Watch Trailer

Twisted Metal [S02 : E09] Sinhala Subtitles | හැඩ වැඩ වුණ අපේ මිනීමරු රියදුරෝ සෙට් එක [සිංහල උපසිරසි]

Twisted Metal Sinhala Subtitles කලින් කොටස පටන් ගත්තේ ලුසියානා ප්‍රාන්තයේ “ඕල්ඩ් ඕර්ලියන්ස්” වල අතීත සිදුවීමකින්. රෝදවලට හිර වෙන්න කලින් ඇක්සෙල් කේක් අලංකාර කරන්නෙක් විදිහට තමයි රස්සාව කරලා තියෙන්නේ. හැබැයි ඒක නිකන් බොරුවට පෙන්නන්න කරපු එකක්. ඇත්තටම මිනිහා කුලියට මිනී මරන කෙනෙක්. තමන්ගේ අන්තිම මෙහෙ…

Twisted Metal  Sinhala Subtitles

කලින් කොටස පටන් ගත්තේ ලුසියානා ප්‍රාන්තයේ “ඕල්ඩ් ඕර්ලියන්ස්” වල අතීත සිදුවීමකින්. රෝදවලට හිර වෙන්න කලින් ඇක්සෙල් කේක් අලංකාර කරන්නෙක් විදිහට තමයි රස්සාව කරලා තියෙන්නේ. හැබැයි ඒක නිකන් බොරුවට පෙන්නන්න කරපු එකක්. ඇත්තටම මිනිහා කුලියට මිනී මරන කෙනෙක්. තමන්ගේ අන්තිම මෙහෙයුමේදී එක පවුලක හැමෝවම මැරුවත්, පොඩි ළමයෙක් අඬන සද්දේ ඇහිලා ඇක්සෙල්ට ඒ ළමයව මරන්න හිත දෙන්නේ නෑ.

වර්තමානයේදී, ජෝන් තමන්ගේම ප්‍රාර්ථනාවක් කරපු එකට ක්වයට් ඉන්නේ මළ පැනලා. කෙල්ල බාස්කට්බෝල් කෝට් එකේ වටවල් දුවමින් කේන්තිය නිවාගන්න හදනවා. ජෝන්ට ඕනේ තරඟය දාලා යන්න වුණත්, ඉස්කෝලේ බිත්ති වලටත් කන් තියන නිසා මුන් දෙන්නා රණ්ඩු වෙන එක ගැන හැමෝම දැනගෙන ඉවරයි. 😉

මේ අතරේ ස්වීට් ටූත්ට තමන්ගේ ශාරීරික පරීක්ෂණ වාර්තා ලැබෙනවා. මිනිහට දරුවන් හැදීමේ හැකියාවක් නෑ කියලා ඩොක්ටර් කියනවා. ඒත් මේ මෝඩයා ඒකේ තේරුම දන්නේ නැතුව අමුතු විදිහට හැසිරෙනවා.

කැලිප්සෝ හදිසියේම “අතිරේක වටයක්” නිවේදනය කරනවා. මිනිහා “Apocalypse Nine” කියන දරුණු මිනීමරු කණ්ඩායම ගෙන්නනවා අපේ තරඟකරුවන්ව පරීක්ෂා කරන්න. දැන් ඉතින් ජෝන්ටයි ක්වයට්ටයි රණ්ඩු වෙවී ඉන්න බෑ, පණ බේරගන්න නම් හැමෝටම එකතු වෙන්න වෙනවා.

රේවන් ක්වයට් එක්ක කතා කරලා කෙල්ලට තේරුම් කරලා දෙනවා ජෝන් තමන්ගේ නංගීව පණ ගන්වන්න හදන එක ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි කියලා. අනිත් පැත්තෙන් මේහෑම් ජෝන්ට බනිනවා පොඩි දේකට තරඟය දාලා යන්න හදන එක ගැන.

ඇක්සෙල්, ස්ටූයි මයිකුයි එක්ක තමන්ගේ දුක කියනවා. අර අතීතයේදී බේරගත්ත ළමයව ඇක්සෙල් තනියම හදාගත්තත්, පස්සේ පිරිසක් ඇවිත් ඒ බබාව පැහැරගෙන ගිහින්. ඒ ළමයව හොයාගන්න උදවු ගන්න තමයි ඇක්සෙල් සීමෝ ගාවට ගිහින් මේ වගේ රෝද දෙකකට හිරවුණු මිනිහෙක් වුණේ. ස්ටූ සහ මයික් දෙන දිරිගැන්වීමත් එක්ක ඇක්සෙල් තනියම අර “Apocalypse Nine” කල්ලියට පහර දීලා උන්ව විනාශ කරනවා.

අන්තිමේදී ජෝන් ක්වයට්ගෙන් සමාව ඉල්ලනවා. ක්වයට් ක්‍රිස්ටාගේ ඩෝල්ෆේස් වෙස්මුහුණ ජෝන්ට දීලා කියනවා “අපි දෙන්නා මේක එකතුවෙලා විසඳගමු” කියලා. ඒත් මේ දෙන්නා දොර අරිනකොටම ආයෙත් අර ප්‍රාර්ථනා කරන ළිඳ ගාවටම ඇවිත්. කැලිප්සෝගේ බය හිතෙන හිනාවත් එක්ක එපිසෝඩ් එක ඉවර වෙනවා.

මේ එපිසෝඩ් එක ගැන බැලුවම,

මේ කොටස අවසන් වුණු විදිහට ජෝන්ටයි ක්වයට්ටයි තමන්ගේ ප්‍රාර්ථනාව ගැන ආයෙත් පාරක් හිතන්න අවස්ථාවක් ලැබෙයි වගේ. ඒ කියන්නේ කලින් කරපු වැරැද්ද නිවැරදි කරලා දෙන්නා එකතු වෙලා අලුත් ප්‍රාර්ථනාවක් කරන්න ඉඩ තියෙනවා.

මේ එපිසෝඩ් එකේ කාර් පැදවීම් ටිකක් අඩු වුණාට, විවිධ චරිත එකිනෙකා එක්ක සම්බන්ධ වෙන විදිහ ගැන හොඳ අවධානයක් දීලා තිබුණා. ඒක ඇත්තටම වටිනවා. විශේෂයෙන්ම ඇක්සෙල්ගේ අතීත කතාව ඇතුළත් කරපු එක ඉතාම සාර්ථකයි. ඒ වගේම වර්මින් ඇතුළු ගෑනු ටික ක්වයට්ට උදවු කරන අතරේ සිද්ධ වුණු දේවල්වලින් කතාවේ ප්‍රධාන ගැටුමට හොඳ අරුතක් ලැබුණා. වර්මින් මේ වගේ අමුතු කෙනෙක් වෙන්න කලින් කොහොමද හිටියේ කියලත් අපිට පොඩි ඉඟියක් ලැබුණා.

ජෝන් සහ ක්වයට් අතර තිබුණු රණ්ඩුව දැන් විසඳිලා වගේ පෙනුණත්, කැලිප්සෝ මේ දෙන්නා වෙනුවෙන් මොන වගේ අලුත් උගුලක් අටවයිද කියලා කියන්න බෑ. දැනට පේන විදිහට නම් ඒක ඒ තරම් හොඳ දෙයක් වෙන්නේ නෑ ! ඊළඟට තියන එපිසෝඩ් එකේදී තරඟාවලියේ තවත් සුපිරි කාර් පැදවීම් සහ ක්‍රියාදාම ටිකක් බලාගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.

ඇත්තටම ජෝන්ටයි ක්වයට්ටයි මේ ලැබුණු “දෙවැනි අවස්ථාවෙන්” මෙයාලා මොනවා කරයිද ? මට නම් හිතෙන්නේ මේ දෙන්නා ආයෙත් එකතු වෙලා පරණ ප්ලෑන් එකටම යයි කියලා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

296 downloadsDownload Twisted-Metal-S02E09-Sinhala-Subtitles.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1Next BT1

 

 

Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

UD Shehan

Subtitles

296 downloadsDownload Subtitles33 KB

3 comments

  1. Buddhika laKMal

    තැන්ක් යූ ෂෙහාන් සහෝ උපසිරැසියට

  2. gayan

    කෝ 10 වෙනි එපිසෝඩ් එක??? දාන්නේ නැද්ද :(

  3. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.