කොහොමද කට්ටියට? හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොරෝනා අස්සේ මොන අවුරුදුද නේද? කොහොමහරි ඔන්න එහෙනම් මලිත් මධුශාන්, රවිඳු රුක්ෂාන්, සොහාන් ජයසූරිය, සොනාලි තාරිකා, කවීශල් රසින්ත, පසිඳු මධුමාල් කියන අපි කට්ටිය එකතු වෙලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් අලුත් වැඩකට අත ගහන්නයි යන…

කොහොමද කට්ටියට? හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොරෝනා අස්සේ මොන අවුරුදුද නේද? කොහොමහරි ඔන්න එහෙනම් මලිත් මධුශාන්, රවිඳු රුක්ෂාන්, සොහාන් ජයසූරිය, සොනාලි තාරිකා, කවීශල් රසින්ත, පසිඳු මධුමාල් කියන අපි කට්ටිය එකතු වෙලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ. Neftlix ලගේ වැඩක් කිව්වාම ඉතින් ආයේ අහන්න දෙයක් නෑනේ. එයාලගේ ටීවී සීරීස් බලපු අය දන්නවා කොහොමද කියලා.
ඉතින් අපි මේ ගේන්න යන්නේ මරී (Marie) කියලා අවුරුදු 18ක ගෑනු ළමයෙක්ට මූණ දෙන්න වුනු සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු Unbelievable කියන මිනි ටීවී සීරීස් එක. 2019 නිකුත් වුන කොටස් අටක් තියෙන මේ සීරීස් එකට ඡන්ද 52, 941 ක් වගේ ඉහළ ප්‍රමාණයකින් 8.5 ක ඉහළ IMDB අගයක් ලැබිලා තියෙනවා. Crime/Drama කාණ්ඩ යටතට වැටෙන මේ සීරීස් එකට Detective කතා වලට කැමති අය නම් අනිවාරෙන් කැමති වෙයි. මුලින්ම කියන්නම ලොකු ඇක්ෂන් සීන් නම් නෑ. හැබැයි පළවෙනි එපියෙන් පටන් ගත්තාම අන්තිම එපිය වෙනකම්ම කුතුහලෙන් බලන්න පුළුවන් ගොඩක්ම සංවේදී කතාවක්. Kaitlyn Dever (මරී ඇඩ්ලර්), Toni Collette (ග්‍රේස් රස්මුසේන්), Merritt Wever (කැරන් ඩුවෝල්) කියන තුන් දෙනාගේ රංගනය නම් අති විශිෂ්ටයි. කතාව මේ තරම් සාර්ථක වෙන්න ඒකත් ලොකු හේතුවක්. අනිත් එක තමයි මේක සත්‍ය කතාවක් වීම. මේ කතාවට සම්බන්ධ වෙන චරිත, සිදුවීම් හැම එකක්ම ඇත්තටම මේ වගේ අත්දැකීමකට මූණ දුන්න මරී කියන ගැහැණු ළමයගේ කතාවයි නිරූපණය කරන්නේ. අද කතාවේ මරීගේ භාරකාර මව්වරු විදියට පෙනී සිටින ජූඩිත් සහ කොලීන් කියන චරිත වලින් නිරූපණය වෙන්නේ ඇත්ත මරීගේ කතාවේ පෙගී කනින්හැම් ( Peggy Cunningham ) සහ ශැනන් මැක්වරි ( Shannon McqQuery ) කියන අයව.
අපි හැමෝම දන්නවා ලංකාව ගත්තත්, ලෝකේ ගත්තත් කාන්තාව කියන්නේ ගරු කළ යුතු වගේම ආරක්ෂා කළ යුතු සම්පතක්. අපි හැමෝටම ජීවය දීපු අපේ අම්මා කියන්නේ කාන්තාවක්. ඒත් කාන්තාවෝ කොච්චරක් නම් ලෝකේ පුරාම දූෂණය වෙනවද? අහස පොළව නුහුළන ස්ත්‍රී දූෂණ අපරාධ කීයක් ගැන නම් මොන තරම් වාර්තා පොලිස් පොලිස් පොත්වල ලියවිලා ඇතිද? මේ තරම් සංස්කෘතිය, සදාචාරය ගැන උදම් අනන අපේ පුංචි ලංකාවේ ගත්තොත් 2020 අවුරුද්දේ මුල් දවස් 15 ඇතුළත විතරක් බරපතළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 42 ක් වාර්තා වුනා. මේ කියන්නේ ළමා අපචාරවලට අමතරව. ඒ වගේම වාර්තාවලට අනුව අපේ අල්ලපු රට ඉන්දියාවේ 2018 වසරේ සිදු වෙලා තියෙන ස්ත්‍රී දූෂණ ගණන 34000 ක්. පිරිමි පාර්ශවේ පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ අම්මා, අක්කා, නංගී, පෙම්වතිය, හොඳම යෙහෙළිය මොන තරම් නම් අවදානම් සමාජෙකද අද ජීවත් වෙන්නේ කියලා. කාන්තා පාර්ශවයට නම් අනිවාරෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සෑහෙන අවධානයක් දෙන්න වෙනවා. මම මේ කිව්ව ඉලක්කම් ගොඩක් අයට නිකම් ඉලක්කම් ටිකක් විතරක් වෙයි. මොකද තමන්ගේ කෙනෙකුට ඒ වගේ දෙයක් වෙනකම් ගොඩක් අයට මේකේ තියෙන බරපතළකම තේරෙන්නේ නෑ.
විශේෂයෙන් ලංකාව වගේ කන්‍යා පටලයෙන් කෙල්ලෙක්‌ගේ පිරිසිදුකම මනින දූපත් මානසිකත්වෙක ඉන්න රටක මේ තත්වේ ගැන මීට වඩා බරපතළව හිතන්නම වෙනවා. තමන් දූෂණයට ලක් වුනාම මොන තරම් නම් ප්‍රශ්න වලට මූන දෙන්න කෙල්ලෙක්ට සිද්ධ වෙනවද? සමාජයෙන් එන අපවාද නිමක් නෑ. ඒ මදිවට මේ සිස්ටම් එකේ තියෙන අවුල හින්දා තමන්ව පරීක්ෂා කරන්න එන හැම නිලධාරියාටම, වෛද්‍යවරයාටම, යාළුවන්ට නැවත නැවත් මේ අප්‍රසන්න කතාව මුල ඉඳන් අගට කියන්න සිද්ධ වෙනවා. ඒ මදිවට නඩු වාරේ ඇදුනොත් උසාවියටම කී පාරන් මේ කතාව මතක් කර කර ආයේ ආයේ කියන්න වෙනවද? ඒක මොන තරම් නම් අප්‍රසන්න අත්දැකීමක්ද? මේ හේතුව හින්දම තමන් දූෂඛයට ලක් වුනත් ඒ බව වසන් කරන්න සමහරු පෙළඹෙනවා. සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුන මේ සීරීස් එක අන්න එහෙම දූෂණයට ලක් වෙන අවාසනාවන්ත කාන්තාවන්ගේ සංවේදී කතාව ලෝකෙටම කියලා දෙනවා. මේ සීරීස් එන හදලා තියෙන්නේ ඇමෙරිකාවේ. ඇමෙරිකාව වගේ රටක දූෂණයට ලක් වුන නකාන්තාවන්ට මේ තරම් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා නම් ලංකාව වගේ සාම්ප්‍රදායික රටක දූෂණය වෙන කාන්තාවකට මොන තරම් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවද කියලා මේ සීරීස් එක බැලුවොත් තේරුම් ගන්න පුළුවන්.
මේ සීරීස් එකට පදනම් වෙලා තියෙන සත්‍ය කතාව ගැන ඉදිරි ලිපි වලදි ඒ ඒ කොටසට අදාළ වෙන විදිහට විස්තර අරන් එන්නම්. දැනට අපි අද කතාව ගැන ටිකක් බලමු. මරී ඇඩ්ලර් කියන්නේ අම්මා තාත්තා නැතුව තාවකාලික භාරකාරයො යටතේ හැදී වැඩෙන අවුරුදු 18ක කෙල්ලෙක්. 2008 අගෝස්තු 10 වෙනිදා රාත්‍රියේ නිවසට පැනපු නරුමයෙක් මේ කෙල්ලව පැය ගාණක් දූෂණය කරනවා. අගෝස්තු 11 වෙනිදා උදේ එයාගේ නිවසට ඇවිත් නිවස පරීක්ෂා කරන නිළධාරීන්ට මේ අපරාධකාරයා සම්බන්ධව කිසිම DNA සලකුණත්වත් හොයාගන්න ලැබෙන්නෙ නෑ. අපරාධකාරයා ඒ තරම් සූක්ෂමයි. මරී පොලීසියට කියන විදියට එයාව දූෂණය කරන්නේ අත් ගැට ගහලා. මේ නරුමයා සැරින් සැරේ මරීගේ ෆොටෝස් ගන්නත් අමතක කරන්නෙ නෑ. තමන්‌ගේ පහත් ආශාවන් ඉටු කරගෙන අපරාධකාරයා පැනලා ගියාට පස්සේ මරී අවසිහියෙන් වගේ ඇවිදගෙන ගිහින් කතුරක් හොයාගෙන අත් ලිහාගන්නවා. ඊටපස්සෙ මේ ගැන දැනගන්න මරීගේ භාරකාර අම්මා හරහා තමයි පොලීසියට මේ ආරංචිය ලැබෙන්නේ. ඉතින් එතනින් එහාට මරීට මොකද වෙන්නේ කියලා ඔයාලටම බලන්න දීලා මම ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,641 downloadsDownload Unbelievable-S01-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
30 comments
Tharindu Katuwawala
malithmadhushan45
මෙක බලන්නෙ නැතුව ලිපිය කියවල අදහස් පල කරන්න එපා. මෙකෙ සත්‍ය කතාව කියවන්න අනික. Section 375 ගැන කියල තිබ්බා සහෝදරයෙක් එකෙයි මේකෙයි ලොකු වෙනසක් තියෙනව. දූශනයට ලක් උන කෙල්ලෙක් තමන්ට එ දේ උනා කියල කියගන්න බැරුව කොච්චර දුකක් වින්දිනවද කියල තේරෙයි මේක බැලුවම. සබ් අරගෙන tv series බලල පොරක් වගේ කතා කලාට වැඩක් නැ. ඒක පට්ට කතාව. අයියෝ ඕක බැලුවේ කොයි කාලෙද. ඒවා තේරුමක් නැ. බලන දේ හරියට බලන්න. ඒ කයි මේකේ අපි සත්‍ය කතාව ත් එක්කම විස්තර කරන්න ලිපි ලියලා දැම්මෙ. නැත්තන් අපිට තිබ්බා එපියෙ කොටස් වලට අදාල ටික විතරක් දාලා ඉන්න. Rape කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්තන් තමන්ට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් එයාලගෙන් අහන්න. එක කොහොමද එයාලට දැනෙන්නෙ කියලා. ලිපියක් කියවල බොරුවට කහින්නෙ නැතුව. Imdb එකෙත් 8.9 rating හම්බේලා තියෙන්නෙත් මේකට නිකන් නෙවෙයි කියලත් ටිකක් හිතන්න.
malithmadhushan45
ස්තුතියි රවිඳු සහෝ
Astrix_A
when they see us වගේ එකක සබ් කරපු උඹ වගේ එකෙක් මේ තරම් ගොබ්බ විදිහට ආටිකල් එක ලියපු එක නම් චොර ගෑණු දූෂණය වීම ඉතාම අවාසනාවන්ත තත්වයක්. හැබැයි ගෑණියෙක් තමන් දූෂණය උනා කියපු හැටියෙ කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඒකි පෙන්නන පිරිමියා මරාගෙන කන්න ඕන කියල හිතන ගොබ්බ පිරිමි ඉන්නකන් ඕනම ගෑණියෙක්ට තමන්ට දිරවන්නැති පිරිමියෙක්ගෙ ජීවිතේ සදහටම විනාස කරල දාතහැකි. ඒ ඔය ගැහැණිය කියන්නෙ රැකගත යුතු ගෞරවනීය චරිතයක් කියල මන්දමානසික මතයක ඉන්න නිසා. උන් ඒ මතයට මුවා වෙලා ගෑණු කමෙන් වහගෙන ලස්සනට ප්‍රයෝජන ගන්නවා. section 375, when they see us, Criminal justice වගේ කතා ඒ බව බොහොම හොඳින් පෙන්වනවා.
Hashan M. Priyadarshana
ඒ කතාවෙත් ඇත්තක් තියනව බං Section 375 film එකේ එහෙම ඒක හොඳට පෙන්නනව
Sohan Jayasooriya
මේ මොන විකාරයක්ද කියවන්නේ?? ලිපිය ලිව්වේ රවිදු නෙමේ මම.. අනික මොකක්ද මේකේ තියෙන ගොබ්බකම.. මුලින් මේ සීරීස් එක බලලා හරි නැත්නම් මරී ඇඩ්ලර්ගෙ සිද්දිය කියවලා හරි එන්න බොරුවට බුරන්න කලින්.. ඔබතුමා කියන ඔය පැත්ත ගැනත් මේ සීරීස් එකේ වෙනම විග්‍රහයක් යනවා..ලිපියෙ කොහෙවත් කියලා නෑ දූශනය උන කෙල්ල කිව්ව පලියට ඒ කියන කෙනාව අල්ලපන් කියලා.. වැරැදි කරන අයට දඩුවම් දෙන්න කියලා විතරයි තියෙන්නෙ..දැන් එතකොට ඔබතුමා කියන විදියට දූශණය උනා කියන හැම කෙල්ලම කරන්නෙ බොරුවක්ද? බොරු කරන අයත් ඇති එහෙම අය නෑමයි කියලා ලිපියෙ කොහෙවත් කියවිලා නෑනේ.. මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව කතාව බලලා එන්න මුලින්.. ඔබතුමා බලපු කතාවක තියෙන සංකල්පයට අනුව හැම කතාවක්ම හැදෙන්න ඕනි , ඒ විදියටම හැමදෙනාම හිතන්න ඕනි කියලා හිතන්න තරම් මෝඩ විදියට හිතන්න එපා..ලිපිය ලියන්නෙ කතාවට සාදාරණයක් වෙන්න මිස ඔබතුමාට සාදාරනයක් වෙන්න නෙමෙයි..
Sohan Jayasooriya
ඔයා වගේ හැමදාම කමෙන්ට් කරන කෙනෙකුත් මේ වගේ මෝඩයෙක්ට සපෝට් කරලා තියෙන එක ගැන කණගාටුයි.. උඩ කෑ ගහලා තියෙන මනුස්සයා කෑ ගහලා තියෙන පදනම මොකක්ද.. එයාගේ හිතේ තියෙන දේ ඔප්පු වෙන විදියට ලිපිය ලියවිලා නෑ කියලා..වෙන කිසිම තර්කයක් නෑනේ.. මොකද එතුමා නොදන්නවා උනාට පොඩි ළමයෙක් උනත් දන්නවා එහෙම කෙල්ලෙක් පෙන්නපු පලියට මිනිහෙක්ව කුදලගෙන යන්නෙ නෑ කියලා.. DNA පරීක්ශණ වගේ දේවල් කරනවා ඒ දේ තහවුරු කරගන්න.. ඔයත් මුලින් කතාව බලලා එන්න සහෝ.. එතකොට ඔයාට තේරෙයි ලිපියෙ තියෙන්නෙ මොකක්ද කියලා.. උඩ ඉන්න නැට්ට පාගගත්ත කෙනාගේ තත්වෙට ඔයා වැටෙන්නෙපා..
