Unbelievable කතා මාලාවේ දෙවැනි උපසිරැසිය අරගෙන ආවේ මමයි. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ කතා මාලාවේ කොටසක් කරන්න එන්න කියලා ආරාධනා කරපු සොහාන් සහෝදරයට. මුලදී උපසිරැසි කරන්න ඇත්තටම මම අදිමදි කළා. මොකද මම තවත් උපසිරැසියක් කරමින් හිටිය නිසා. ඒ නිසාම කතාවේ අදාළ වුණ කොටස විතරක් අරගෙන උපසිරැසි කරන්න හිටපු…

Unbelievable කතා මාලාවේ දෙවැනි උපසිරැසිය අරගෙන ආවේ මමයි. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ කතා මාලාවේ කොටසක් කරන්න එන්න කියලා ආරාධනා කරපු සොහාන් සහෝදරයට. මුලදී උපසිරැසි කරන්න ඇත්තටම මම අදිමදි කළා. මොකද මම තවත් උපසිරැසියක් කරමින් හිටිය නිසා. ඒ නිසාම කතාවේ අදාළ වුණ කොටස විතරක් අරගෙන උපසිරැසි කරන්න හිටපු මට මුළු සීසන් එකම ඉවර වෙනකම් නොබලා ඉන්න බැරි වුණා. කතාවනම් නියමයි. මුල් කොටස බලපු නිසා ඔයාලා දැනටමත් දන්නවා කතාවේ යන්නේ මොන වගේ සිදුවීමක් ඇසුරින්ද කියලා.
කලින් කොටස ගැන කෙටියෙන් කිව්වොත් මරීව දූෂණය කරපු අපරාධකාරයා ගැන කිසිම සාක්ෂියක් හොයාගන්න පොලීසියට බැරි වුනා. ඒ කෙල්ල ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න පුළුවන් ඒ තත්වෙට මූණ දීපු කෙල්ලෙක්ටම විතරයි. ඒ තරම් අවාසනාවන්ත තත්වයකට මූණ දීලා ඉද්දිත් සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න හින්දා ඒ අප්‍රසන්න සිදුවීම කී දෙනෙක් එක්ක නම් මුල ඉඳන් අගටම කියන්න මරීට සිද්ධ වුනාද? ඒ මදිවට අපරාධකාරයා ගැන හෝඩුවාවක් නැති හින්දා වගේම, මරීට වුන දේ ගැන පැහැදිලිව කියාගන්න බැරි හින්දා මරීගේ කතාව ගොතපු කතාවක් කියලා පිළිගන්න තැනට පත් කලා අර පොලිස් නිළධාරීන් දෙන්නා. හිතලා බලන්න ඇත්තටම මේ සිදුවීමට මූණ දුන්න කෙල්ල මොන තරම් නම් අසරණ වෙන්න ඇතිද කියලා. කෙහොමහරි අද කතාවෙදී පරීක්ෂක ග්‍රේස් රස්මුසේන් වගේම පරීක්ෂක කැරන් ඩුවෝල් කියන ප්‍රධාන චරිත දෙකක් අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. ග්‍රේස් රස්මුසේන් කියලා මේ කතාවේ ඉදිරිපත් කරන්නේ ඇත්තම මරීගේ කතාවේ පරීක්ෂක එඩ්නා හෙන්ඩර්ශොට් (Edna Hendershot) කියන කාන්තා රහස් පරීක්ෂකවරියගේ චරිතය.

Sgt. Edna Hendershot
ඒ වගේම පරීක්ෂක කැරන් ඩුවෝල් විදිහට මේ කතාවේ ඉදිරිපත් කරන්නේ ඇත්තම මරීගේ කතාවේ පරීක්ෂක ස්ටේසි ගැල්බ්‍රේත් (Stacy Galbraith) කියන කාන්තා රහස් පරීක්ෂකවරියග් චරිතය.

Det. Stacy Galbraith
ඒ වගේම මරී කළේ බොරු පැමිණිල්ලක් කියලා වැඩේ එහෙම්පිටින්ම අවුල් කරන පරීක්ෂක පාකර්ගේ චරිතයට ඇසුරු කරගෙන තියෙන්නේ ඇත්තම මරීගේ කතාවේ පරීක්ෂක ජෙෆ්රි මේසන්ව (Jeffrey Mason). ඒ වගේම පාකර් එක්කම සෙට් වෙලා මරීව ඒ විදිහට අසරණ කරන්න උදව් කරන අනිත් කෙනා පරීක්ෂක පෲට්ගේ චරිතයට ඇසුරු කරගෙන තියෙන්නේ පරීක්ෂක ජෙරී රිට්ගන්ව (Jerry Rittgarn) .
මේ කතාව ගොඩක් ලස්සන වෙන්න නම් ආසාවෙන් රසවිඳින්න නම් අනිවාර්යයෙන්ම ඊළඟට වෙන්න යන දේ නොකියා ඉන්න තරමට තමයි හොඳ. ඒ නිසා මේ කතා මාලාව දිගටම නරඹන්න කියලා සියළුම දෙනාට ආරාධනා කරනවා.
එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,781 downloadsDownload Unbelievable-S01-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
14 comments
malithmadhushan45
Sandun fernando
netflix ගේ සුපිරි වැඩක් ... බොහොම ස්තුතියි සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Suranjan
Thanks jayawewa......!
Udara Damith Dissanayaka
maru
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx sis........
Jeewantha
පලවෙනි episode එක බැලුවා. පට්ට කථාවක් වගේ. මෙවැනි සුපිරි කථාවක් සබ් දෙන්න තෝරගත්ත ඔබට ස්තුතියි.
Lahiru Lakshan
thanks...
suranuwan
thank you......
indika75
thanks..
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සොනාලි නංගි සබ් එකට