔයාලගේ ප්‍රාර්ථනා ප්‍රශ්නය විසඳන්න ඕනේ නම් ළිඳෙන් වතුර බොන්න” කියලා. මේ දෙන්නා ඒක කළාට පස්සේ කැලිප්සෝ කියනවා “දැන් වැඩේ හරි, ඔයාලගේ ප්‍රාර්ථනාව ඉටු වෙයි” කියලා.
කට්ටියටම එක එක පෙට්ටි ලැබෙනවා, ඒකේ තියෙන්නේ ඊළඟ වටය “සාදයක්” කියලා. ක්වයට් නම් මේක කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ. “කැලිප්සෝ කවදාවත් සාදයක් පවත්වන්නේ නෑ, මූ අපිට කෙළවන්නයි හදන්නේ” කියලා ක්වයට් කියනවා. හැබැයි පෙට්ටිය ඇරලා බලනකොට ඒකේ තිබුණේ ලස්සන ඇඳුම්. ඉතින් හැමෝම ලස්සනට ඇඳ පැලඳගෙන ඉස්කෝලේ ජිම් එකට යනවා.
කැලිප්සෝ කියනවා “අද රෑ මැරුණු අය වෙනුවෙන් ජීවත් වෙමු” කියලා. හැමෝම සින්දු කියමින්, නටමින් සාදය සමරනවා. ජෝන් නම් බඩ පැලෙන්නම කෑම කනවා. ක්වයට් තාමත් ඉන්නේ සැකයෙන්. ජෝන් කියනවා “හරි හරි, කවදා හරි අපිට කෙළවෙනවා තමයි, ඒත් අද රෑවත් පොඩ්ඩක් සතුටෙන් ඉමු” කියලා. ග්‍රිම්ගේ අමුතු “හඬවල්” වලට වර්මින් කැමති වෙනවා. ග්‍රිම්ට තියෙන ලැජ්ජාව පැත්තක දාලා මේ දෙන්නා අත් අල්ලගෙන ඉන්නවා. රේවන් එයාගේ පරණ කතාවක් ඇක්සෙල්ට කියනවා. ඇක්සෙල් කියනවා “මට කිසි ප්‍රශ්නයක් නෑ, මම ලෙස්බියන් අයට කැමතියි” කියලා.

ස්ටූ දකිනවා මයික්ගේ අලුත් යාළුවා ඩේව් හොරෙන් මිනී මස් කනවා. මේ අතරේ ඩේව් අතපසුවීමකින් ස්ටූ අතින් මැරෙනවා. ස්ටූ ඒක මිනීමැරුමක් නෙවෙයි කියලා පෙන්නන්න බොරු ලිපියක් ලියලා එතනින් තියනවා. සාදය අස්සේ මේහෑම් තමන්ගේ කොණ්ඩේ බඳිනවා. ඒක දකින ඇක්සෙල්ට යම් දෙයක් මතක් වෙනවා. ඇක්සෙල් බේරගත්ත අර බබාව බැඳලා තිබ්බ රිබන් පටියම මේ කෙල්ල ළඟත් තියනවා. ඒ කියන්නේ මේහෑම් තමයි ඇක්සෙල්ගේ අතින් නැතිවුණ අර පොඩි බබා. තව ස්වීට් ටූත් කරපු විකාරයක් හින්දා ග්‍රිම්ට මළ පනිනවා. ග්‍රිම් කරන්නේ ස්වීට් ටූත් පණ වගේ ආදරේ කරන හැරලඩ් කියන කඩදාසි බෑග් එකට ගිනි තියන එකයි.
ජෝනුයි ක්වයටුයි ආදරෙන් නටමින් ඉන්නකොට මුළු ජිම් එකම දුමෙන් පිරෙනවා. හැමෝම සිහි නැති වෙලා බිම වැටෙනවා. ආයෙත් ඇහැරෙනකොට මේ අය ඉන්නේ වෙනම කාර් ඇතුළේ. කැලිප්සෝ කියනවා “අවසාන මහා තරඟයට යන්න නම් මේ වටයෙන් පණ බේරගන්නම වෙනවා” කියලා.
මේ එපිය ගැන අපි කතා කරොත්,
ඇත්තටම මේ කොටසත් නිකන් කාලය කන්න දාපු එකක් වගේ පෙනෙන්න තිබුණට, ඇත්තටම මේක පට්ට ගති. මේ “ප්‍රොම්” තීම් එක නම් මරු. අර නටන දර්ශන, පොඩි එවුන් වගේ කරන විකාර වැඩ ඒ හැම දේකටම හොඳට හිනා යනවා.
ඩේව් මැරුණු විදිහ නම් විශ්වාස කරන්නත් බෑ. ස්ටූ ඒක වහන්න මොන වගේ කතාවක් හැදුවත්, මයික් ඒක දැනගත්ත දවසට ස්ටූට ලේසි වෙන්නේ නෑ. ඒ වගේම මේහෑමුයි ඇක්සෙල්ගෙයි අතීත කතා දෙක එකට ගැටගැහපු විදිහත් හරිම ලස්සනයි. ඒකෙන් කතාවට අමුතුම හැඟීමක් එකතු වුණා. මම නම් මේ එපිසෝඩ් එකට 10න් 7.5ක වගේ ලකුණු ප්‍රමාණයක් දෙනවා.

ඇත්තටම මේ කොටසේදී හැමෝම තමන්ගේ “සීරියස්” ගතිය අමතක කරලා පොඩි එවුන් වගේ නටපු එක නම් මරු. හැබැයි ඉතින් අන්තිමට කැලිප්සෝ දුම දාලා හැමෝවම සිහි නැති කරපු එකෙන් තේරෙනවා ඊළඟට එන්නේ ලේසි සෙල්ලමක් නෙවෙයි කියලා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
290 downloadsDownload Twisted-Metal-S02E10.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
UD Shehan
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Twisted Metal [S02 : E10] Sinhala Subtitles | අකුණු වරුසාවක් මැද පැවැත්වෙන මාරක ධාවන තරඟය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Twisted-Metal-Season-2-1.jpg)



ස්තූතියි ශෙහාන් සහෝ සබ්එකට