Hashan M. Priyadarshana
ඒ කතාව 100%ක්ම අනුමත කරා නෙවේ Sohan Jayasooriya බ්‍රෝ මං මේ කතාව බැලුවා ඇත්ත කතාවක් නිසා ඉංග්ලිෂ් සබ් එකෙන්ම බලල ඉවර කරා ඇත්තටම Marie කියන කෙනා පත්වෙන අසරණකම මං දැක්කා හරි අවුල් ඒක බැලුවම.. හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනව.. මං ඒ ෆිල්ම් එක මේ සීරිස් එකත් එක්ක සසඳන්න උත්සාහ කලා නෙවෙයි.. අනික මම නොදන්නව නෙවේ ගැහැණු කෙනෙක් මාව අසවල් පිරිමි කෙනා දූෂණය කරා කිව්ව පලියටම ඒ කෙනාව අල්ලන් යන්නෙ නෑ කියල..
මගෙ reply එකෙන් කාගෙ හරි හිත රිදුන නම් සමාවෙන්න :) :) :)Hashan M. Priyadarshana
ඒ රිප්ලයි එක ඩිලීට් කරන්න බෑ මට ඒත් මං ඒක ඉල්ලා අස් කරගන්නව :) :) :)
Sohan Jayasooriya
අනික ඔබතුමාගේ තියෙන දැනුම ගැන පේනවා.. එහෙම දූශණය උන කෙල්ල පෙන්නපු පලියට මිනිහෙක්ව කුදලගෙන යන්නෙ නෑ.. කෙල්ලව ඇත්තටම දූශණය වෙලාද කියලා මුලින්ම ඩොක්ටර්ස්ලා චෙක් කරනවා.. වැරදිකාරයව අදුරගන්න DNA පරීක්ශණ වගේ එක එක පරීක්ශණ කරනවා.. මේ කතාවෙත් ඒක පැහැදිලිව පෙන්නනවා.. ඔබතුමා හිතන විදියට ඒ දේවල් සිද්ද වෙන්නෙ නෑ.. හරියට හොයලා බලන්නෙ නැතුව මෙහෙම කතා කරන ඔබතුමා වගේ අයට අනුකම්පා කරනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ..
Sohan Jayasooriya
හරි හරි සහෝ ඔයා වැරදි අදහසකින් කිව්වේ නෑ කියලා දන්නවා.. මටත් ටිකක් තරහා ගියා අර උඩ කෑ ගහලා තියෙන මෝඩයගෙ කතාවට.. ඒකයි.. ඒක අවුලක් නෑ..
Prabodha
Sthuthi sahoo..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!indika75
සංවේදී කතාවක්,හරවත් ලිපියක්.ස්තූතියි..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ලිපියෙන් නම් සෑහෙන වටින පණිවිඩයක් දුන්න බ්‍රෝ සමාජෙට
Suranjan
Thanks jayawewa...!
Madhu@7
නියමයි. මේක දෙනවා කිව්ව දවසෙ ඉඳන් බලන් හිටියේ අනික් ටිකත් දවසින් දවසවත් දුන්නා නම් වටිනවා. ජය!
Bandaramudiyansi
1BR (2020) ඔකටත් subtitles දන්න පුළුවන් ද. ඔයාගෙ ලිස්ට් එකට එන්න ඔන එකක්
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Amal Kumara
උපසිරසට ස්තූතියි.. අනිත් සබ් ටිකත් දෙනකම් ඉන්නෙ...
Udara Damith Dissanayaka
balamukoo balalaa
koluw
mewathama oni bn ubala dennane
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx bro.............
Lahiru Lakshan
thanks....
suranuwan
thanks...
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Mulma comment eka onna magen.. stuthi sahodaraya..