Under the Bridge Mini Series Sinhala Subtitles 6 කොටස පටන් ගන්නෙම පෙර මතක ආවර්ජනයකින්. ඒ 1982 කැම් සහ රෙබෙකාගේ නව යොවුන් වියේ කාලෙන්. මෙතන ගේබ් කියන රෙබෙකාගේ නැතිවුණ වැඩිමල් සහෝදරයට වෙන කණගාටුදායක සිදුවීම අපිට දකින්න ලැබෙනවා. මේ වර්තමානයේ ඉන්න රෙබෙකයි ඒ කාලේ පෙන්නපු රෙබෙකයි ගත්තම ලොකු වෙනසක් තියනව…
Under the Bridge Mini Series Sinhala Subtitles
6 කොටස පටන් ගන්නෙම පෙර මතක ආවර්ජනයකින්. ඒ 1982 කැම් සහ රෙබෙකාගේ නව යොවුන් වියේ කාලෙන්. මෙතන ගේබ් කියන රෙබෙකාගේ නැතිවුණ වැඩිමල් සහෝදරයට වෙන කණගාටුදායක සිදුවීම අපිට දකින්න ලැබෙනවා. මේ වර්තමානයේ ඉන්න රෙබෙකයි ඒ කාලේ පෙන්නපු රෙබෙකයි ගත්තම ලොකු වෙනසක් තියනවා නේද ? ඒ කාලේ රෙබෙකා හරිම මුරණ්ඩු දඩබ්බර කෙල්ලෙක්. තමන්ගේ අයියට සලකන පහත් විදිය ඇත්තටම අපිට පිළිගන්න බෑ. පොඩි ඉඩක්වත් අයියටත් දෙන්නේ නෑ, කපලා සවුත්තු කරලා දාන්නමයි රෙබෙකා බලන්නේ. ඒ මං හිතන්නේ කැම් ගැන පුංචි රෙබෙකාට තිබුණ ආදර හිත නිසා වෙන්න ඇති. අපි දැක්කා ජොසෆින්, කෙලී එකතුවෙලා බොරුවට මෙක්සිකෝවේ යනවා කියලා ඩස්ටිව රවට්ටලා බීම එකකට මී පාසානම් දාලා ඩස්ටිව මරන්න උත්සහා කරා. මේ සැලසුම බාගෙට අසාර්ථක වෙනවත් එක්ක ඩස්ටිව කෝච්චියට හප්පවන්න මේ දෙන්නම කටයුතු කරනවා. වස එක බීලා යම් තරමක අසාධ්‍ය මට්ටමින් හිටපු ඩස්ටිව කොහොමහරි මේ දෙන්නා පොළොඹව ගන්නවා සියදිවි නසා ගැනීමේ මාවතකට. මේක තදින්ම බාරගන්න ඩස්ටි කෝච්චියට පැනලා මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි ජොසෆින් තමන්ගේ හිත නැවත වෙනස් කරගන්නවා අපිට දකින්න ලැබුණා. මේකෙන් හොඳටම පේන්න තියනවා ජොසෆින් දරඳඩු දුෂ්ට චරිතයක් වුණාට ඇතුළතින් තවමත් ළාමකයි උණු වෙන හදවතක් තමා ඉතුරු වෙලා තියනවා කියලා. කෙලීගේ නම් මෙහෙම අඹ මල් රේණුවක ගති ගුණයක් හොඳක්වත් ඉතිරි වෙලා නම් නෑ. ඒක නම් පැහැදිලිවම ආයේ කියන්න පුළුවන්. මේ අතරෙම සමාරා රීනාගේ මරණය ගැන වොරන්ගේ සම්බන්ධය කියලා දුන්න කට උත්තරය අපිට දකින්න ලැබුණා. මේකෙන් වොරන් සම්පූර්ණයෙන්ම නීතියට කොටු වුණා අවසානයේ. වොරන් විතරක් නෙමෙයි හැමදෙනාවම.


අද කොටසෙන් ඔයාලට උසාවියේ නඩු වාරයක් දැකබලා ගන්න පුළුවන්. හිරේ ඇතුළේ මේ සේරම සිසු සිසුවියෝ ටික ගෙවන දුක්ෂර ජීවිතය ගැනත් බලාගන්න පුළුවන්. ඇත්තටම අද වර්ක් පවුලට සාධාරණය ඉෂ්ඨ වෙයිද ? මේ මිනීමැරුමට සම්බන්ධ ප්‍රධානීයා කෙලීට මොකක්වෙයිද අද ?


එහෙනම් අන්තිම කොටසින් අපි හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
801 downloadsDownload Under-the-Bridge-E07-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Under the Bridge Mini Series Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Aiyana Goodfellow
- #Anoop Desai
- #Archie Panjabi
- #Arta Negahban
- #Brian Markinson
- #Chloe Guidry
- #Chris Nowland
- #Cleo Patricia Annan
- #Conor Stinson O'Gorman
- #Daniel Diemer
- #Dayah Brar
- #Dhirendra
- #Ella Dixon
- #Evan Rein
- #Ezra Faroque Khan
- #Glynis Davies
- #Isabella Leon
- #Izzy G.
- #Jaiven Natt
- #Jared Ager-Foster
- #Jason Chu
- #Javon 'Wanna' Walton
- #Jeremy Ferland
- #Jill Teed
- #Jonathan Hawley Purvis
- #Lily Gladstone
- #Lucas Noon
- #M.J. Kokolis
- #Matt Craven
- #MaxxA
- #Maya Da Costa
- #Meg Roe
- #Michael Buie
- #Michael P. Northey
- #Miguel Castillo
- #Naika Toussaint
- #Nazeem Jang
- #Nimet Kanji
- #Paul Jarrett
- #Quinn Shephard
- #Riley Keough
- #River Codack
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Teagan Stark
- #Terry Chen
- #UD Shehan
- #Under the Bridge
- #Under the Bridge Mini Series
- #Under the Bridge Mini Series Sinhala Sub
- #Under the Bridge Mini Series Sinhala Subtitles
- #Vanessa Przada
- #Vritika Gupta
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Advertisement





ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට