Watch Trailer

Tyrant [S02 : E02] |ඝාතන සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

Tyrant කතාමාලාවෙ දෙවෙනි සමයේ දෙවෙනි කතාවට උපසිරැසිය ගේන්නයි මේ සූදානම. මේ කොටසත් සමඟ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අහවරයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ සතියට එක බැගින් තමා. මම දන්න විදිහට කතාව නිකුත්වෙන්නෙ අපේ හැටියට බදාදා උදේ. මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක එදාම උපසිරැසිය ගේන්න පුළුවන් වෙයිද කියන එකනම් කියන්…

Tyrant SE2

Tyrant කතාමාලාවෙ දෙවෙනි සමයේ දෙවෙනි කතාවට උපසිරැසිය ගේන්නයි මේ සූදානම. මේ කොටසත් සමඟ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අහවරයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ සතියට එක බැගින් තමා. මම දන්න විදිහට කතාව නිකුත්වෙන්නෙ අපේ හැටියට බදාදා උදේ. මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක එදාම උපසිරැසිය ගේන්න පුළුවන් වෙයිද කියන එකනම් කියන්න අමාරුයි. බදාදා දවසෙ උපසිරැසිය නිකුත්කරන්න බැරිවුනොත් බ්‍රහස්පතින්දා උදේම නිකුත්කරන්නම්. ඒ ගැන කවුරුත් නෝක්කාඩු වෙන්නෙ නැතිවෙයිනෙ නේද?

අද කොටස මෙහෙමයි..

ජමාල් තමන්ගෙ පුතාව ඇමතිධූරයකට සම්බන්ධකලාට පස්සෙ ජමාල්ගෙ පුතාට ඒක කරගෙන යන්න පුළුවන් වෙයිද? ජමාල්ගෙ සහෝදරයව(බසාම්) මරණ දඬුවමට නියම වෙලා තිබුණත් ජමාල්ගෙ හිත උණුවෙලා නොමරා බේරුවානෙ. හැබැයි නිකන්ම ජීවත්වෙන්න දුන්නෙ නෑ. බසාම්ට කාන්තාරෙ කෑමක් බීමක් නැතුව ඉන්න ලැබෙයිද? ත්‍රස්තවාදීන් එල්ලකරපු ප්‍රහාරයෙන් පස්සෙ ජමාල්ට තවත් මල පැන්නා දකින්න ඇතිනෙ. ඒක ඊටත් එහා යනවා අද කතාවෙ. කතාවෙ අන්තිමට ත්‍රස්තවාදීන්ව ඉවරයක් කරන්න තමයි කට්ටිය සූදානම් වෙන්නෙ. ඒවගේම ජමාල්ව ඝාතනය කරන්නත් සැලසුමක් යනවා.

බලන්නකො එහෙනම්. කතාව ගැන සහෝදරයෙක් දක්වලා තිබුණු අදහසක් ලියලම ලිපිය නවත්වන්නම්. රටේ දේශපාලනය හා පවුලක් අතර තිබෙන බැඳීම්, එකිනෙකාගෙ ක්‍රිරියාකාරකම් අතර දෝලනය වන ලස්සන කතාවක්. පහුගිය කොටසෙ ලිපියෙ නම් කතාවට වඩා වෙනස් දෙයක් තියෙන්නෙ කියලා කෙනෙක් කියලා තිබුණා. ඒකට හේතුව ඉතින් මම කතාව මුල ඉඳන්ම නොබලපු එක. ඒකටත් සමාව ඉල්ලන ගමන් මම සමුගන්නම්. ඉක්මනින්ම Tyrant කතාවකින්ම හමුවෙන්නම්.

ඔබට ජය..!

Tyrant (2014) on IMDb

 

 

274 MB කොපිය මෙතනින් බාගන්න

EFE974BC1E77B660E3B6F26BC2EF5BEEDBCF93E5   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,051 downloadsDownload Tyrant-S02E02-baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                        Next Episode>>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,051 downloadsDownload Subtitles22 KB

20 comments

  1. Nishshanka ruwan

    ස්තුතියි :)

  2. R.D

    එල සහෝ..........අත අරින්නැතුව කරගෙන යන එක තමා වෙන්ඩ ඕනේ........බොහොම ස්තුතියි උපසිරසියට

  3. R.M.C

    Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo…

  4. shine

    ela saho.....aththa thiththai saho......uba salenna epa :)

  5. DDT

    ස්තූතියි !

  6. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. harsha

    රවිඳු සහෝ හොඳ කතාමාලාවක් තමයි තෝරාගෙන තියෙන්නේ. මම නම් මේකේ පළමු සීසන් එක හොඳින් රස වින්ඳා. ඉතාම අපූරුවට ආසියානු රටවල දේශපාළනය ගෙන හැර දක්වනවා. බලය වෙනුවන් ඕනෑම අයෙක් පාවාදෙන ආකාරය බලා ගන්න පුලුවන්. මෙහි එන චරිත වලට අපේ දෙසපාලුවන් බොහොම පහසුවෙන් ආදේශ කරන්න පුලුවන්. කතා දෙකක නෑ ජාඩියට මූඩිය වගේ ගැලපෙනවා.
    රවිඳු මේ වගේ කතාවල්ට විශාල ප්‍රතිචාර නොලැබෙන්න පුලුවන්. බාගන්න අයත් අඩු වෙන්න පුලුවන්. මෙවැනි කතා රසවිඳින්න පුලුවන් අය අඩුයි. එනිසා පිරිස අඩුයි කියලා අතර මග නවත්තන එකක් නෑ කියලා හිතනවා. දිගටම කරගෙන යන්න උනන්දුව ඇති වේවායි පතනවා. ජයවේවා

    1. රවිඳු තේනබදු

      පිස්සුද මචෝ... එහෙම අතාරින්නෙ නෑ... කොහොමහරි සීසන් එකම දෙනවා... (ටිකක් පරක්කු වුනත්.)

  8. Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට

  9. kasun

    Thnkx THnkx bn patta me kathawa . Ela Ela keep on

  10. isurufeat

    ela

  11. Rasidu

    Niyamayi. Meka man asawen balana ekak. Parakku unata kamak na. Sub eka dunnoth ati.

  12. Ravin

    Thanks for sub

  13. madusanka

    thanks for sub. beautiful tv series. thanks a lot

  14. Jeewantha

    ගොඩක ස්තුතියි මචන්.

  15. cham

    patta ban, mama 1th baluwa...

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

    no 40404 baiscope 1n ena sms nawaththana vidiya kauru hari dannawada?(@ twitter.com)

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra