Twisted Metal Sinhala Subtitles ඔන්න එහෙනම් අද මම ඔයාලට අවසාන කොටස තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ස්ටූ තරඟාවලිය දිනපු එක නම් මට හිතාගන්නවත් බැරිවුණා. හරියට හැරී පෝටර් එකේ වෝල්ඩමෝට්ව අර කොහෙවත් හිටපු නෙවිල්කාරයා මැරුවා වගේ. සුපුරුදු විදියටම අපි එහෙනම් පෙර කොටසේ වුණ දේවල් බලමු, කොටස පටන් ගන්නේ කැලිප්සෝ ප…

ඔන්න එහෙනම් අද මම ඔයාලට අවසාන කොටස තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ස්ටූ තරඟාවලිය දිනපු එක නම් මට හිතාගන්නවත් බැරිවුණා. හරියට හැරී පෝටර් එකේ වෝල්ඩමෝට්ව අර කොහෙවත් හිටපු නෙවිල්කාරයා මැරුවා වගේ. සුපුරුදු විදියටම අපි එහෙනම් පෙර කොටසේ වුණ දේවල් බලමු,
කොටස පටන් ගන්නේ කැලිප්සෝ පැනලා යන්න හදපු මේහෑම්ව අල්ලගන්න තැනින්. කැලිප්සෝ කෙල්ලට කියනවා “දැන් ඉතින් යන්න දෙන්න බෑ, මගේ රහස තමුන් දැක්කනේ” කියලා. හැබැයි කැලිප්සෝ මේහෑම්ගේ තියෙන තනිකම සහ ශක්තිය අගය කරනවා. මිනිහා මේහෑම්ව තියාගන්නේ අවසාන මහා තරඟයේ විශේෂ අමුත්තෙක් විදිහටයි.
තරඟයට කලින් කැලිප්සෝ හැමෝටම උදේ කෑම වේලක් දෙනවා. එතනදී ස්වීට් ටූත් සහ ග්‍රිම් අතර ලොකු රණ්ඩුවක් යනවා. ස්වීට් ටූත්ට මළ පැනලා ඉන්නේ තමන්ගේ “මිනීමරු ජනප්‍රියත්වය” ග්‍රිම් නිසා අඩුවෙලා තියෙන එක ගැනයි. මේ අතරේ ජෝන් සහ ක්වයට් තමන්ගේ ආදරය බෙදාගන්නවා. ක්වයට් ඉන්නේ ලොකු බයකින්, හැබැයි ජෝන් කියනවා “අපි මේක දිනලා අපේ ප්‍රාර්ථනාව ඉටු කරගමු” කියලා.
ජෝන් සහ ක්වයට් මේහෑම්ව හොයන්න යනකොට කෙල්ල කාමරේ නෑ. එකපාරටම කට්ටියක් ඇවිත් මෙයාලගේ ඔළුවට කළු මලු දාලා මුළු සෙට් එකම අති දැවැන්ත ප්‍රේක්ෂකයන්ගෙන් පිරුන රේස් ට්‍රැක් එකකට අරන් යනවා. කැලිප්සෝ කියන්නේ “අන්තිමට ඉතුරු වෙන එකම රියදුරා තමයි ජයග්‍රාහකයා” කියලයි. සටන පටන් ගන්නවා !
ජෝන් සහ ක්වයට් එකතු වෙලා ස්ටූවයි මයික්වයි අයින් කරනවා. රේවන් බල ආවරණයක් පාවිච්චි කරලා ස්වීට් ටූත්ගේ වාහනය පුපුරවනවා. ඒත් කැලිප්සෝ කියනවා ඒක “වංචාවක්” කියලා ගෑනිගේ බල ආවරණය අයින් කරනවා. ජෝන් රේවන්ව මරලා දානවා. ස්වීට් ටූත් සහ ග්‍රිම් වාහන නැතුවම මරාගන්නවා. අන්තිමේදී ස්වීට් ටූත් ග්‍රිම්ව මරලා දානවා.

දැන් ඉතුරු වෙලා ඉන්නේ ජෝන් සහ ක්වයට් විතරයි. හැබැයි කැලිප්සෝ “මිනියන්” කියන මහා රකුසාව ට්‍රැක් එකට එවනවා. මිනියන් ස්වීට් ටූත්ව විසි කරලා දාලා ජෝන්ටයි ක්වයට්ටයි ගහන්න ගන්නවා. ජෝන් තමන්ගේ කාර් එක පාවිච්චි කරලා ක්වයට්ව බේරගන්නවා, හැබැයි මිනිහගේ කාර් එක විනාස වෙනවා. ක්වයට් තමන්ගේ කාර් එකෙන් මිනියන්ව හප්පලා පනිනවා. මිනියන් සහ කාර් දෙකම කුඩු වෙනවා. කැලිප්සෝ කියනවා දැන් ජෝන් සහ ක්වයට් දෙන්නම තරඟයෙන් අයින් කියලා.
ස්ටූ ඇහැරෙනකොට මිනිහගේ පණ වගේ හිටපු යාළුවා මයික් මැරිලා. හැබැයි පුදුමයකට වගේ ට්‍රැක් එකේ පණ පිටින් ඉතුරු වෙලා ඉන්න එකම රියදුරා ස්ටූ ! මුළු සෙනඟම ස්ටූගේ නම කියමින් කෑගහනවා. ස්ටූ තමයි තරඟාවලියේ ජයග්‍රාහකයා !
මේ අතරතුර මේහෑම් පිහියක් අරන් ගාඩ් කෙනෙක්ව මරලා තුවක්කුවක් ගන්නවා. කෙල්ල ඒක කැලිප්සෝට එල්ල කරනවා. කැලිප්සෝ කියනවා “දැන් ඕවයින් වැඩක් නෑ, තව ටිකකින් ඔක්කොම ඉවරයි” කියලා. තත්පර කිහිපයකින් ප්‍රේක්ෂකයින් අසුන්ගෙන හිටපු ස්ථානයෙන් මුළු හරි අඩක්ම දැවැන්ත පිපිරීමකින් විනාශ වෙලා යනවා !
මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,
ඇත්තටම මේක හෙන අමුතු “Cryptic” එපිසෝඩ් එකක් තමයි. ට්‍රැක් එකෙන් භාගයක්ම එකපාරටම පිපිරිලා ගියේ ඇයි කියලා හරියටම පැහැදිලි නෑ. සමහරවිට කැලිප්සෝගේ අර රහස් රකුසා එළියට එන්න හදපු විනාශයක ආරම්භය වෙන්න ඇති.
ප්‍රාර්ථනාව ගැන බැලුවොත්, ඒක මුලින් මයික් සහ ඩේව්ගේ එකක් වුණත්, අන්තිමේදී ස්ටූ දිනපු නිසා මිනිහට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. හැබැයි ස්ටූ මොනවා ඉල්ලයිද කියන එක තාමත් ලොකු ප්‍රශ්නයක්. ස්ටූ වගේ “ප්‍රතික්ෂේප වුණු” චරිතයක් අන්තිමේදී මේ තරඟය දිනපු එක නම් කතාවට නියම ගැළපීමක්. කොහොම දිනුවත් දිනුම දිනුමම තමයිනේ !

හැබැයි අර “ෆයිනල් බොස්” ගැනත් මට කියන්න තියෙන්නේ මේ කතාවමයි. ඒ අදහස පට්ට වුණාට, මිනියන් සටන් කරපු විදිහේ නම් ඒ තරම් ගතියක් තිබුණේ නෑ. මම නම් උගෙන් මීට වඩා දරුණු සටනක් බලාපොරොත්තු වුණා. මේ නිසා මම මේ එපියට දෙනවා 10න් 6.2 ලකුණු ප්‍රමාණයක්. මේක සාධාරණයි කියලා හිතෙනවා.
ඇත්තටම ස්ටූට දැන් ලොකු වගකීමක් තියෙනවා. මිනිහා මයික්ව ආයෙත් ගේන්න ප්‍රාර්ථනා කරයිද ? එහෙම නැත්නම් වෙනම දෙයක් ඉල්ලයිද ? මේ පිපිරීමෙන් ජෝන් සහ ක්වයට් බේරෙයිද කියන එකත් ඊළඟ සීසන් එකට ලොකු කුතුහලයක් ඉතුරු කළා.
මේ මුළු සීසන් 2 එක ගැන බැලුවොත්, ඔයා වැඩියෙන්ම කැමති වුණු එපිසෝඩ් එක මොකක්ද ? එහෙම නැත්නම් මේ අවසානය ගැන ඔයාට තියෙන ලොකුම ගැටලුව මොකක්ද ? පහළින් මේ ගැන කමෙන්ට් කරන්න.
මේකේ සීසන් 3ත් එන්නයි යන්නේ. ඒකේ ගොඩක් දුරට කැලිප්සෝගේ කතාව ගැන තමයිලු පෙන්නන්න යනවා කියන්නේ. ඒ කියන්නේ මිනිහා කවුද කින්ද මන්ද, මෙයාගේ අතීතය ගැන එහෙම. මේක නම් මරු වෙයි. කට්ටියම රැඳිලා ඉන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් සමඟින් සීසන් 3 එනකන් !!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
316 downloadsDownload Twisted-Metal-S02E12-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
UD Shehan
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Twisted Metal [S02 : E12] Sinhala Subtitles | පුස්සක් වුණ අහිංසක ප්‍රාර්ථනාව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Twisted-Metal-Season-2-1.jpg)



මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට තෑන්ක්ස් ශෙහාන් සහෝ
සුපිරියක් තමයි