Watch Trailer

Tyrant [S02 : E01] | ඒකාධිපතියා! [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික දවසකට පස්සෙ තවත් ටීවී ෂෝ එකකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේ සති කීපයේදී පරණ කතාමාලාවල අළුත් කොටස් නිකුත්වුනා කියලා බයිස්කෝප්වාසී හැමෝම දන්නව ඇතිනෙ. ඒ වගේ නිකුත්වුන Tyrant කතාමාලාවේ දෙවෙනි සමය තමයි මේ පටන්ගන්නෙ. පළවෙනි සමයට සමීර සහෝ උපසිරැසි නිකුත්කරලා තිබුණා. සමීර අයියගෙ වැඩ රාජකාරි…

Tyrant SE2

ආයෙත් ටික දවසකට පස්සෙ තවත් ටීවී ෂෝ එකකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේ සති කීපයේදී පරණ කතාමාලාවල අළුත් කොටස් නිකුත්වුනා කියලා බයිස්කෝප්වාසී හැමෝම දන්නව ඇතිනෙ. ඒ වගේ නිකුත්වුන Tyrant කතාමාලාවේ දෙවෙනි සමය තමයි මේ පටන්ගන්නෙ. පළවෙනි සමයට සමීර සහෝ උපසිරැසි නිකුත්කරලා තිබුණා. සමීර අයියගෙ වැඩ රාජකාරි නිසා මේකත් මටම කරන්න කිව්වා. ටික කාලයක් අළුත් කතාංගවලට අතදාන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට අපේ සමීර සහෝ ඉල්ලුවාම ඉතින් බෑ කියල කොහොමද

මුල් සමය බලපු අයනම් දන්නව ඇතිනෙ සිද්ධිය මොකක්ද කියලා. ඒ ලිපියත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බලාගන්න. පළමු කතා සමය නොබලපු අයට (මම වගේ) පොඩ්ඩක් මේක මොනා වගේ එකක්ද කියලා කියන්නම්. මට දැනුණු විදිහට මේ තියෙන්නෙ අපේ රටේ දේශපාලනයම තමයි. 🙂 එහෙම කිව්වෙ මේකෙ තියෙන සිද්ධි අපේ රටේ සිද්දවෙලානම් සෑහෙන කල් නිසා… 😛

අබුඩීන් කියන්නෙ එක්තරා මුස්ලිම් රාජ්‍යයක්. මේ රාජ්‍යයට හිමිකම් කියන්න සහෝදරයින් දෙන්නෙක් ඉන්නවා. ඒත් දඩබ්බර මේ සහෝදරයින්ට තියෙන්නෙ වෙනම අදහස්. එක්කෙනෙක් ගොඩක් සමාජවාදී කෙනෙක්. අනික් කෙනා තමන්ගෙ බලය වැඩිකරගන්න තමන්ගෙ සහෝදරයව මරන්න වුනත් ලෑස්ති කෙනෙක්.

ඒ අතරෙ නඟරයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැරලිකාර කණ්ඩායම් වෙනම යුද්ධයක් පටන්ගෙන. ඒ අයගෙ බාධක මැද එක සහෝදරයෙක් ඔහුගේ නගරය දියුණුකරන්න දැඩි උත්සහයක් ගන්නවා. ඒ අතරෙ ඔහුගෙ සහෝදරයව අත්අඩංගුවට ගන්නවා. ( ඇයිද කියලා බලාගන්න) කැරලිකාර කණ්ඩායම්වල බාධක මැද නඟරයේ සාමය පවත්වාගෙන යන්න ඒකාධිපති පාලකයට (ජමාල්ට) හැකිවෙයිද?

බලලම විසඳගන්න. මම දැනට සමුගන්නම්. දෙවෙනි කොටසින් හමුවෙමු. (පළමු කතා සමය නොබලපු කෙනෙක්ට වුනත් මේක බලද්දි ගැටළුවක් වෙන්නෙ නැතිවෙයි.) ……..ඔබට ජය……..!

Tyrant (2014) on IMDb

 

 

292 MB කොපිය මෙතනින් බාගන්න

1ebec8b8439a3ebb643173881c4d5acfda407962   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

752 downloadsDownload Tyrant-S02E01.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                        Next Episode>>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

752 downloadsDownload Subtitles24 KB

18 comments

  1. හේමාල්

    මෙන්න උණු උණුවෙම දාලා.එනකන් බලගෙන උන්න කතාවක්.

  2. Rasidu

    Ammo... Awith awith. Enakan balan hitiye. Sub ekata Thanx. Falling Skies S05th awa. Ekatath Sub denna.

  3. R.D

    ඔන්න එහෙනම් මේ සීරීස් එකත් මුල ඉඳන්ම බලන්ඩ ගන්නවා....දවස් 2,3 කින් සීසන් 2 වලට එයි.මේකට දිගටම සබ් දෙමු එහෙනම්.
    උපසිරසි කරන්ඩ වැඩියෙන් කාලය හම්බෙන්ඩ ඕනේ........ඔබට jaya

  4. DDT

    බොහෝම ස්තූතියි යාළුවා සබ් එකට. මේ වෙනකන් ගිහිපු කොටස් දෙකම බාගෙන හිටියෙ බයිස්කෝප්ලා සබ් දෙයි කියල.

    //පළමු කතා සමය නොබලපු කෙනෙක්ට වුනත් මේක බලද්දි ගැටළුවක් වෙන්නෙ නැතිවෙයි//

    නොබලපු අයට මම නම් කියන්නෙ සීසන් 01 එකේ ඉඳලම බලන්න ගන්න කියල. රටේ දේශපාලනය හා පවුලක් අතර තිබෙන බැඳීම්, එකිනෙකාගෙ ක්‍රියාකාරකම් අතර දෝලනය වන ලස්සන කතාවක්.

    1. R.D

      එකෙන්ම.මුල ඉඳලම බලන්ඩ ඕනේ......හුග කාලෙකින් බලපු පට්ටම කතාවක්.

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. kasun

    පට්ට කතාව මචන් මෙක. සුපිරි කතාවක් තමයි. අනිත් එක පලවෙනි සිසන් එක ගෑන මෙ තියෙන විදියනම් වෑරදී බන් , ඔයිට වෑඩිය කතාව පට්ට. Anyway තෑන්කූ මච්න් එළ කිරි වෑඩක් ...... Thnkx Again

  7. Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
    කොටස් 2ත් සබ් එක ඇවිත් එකටත් ඉක්මනට සබ එක දෙන්න,
    පුලුවන්නම් මේකටත් හෙමිට සබ් එක කරන්න බලපන්කො Sense8 (2015– )
    TV Serie පට්ටම එකක්

  8. Era

    thanx machan...sub 1k enakan balan hitiye....

  9. “චූටී මල්ලි”

    tnx

  10. සුපුන් බුද්ධික

    මෙන්න තවත් සබ් දෙනකම් බලාගෙන හිටපු එකක්..
    එහෙනම් අද ඉදන් මේකත් බලන්න පුලුවන්..
    ඒ වගේම මේක වෙනස්ම විදිහේ කතාවක්..
    බලන කට්ටිය ටිකක් අඩු උනත් මේක සුපිරිම කතාවක්..
    මමත් ඒ වගේම බයිස්කොප් යලුවොත් සබ් දෙනකම් බලාගෙන ඉන්න TV Series ටික
    True Detective සීසන් 2
    Falling Skies සීසන් 5
    Teen Wolf සීසන් 5

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    ජය වේවා !!!

  11. Jeewantha

    හොරෙන්ම සබ් දාලා. ගොඩක් දවස් ඉදන් බලාගෙන හිටියේ. ස්තුතියි.

  12. Amalka

    සබට තුති සහෝ

  13. Ravin

    Thanks for sub

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

    no 40404 baiscope 1n ena sms nawaththana vidiya kauru hari dannawada?(@ twitter.com)

  16. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra