අවසාන කතාංගය!!! එපිසෝඩ් හතරක් පුරාවට දැනටම ඉන්දියානු විමුක්ති අරගලකාමීත්වය හිතේ පැළපදියම් වෙලා තියෙන වෙලාවක පස්වෙනි, එහෙමත් නැත්නම් අවසන් කතාංගයත් ගෙනත් තියෙනවා දැන්. බය වෙන්න එපා! පහළට කියවන් යන්න. මුකුත් ස්පොයිල් කරන්නේ නැහැ, හරිය. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ, Episodes පහ පුරාවටම අපිත් සමඟින් රැ…

අවසාන කතාංගය!!! එපිසෝඩ් හතරක් පුරාවට දැනටම ඉන්දියානු විමුක්ති අරගලකාමීත්වය හිතේ පැළපදියම් වෙලා තියෙන වෙලාවක පස්වෙනි, එහෙමත් නැත්නම් අවසන් කතාංගයත් ගෙනත් තියෙනවා දැන්. බය වෙන්න එපා! පහළට කියවන් යන්න. මුකුත් ස්පොයිල් කරන්නේ නැහැ, හරිය.

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ, Episodes පහ පුරාවටම අපිත් සමඟින් රැඳුණු ඔයාලා හැමදෙනාටම. ImMATUREට පස්සේ ආයෙමත් වෙබ්සීරීස් එකක් නම් කරන්නෑ කියලා හිතාන හිටියට අහම්බෙන් දැකපු The Forgotten Army නිසා තීරණේ පොඩ්ඩක් වෙනස් වුණා. මන් හිතනවා, මුල ඉඳන් එකදිගට කතාව හොඳට රස විඳින්න ඇති කියලා… කතාව දැනුණේ කොහොමද..? හොඳයිද..? මෙලෝ රහක් නැත්ද..? වෙනදා අදහසක් පළ කරන් ගියෙ නැතත්, ඔය සේරම අද කියාගෙන යන්න පහළින්. මොකද අදින් පස්සේ ආයෙ කැප්ටන් සෝදිලව..මායාලව.. මුණ ගැහෙන්නේ නෑනේ! අනික ආයෙමත් වෙබ් සීරීස් එකකට අත ගහනවදෝ කියලා තීරණය වෙන්නේ ඒ ප්‍රතිචාර මතයි.

එක් පසෙකින් මෝසම් වැස්ස
අනෙක් පසින්, බ්‍රිතාන්‍යයින්ගේ ගුවන් ප්‍රහාර
ඔවුන් මාස 03ක් පුරාවට ඉම්පාල් ද්‍රෝණිය ආසන්නයේ කඳවුරු ලා සිටියා!
අවසාන මොහොතේ,
බලවත් ජපාන අධිරාජ්‍යය පවා සටන අතහැර පසු බසිද්දි….
ඉන්දියානුවන් තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරි පියවර තිබ්බා
“මට රුධිරය දෙන්න.
මම නිදහස දෙන්නම්. ”
ඉන්දීය ජාතික හමුදාවේ නායක නේතාජී, සුභාෂ් චන්ද්‍රබෝස්ගේ වචනයෙන් ඔද තෙද ලැබූ විමුක්තිකාමීන්,
කිසිවෙකුගේ, කිසිදු උපකාරයක් නොමැතිව දහස් ගාණක බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව සටනට බැස්සා!
රාජකීය ඉන්දීය නාවික හමුදාවේ කැරැල්ලක් ඇති වුණා…
දසදහස් ගාණක් ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය පාමින් පාරට බැස්සා!
භාරත් මාතාවට නිදහස ලබා දෙන ඒ සටන තවතවත් පණ ලබමින් ඉදිරියට ගියා,
ඔබත් මමත් කතාංග පහක් පුරාවට එකතු වුණේ ඒ කතාවටයි.
විමුක්තිකාමීන්ගේ නොනිමි අරගලයක කැපවීමේ කතාවටයි.
අද ඒ අරගලය අවසාන වෙනවා…
අද ඒ පරිච්ඡේදය අවසාන වෙනවා….
අදීන ජාතියක නිර්භීත වීරයන්ගේ කතාවක් අදින් මැකී යනවා,
අන්තිම වාක්‍ය තුන හරියට තේරුණේ නැහැ වගේද?
ඔව්, හිතලමයි එහෙම කිව්වේ.
ඒ තේරුම හොයාගන්න, ගොඩ වදින්න අවසාන පස්වන කතාංගයට!

