Watch Trailer

Under the Bridge [E06] Sinhala Subtitles | සාක්ෂිකාරයොන්ව ඉතුරු කරගන්න බෑ [සිංහල උපසිරසි සමඟ]

Under the Bridge Mini Series Sinhala Subtitles පහුගිය කොටසේ අපිට දකින්න ලැබුණා රීනාගේ බූට් සපත්තු දෙක කෙලීගේ අල්මාරියෙන් හම්බවෙනවා. මේක දැකලා ඩස්ටි හොඳටම කලබල වුණා ඒත් ජොස‍ෆින් නම් ඒ හැටි ලොකු ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ. ඒ වුනත් හිත ඇතුළෙන් ජොස‍ෆින් ලොකු බයකින් හිටිය හැටි දකින්න ලැබුණා. “මම ඒක කළේ අප…

Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles

පහුගිය කොටසේ අපිට දකින්න ලැබුණා රීනාගේ බූට් සපත්තු දෙක කෙලීගේ අල්මාරියෙන් හම්බවෙනවා. මේක දැකලා ඩස්ටි හොඳටම කලබල වුණා ඒත් ජොස‍ෆින් නම් ඒ හැටි ලොකු ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ. ඒ වුනත් හිත ඇතුළෙන් ජොස‍ෆින් ලොකු බයකින් හිටිය හැටි දකින්න ලැබුණා. “මම ඒක කළේ අපි හැමෝටම උදව්වක් විදිහට,” “ඒකී පොලීසියට කතා කරන්න තිබුණා.” මෙන්න මෙහෙම කෙලී එවෙලේ ජොස‍ෆින්ටයි ඩස්ටිටයි කිව්වා. ඩස්ටි නම් ඒක කොහෙත්ම පිළිගන්න ලැස්ති වුණේ නෑ. ඒත් ජොස‍ෆින් අමාරුවෙන් වුණත් කෙලීගේ පැත්ත අරගත්තා. මොකද තමන්ගේ යාළුවා තමන් වෙනුවෙන් රීනාව ඇත්තටම මරලා තියන හින්දා. රීනාගේ අවමඟුල් උත්සවයේදී රිබෙකා ගොඩ්ෆ්‍රි රීනා ගැන පොත ලියමින් හිටියා. කතාවේ පෙර මතකයන් පෙන්වනකොට දකින්න ලැබුණා ජොස‍ෆින් රීනා එක්ක බොහොම සුහඳව හිටිය පුංචී හෝරාවක්, දෙන්නම මැත්පැන් පානය කරමින්. ඒ තමන්ගේ තාත්තව බොරු කැත චෝදනාවකට අහුකරලා රීනා සෙවන් ඕක්ස් වලට ආවා පළවෙනි දවසේ ‍රැ කෙල්ල තනියම කාමරයට වෙලා ඉද්දි. මම හිතන්නේ ජොස‍ෆින් කොච්චර දුෂ්ට දරුණු කෙල්ලෙක් වුනත් බොහොම පුංචී උණුවෙන හදවතක් කෙල්ලගේ ඉතුරුවෙලා තියනවා කියලා. වොරන් ග්ලොවට්ස්කි රීනාගේ මරණය ගැන පාපොච්චාරණය කිරීමක් රෙබෙකාට එදා මෙන්න මෙහෙම කෙරුවා, “මම රීනා මැරෙනවා දැක්කා.” කෙලී රීනාට එයාගේ සපත්තු ගලවන්නයි කියලා පස්සේ ගහන්න ගත්තා.” මෙහෙම වොරන් කියලා මේ ගැන බොහොම හැඟීම්බරව දුක් වෙන්න ගත්තා. අවසානයෙදි දකින්න ලැබුණා තව තවත් විස්තර කෙලී බොහොම උජාරුවෙන් රීනාව තමන් මරපු විදියට ජොස‍ෆිනුයි ඩස්ටියි ඉන්න තැන දෙන්නටම හිනාවේවී කියනවා. මෙතනදි මේකට හොඳටම කේන්ති ගිය ඩස්ටි කෙලීට පාරක් ගහනවා ලේ එන්නම. පස්සේ ඩස්ටි මෙතනින් ගියාම ජොස‍ෆින් කෙලී එක්ක එකතුවෙලා ඩස්ටිට එරෙහිව බොහොම දුෂ්ට කුමන්ත්‍රණයක් සැලසුම් කරනවා කෙල්ලගේ කටවහලා දාන්න. මොකද ජොස‍ෆින් බයවෙනවා ඩස්ටි මේ හැමදේම පොලිසියට කියලා දාලා කෙලීව අහුකරලා දායි කියලා. මේ සිදුවීම් මාලාව තුළින්ම අපිට පේන්න තියනවා නව යොවුන් විය තරුණියන්ගේ ජීවිත වල සංකීර්ණතාවය සහ ඔවුන්ගේ තීරණ වල ප්‍රතිවිපාක ගැන.

Under the Bridge Mini Series Sinhala Subtitles
Under the Bridge Mini Series Sinhala Subtitles

අද කොටසින්,

රෙබෙකා සහ කැම් දෙන්නා අතර තියෙන සම්බන්ධය දැන් ටික ටික දුරස් වේගන යන්න ගන්නවා. දෙන්නට දෙන්නා විශ්වාස කරන්න බැරි මට්ටමට පත්වෙනවා. මේ අතරේ වර්ක් පවුලේ අය දැඩී පීඩනයකින් කටයුතු කරනවා දකින්න ලැබෙනවා. තමන්ගෙ ප්‍රශ්න තමන්ම විසඳගන්න ඕනේ කියලත් තීරණය කරනවා. කෙලී, ජොස‍ෆින්, ඩස්ටි තුන්දෙනා අද මෙක්සිකෝ ගමන යන්න ලැස්ති වෙනවා. මේ සේරම මැද්දේ තව කෙනෙක්ගේ ජීවිතේට තර්ජනයක් එල්ල වෙනවා. මොකද්ද වෙන්න යන්නේ? කවුද මේ අලුතෙන් අනතුරේ ඉන්නේ?

Under the Bridge Mini Series Sinhala Subtitles
Under the Bridge Mini Series Sinhala Subtitles

එහෙනම් ඊළඟට කොටසින් ඉක්මනින්ම හම්බවෙමු.

Under the Bridge Mini Series Sinhala Subtitles

Under the Bridge Mini Series Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

869 downloadsDownload Under-the-Bridge-E06-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Under the Bridge Mini Series Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

UD Shehan

Subtitles

869 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Buddhika laKMal

    Thanks bro sub ekata