Watch Trailer

Under the Bridge [E04] Sinhala Subtitles | වර්ක් පවුලේ අතීත කතාව [සිංහල උපසිරසි සමඟ]

Under the Bridge Mini Series Sinhala Subtitles ජොස‍ෆින් එක්ක එදා රෑ පාලම යටදි රීනාට පහර දෙන්න සම්බන්ධ වුන එක සිසුවියක් ප්‍රශ්න කරනවා සේරමලගෙන් රීනා කොහොමද මෙහෙම මැරිලා ඉන්නේ කියලා. මෙතනදි ඩස්ටි උත්තර දෙනවා ජොස‍ෆින්ගෙන් අහන්න කියලා. එතකොට ජොස‍ෆින් දෙනවා අපි කවුරුවත් බලාපොරොත්තු නොවුන උත්තරයක්. ඒ තමා…

Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles

ජොස‍ෆින් එක්ක එදා රෑ පාලම යටදි රීනාට පහර දෙන්න සම්බන්ධ වුන එක සිසුවියක් ප්‍රශ්න කරනවා සේරමලගෙන් රීනා කොහොමද මෙහෙම මැරිලා ඉන්නේ කියලා. මෙතනදි ඩස්ටි උත්තර දෙනවා ජොස‍ෆින්ගෙන් අහන්න කියලා. එතකොට ජොස‍ෆින් දෙනවා අපි කවුරුවත් බලාපොරොත්තු නොවුන උත්තරයක්. ඒ තමා ”මම ඒකීව මැරුවේ නෑ, නිකන් අතින් දාලා කිව්වේ” කියලා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ජොස‍ෆින්ගේ ප්‍රචන්ඩකාරී මැර පසුබිමත් එක්ක මෙයාට ඕනේ වුනේ මිනියක් තමන් මැරුවා කියලා ඒකේ නම්බුව අරන් හැමදෙනා අතරම ප්‍රසිද්ධ වෙන්න වගේම රෙබෙකාට බොරු කියලා එයා එක්ක නිව්යොක් යන්න මඟක් පාදගන්න. ජොස‍ෆින් නෙමෙයි රීනාව මැරුවේ කියලා අපිට තවත් හොඳටම තහවුරු කරගන්න පුළුවන් කැම් අර පාලම ගාව ඉඳන් සෙවන් ඕක්ස් වලට වාහනේ පැයට කිලෝමීටර 150ක වේගයෙන් එළවගෙන ගිහින් කරපු පරික්ෂණයෙන්. රීනාව මැරුවේ තමන් කියලා ජොස‍ෆින් රෙබෙකට කිව්වා කතාව කැම්ගේ මේ අදහස් දැක්වීමත් එක්ක නිකන්ම ප්‍රතික්ෂේප වෙලා යනවා. මොකද රෑ 11:47 වෙද්දිත් රීනා පණ පිටින් හිටපු බවට CCTV දර්ශන වල තියනවා. එදා රෑ 12ට සෙවන් ඕක්ස් නිවාසනයේ ඇදිරි නීතිය පනවන්න කලින් ජොස‍ෆින් ගිහින් ඉඳලා තියනවා. ඒ කියන්නේ මොන විදියටවත් ජොස‍ෆින්ට විදියක් නෑ 11:50ට වගේ රීනාව මරලා රෑ 12 වෙන්න කලින් සෙවන් ඕක්ස් වලට යන්න. ඊළඟට අපිට දකින්න ලැබුණා වොරන්ගේ පෙම්වතිය සමාරා දකිනවා තමන්ගේ පෙම්වතාගේ පරණ ඇඳුම් වගයක ලේ තැනින් තැන තැවරිලා තියනවා. මෙතනදි සමාරා හොඳටම වොරන්ව සැක කරන්න ගන්නවා රීනාගේ මරණය සම්බන්ධව. සමාරා එදා රෑ පාලම යට වුන දේ නිකන් බලාගෙන හිටපු තමන්ගේ යෙහෙළියකගෙන් අහනවා ”වොරන් එදා මොකද කරේ” කියලා. මේ යෙහෙළිය එතකොටම සමාරා දිහා බලපු විදියෙන් කියන්න පුළුවන් වොරන් මොනවමහරි බොහොම නරක දෙයක් රීනාට එදා කරන්න ඇති කියලා. රීනාගේ මරණ පරික්ෂණ වාර්තාව එළියට ආවම පොලිසිය දැනගන්නවා රීනා පැහැදිලිවම මැරිලා තියෙන්නේ දියේ ගිලීමෙන් කියලා. නමුත් මරණ පරික්ෂණවරිය විශේෂයෙන් සඳහන් කරනවා රීනාව මරලා දාන්න කලින් බොහොම දරුණු විදියට රීනාට පහර දීලා තැලීම් තුවාල සිදුකරලා තියන බවත් මේ එල්ල කරපු පාරවල් වලින්ම පවා රීනා නිකන්ම මැරිලා යන්න ඉඩ තිබුනත් කියලා. මේකෙන් අපිට පේන්නේ එදා පාලම යටදි බොහොම දරුණු අමානුශිකම විදියට රීනාට පහර දීලා තිබෙන බව. රීනාට කිසිම ලිංගික හිංසනයක් මෙතන වෙලා නැති බව මරණ පරික්ෂකවරියගෙන් කැම් ප්‍රශ්න කරපු වෙලාවේ අපිට දැනගන්න ලැබුණා. මේ අතරේ රෙබෙකා තමන්ගේ පොතට කරුණු හොයමින් නගරය පුරා සැරිසරනවා දකින්න ලැබුනා. මෙහෙදි වොරන් එක්ක රෙබෙකා හොඳ මිතුදමක් ගොඩනගා ගන්නවා. අවසානයේ අපිට දකින්න ලැබුනා කෙලීගේ අල්මාරියේ ඇතුළේ තියලා රීනාගේ සපත්තු දෙක ඩස්ටි හොයාගන්නවා ජොස‍ෆින් සහ කෙලී ඉදිරිපිටම. මෙතනදි කෙලී පිළිගන්නවා තමන් රීනාව මරපු බව. මේක අපි කවුරුවත් නොහිතපු දෙයක්. හැබැයි කෙලී විතරද මේකට සම්බන්ධ කියලා අපිට ලොකු සැකයක් මතුවෙනවා. මොකද අර වොරන්ගේ ඇඳුම් වල ලේ තැවරිලා තිබුණ හින්දා. තව තව කවුරු මේකට සම්බන්ධ ඇතිද කියලා අපිට ප්‍රශ්නාර්තයක් ඉතිරි වෙනවා.

Under the Bridge Mini Series Sinhala Subtitles

අද කොටසෙන් ඔයාලට දකින්න ලැබෙනවා රීනාගේ අම්මා තාත්තා ආච්චි සීයාගේ අතීත කතාව ගැන. මේක හුඟක් වැදගත් වෙනවා රීනාට ඇත්තටම මේ වුන දේ තව තවත් ඔයාලට හොඳට තේරුම් අරගන්න. රීනා මැරෙන්න කලින් වර්ක් පවුල එක්ක රීනාගේ යාළුවෝ ගත්තු එක රෑ කමක් ගැනත් අද පෙන්නනවා.

Under the Bridge Mini Series Sinhala Subtitles
Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles

එහෙනම් සුපුරුදු විදියට අපි ඊළඟ කොටසින් හම්බවෙමු.

Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

998 downloadsDownload Under-the-Bridge-E04-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Under the Bridge Mini Series Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

UD Shehan

Subtitles

998 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Rasika Rathnayake

    please add the ep 05 and rest

  2. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට.....
    ජයවේවා.......