මම මේ කතාව මුල්ම එපිසෝඩ් එකේ පොඩියට කිව්වා විතරයි. මොකද මන් දන්නවා, පළවෙනි ලිපිය කියවන හැමෝම මේ විස්තරය කියවන්නේ නැහැ කියලා. ඒත් දැන්, අවසානයට ළඟා වෙලා. මෙතන ඉන්නේ Forgotten Army රසයෙන් පිස්සු වැටුනු එවුන් ටිකක් විතරයි. ඒ හින්දා උඹලා මේ වැඩේ කරන විත්තිය මම සහසුද්ධෙන්ම දන්නවා. මතකයි නේද මම ගිනස් වාර්තාවක් ගැන කිව්වා?

ඔව්, මේ තමයි ගිනස් ලෝක වාර්තාවක් පිහිටවපු ඉන්දියාවේ ප්‍රථම සහ එකම වෙබ්-කතාමාලාව!

මොකක්ද මේ කතාව? ඔහොම්මම යන්න YouTube එකට. සර්ච් කරන්න, Guinness World Records -The Forgotten Army. ජාතියකටම අමතකව ගිය හමුදාවක් වෙනුවෙන් ඔවුන් ජාතියකටම අමතක නොවන වැඩක් කළා. මේ කතාමාලාව ලෝ පුරාම ජනතාවට සමීප කරන්න ප්‍රයිම් ආයතනයෙන් ලොකු කැම්පේන් එකක් කළා වගේම, විශේෂ Musie Event එකකුත් ඉදිරිපත් කළා, LIVE 1000 with Pritam කියන නමෙන්. The Largest Indian Cinematic Music Band යන, Title එක යටතේ වාදන ශිල්පීන් 1046ක සහභාගීත්වයෙන් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔවුන් මෙම ඉන්දීය ජාතික හමුදාව නැවතත් ඉතිහාසගත කළා.

ඩේටාවලට ලෝබ වෙන්නේ නැතුව ගිහින් ඒ වීඩියෝව බලන්න. ඇඟේ හිරිගඬු පිපෙන තරමට ඔබ වශීකෘත වේවි. මේ අපේ රටේ වැඩක් නෙමෙයි, කියලා නොහිතෙන තරමටම හිත බැදේවි. ඔව්, මට එහෙම වුණා. බොරු වර්ණනා කරලා ඇඟේ ගහනවා නෙමෙයි. කොහෙවත් තියන යූටියුබ් වීඩියෝවකින් මට පෞද්ගලික වාසියක් තියෙනවා කියල යැ. මේ කතාංග පහ පුරාවටම රැඳී හිටපු බව මේ මොහොත අහිමි කරගත්තොත් ඒක ලොකු පාඩුවක්! ඒ හින්දයි මෙච්චර කියවන්නේ. බලන එක, නොබලන එක ඔබේ තීරණයක්! පස්සේ දොස් කියන්න එපා.

අපේ රටේ කතාවක් නොවුණත්, කතා කරන්නේ අපේ රණවිරුවෝ ගැන නොවුණත් මේ කතාමාලාව පුරාවමට මට දැනුණේ මාරම ආඩම්බරයක්. මෙච්චර කල් මේත් එක්කම හිටපු ඔබටත් ඒ හැඟීමම දැනුණු විත්තිය මම දන්නවා. විශේෂයෙන්ම 04වන එපිසෝඩය අන්තිමේදි. පස්වන කතාංගයත් ඊට දෙවෙනි නැහැ! Saving Private Ryanට සමාන දර්ශන පෙළකුත් බලාගන්න පුලුවන් වෙයි. Background Music ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ආයෙ මම අමුතුවෙන් ඒ ගැන කියන්න දෙයක් නැහැනේ! ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සෝදිගෙයි මායාගෙයි ආදර කතාව ගැනත් අද බලාගන්න පුලුවන් වේවි.

අතිශය ඉහළ ඉන්දියානු කෝටි 150ක පිරිවැයක් දරමින් එදා මෙදාතුර භාරත ඉතිහාසයේ OTT ප්ලැට්ෆෝමයක් වෙනුවෙන් දරපු වැඩිම පිරිවැය…
බොලිවුඩයේ ඉහළම තරුපන්තිවල දායකත්වයෙන් සැරසුණු වසරේ ඉන්දීය වෙබ් කතා-මාලාව!!
එසේ නම්, පස්වන අවසන් කොටසත් අත්විඳින්න…
තවත් ඉන්දියානු වෙබ් කතාමාලාවක් සමඟින් ටිකක් දිග විවේකයකට පස්සේ ආයෙමත් මුණ ගැහෙමු.

කමෙන්ට් තීරුව ඔබට බාරයි! හිතට දැනුණ නම් ආයෙ අපි ඇන ඇන කියන්න දෙයක් නැහැ. පහළින් අදහස දවටගෙන යන්න. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, ඒ ප්‍රතිචාර තමයි හැකි ඉක්මනින් ආයෙමත් උපසිරැසිය් ගේන්න අපිට හයියක් වෙන්නේ…

ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,287 downloadsDownload TFA-S01E05.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,287 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.