Watch Trailer

Twisted Metal [S02 : E11] Sinhala Subtitles | භීතියෙන් සලිත වෙන අවසන් මහා තරඟය [සිංහල උපසිරසි]

Twisted Metal Sinhala Subtitles පෙර කොටසින්, කැලිප්සෝ හැමෝටම ලියුම් කවරයක් දෙනවා. ඒකේ තියෙන්නේ තමන් මරන්න ඕන කෙනාගේ නම. ඒ කෙනාව අයින් කළොත් විතරයි ඊළඟ වටයට යන්නේ. වැඩේ තවත් අමාරු කරන්න පාරට අකුණු ගහන සිස්ටම් එකකුත් දානවා. ජෝන් සහ ක්වයට් දෙන්නම ඉන්නේ “රෝඩ්කිල්” කියන වාහනවල. ක්වයට්ට ලැබිලා තියෙන්නේ අ…

Twisted Metal  Sinhala Subtitles

පෙර කොටසින්,

කැලිප්සෝ හැමෝටම ලියුම් කවරයක් දෙනවා. ඒකේ තියෙන්නේ තමන් මරන්න ඕන කෙනාගේ නම. ඒ කෙනාව අයින් කළොත් විතරයි ඊළඟ වටයට යන්නේ. වැඩේ තවත් අමාරු කරන්න පාරට අකුණු ගහන සිස්ටම් එකකුත් දානවා. ජෝන් සහ ක්වයට් දෙන්නම ඉන්නේ “රෝඩ්කිල්” කියන වාහනවල. ක්වයට්ට ලැබිලා තියෙන්නේ අර මේහෑම්ව මරන්න. ඒත් ක්වයට්ට ඒක කරන්න හිත දෙන්නේ නෑ.

මේ අතරේ ග්‍රිම්, ස්ටූ, මයික් සහ ස්වීට් ටූත් ඉන්නේ අර ප්‍රාර්ථනා කරන ළිඳ ගාව. කැලිප්සෝ මෙයාලව අල්ලගන්නේ මෙයාලා නීති කැඩුවා කියලා. ඩේව්ගේ මරණය ගැන ස්ටූට චෝදනා එල්ල වෙනවා. ස්ටූ ඒක වහන්න හැදුවත්, කැලිප්සෝ ඩේව්ගේ පස්ස පැත්තේ තිබ්බ හපපු පාරකින් ස්ටූව අල්ලගන්නවා ! ස්ටූ අන්තිමේදී පිළිගන්නවා තමන් හපපු බව, හැබැයි කෑවේ නෑ කියලා. කොහොමහරි ස්ටූ බේරෙනවා, ඒත් ඩේව් ගැන කාරණා වසන් කරපු නිසා මයික්ට කැලිප්සෝ පිහියෙන් අනිනවා. ඊළඟට හැරල්ඩ්ට (අර කඩදාසි බෑග් එක) ගිනි තියපු එකට ග්‍රිම්ව වැරදිකරු කරලා මිනිහගේ ආත්මයන් ටික කැලිප්සෝ උදුරගන්නවා.

පාරේ ලොකු සටනක් යනවා. රේවන් වර්මින්ව පරද්දලා ඊළඟ වටයට සුදුසුකම් ලබනවා. ජෝන් සහ ක්වයට් පස්සෙන් ඇක්සෙල් එනවා. ජෝන් ලස්සන උපක්‍රමයක් දාලා ඇක්සෙල්ගේ එක රෝදෙක අමුතු මැෂින් එකක් හිර කරනවා, ඒකෙන් ඇක්සෙල් එක තැන කැරකෙන්න ගන්නවා.

රේවන් ජෝන්ට වෙඩි තියන්න ගිහින් වැරදිලා වදින්නේ මේහෑම්ට. මේහෑම්ගේ වාහනය කුඩු වෙනවා. ජෝනුයි ක්වයටුයි රේස් එක දාලා මේහෑම්ව බේරගන්න එනවා. රේවන් ආයෙත් මෙයාලට වෙඩි තියන්න එනකොට, ඇක්සෙල් මැදට පැනලා ඒ වෙඩිල්ල කනවා. ඇක්සෙල් මේහෑම්ව බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරනවා.

මේහෑම් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ තමන්ට ගැළපෙන තැනක් හොයාගන්න ලැබෙන්න කියලා. වාහන අනතුරින් බේරුනාට පස්සේ කෙල්ල ඇහැරෙන්නේ ජෝන් සහ ක්වයට්ගේ කාමරේ. කෙල්ල මෙයාලට ස්තූති කරනවා. ස්වීට් ටූත් තමන්ගේ හැරල්ඩ්ට සමුදෙනවා. ස්ටූ ආයෙත් මයික් එක්ක සෙට් වෙනවා.

මේහෑම් හොරෙන් කැලිප්සෝ පස්සෙන් යනවා. කැලිප්සෝ රහස් කාමරයක මොකක්දෝ භයානක රකුසෙක්ව පණ ගන්වන්න හදනවා මේහෑම් දකිනවා. කෙල්ල ඒක ජෝන්ලට කියන්න එනකොට, ජෝන් සහ ක්වයට් තමන් ගැන වැරදියට කතා වෙනවා මේහෑම්ට ඇහෙනවා (මෙයාලා කියන්නේ මේහෑම් බරක් කියලා). ඒකෙන් හිත රිදුණු මේහෑම් තමන්ගේ බඩු ටිකත් අරන් එතනින් යන්න යනවා.

මේ එපිසෝඩ් ගැන බැලුවොත්,

මේක ඉවර වුණේ හෙනම කුතුහලයකින් නේද ? මේහෑම් දැන් තරහ වෙලා ගියා, ඇක්සෙල් තරඟයෙන් අයින් වුණා, කැලිප්සෝ අලුත් රකුසෙක්ව හදනවා. අන්තිමේදී අපිට නියම තරඟාවලියක ක්‍රියාදාම ටිකක් බලාගන්න ලැබුණා. ඒක නම් බලන්න ලැබුණු එක ඇත්තටම වටිනවා. මේ වටයේදී තරඟකරුවන් තුන් දෙනෙක්ම අයින් වුණා, දැන් ඉතින් ඉතුරු වෙලා ඉන්නේ අතළොස්සක් විතරයි. ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මට නම් ඉවසිල්ලක් නෑ. මේ සීරිස් එකට මම මාරම ආසයි.

ස්ටූ, ස්වීට් ටූත්, මයික් සහ ග්‍රිම්ව මේ වටයට දාපු නැති එක තරමක් හොඳයි. මොකද එහෙම වුණාම අපිට අනිත් තරඟකරුවන් ගැනත් අවධානය දෙන්න පුළුවන් වුණා. අනික මුළු එපිසෝඩ් එකම රේස් ට්‍රැක් එකේම වුණා නම් ඒක නිකන් එකම ගොඩක් වගේ වෙන්නත් තිබුණා. දැන් ලොකුම ප්‍රශ්නය තමන්ගේ හිත රිද්දගත්ත මේහෑම් ඉස්සරහට මොනවා කරයිද කියන එකයි. මම නම් මේ එපිසෝඩ් එකට 10න් 8.2ක වගේ ලකුණු ප්‍රමාණයක් දෙනවා.

මේ කොටස ඉවර වුණේ ලොකු කුතුහලයක් ඉතුරු කරලයි. ජෝන් සහ ක්වයට් නොදැනුවත්වම මේහෑම්ව තරහ කරගත්ත එක නම් ලොකු පාඩුවක් වෙයි වගේ. ඒ වගේම කැලිප්සෝ අර හදන අමුතු රකුසා සීසන් 3ක් මේකේ තිබුණොත් ඒකටත් එයිද දන්නෑ.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

305 downloadsDownload Twisted-Metal-S02E11-Sinhala-Subtitles.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

Next BT1

 

 

Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

UD Shehan

Subtitles

305 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks