හොදයි ඉතින් හැමෝටම ආයුබෝවන් කිව්වා. මෙදා පාරත් ආව සිංහල උපසැරසියක් අරගෙන. හැබැයි වෙනද වගේ චිත්‍රපටියක් නම් නෙමෙයි. හැමෝම korean drama වලටත් උපසැරසි ඉල්ලනවනේ. ඉතින් මටත් හිතුනා drama එකකට උපසැරසි කරන්න. අපි හැමෝම කැමතියි රහස් පරීක්ෂක කතා බලන්න. ඒ වගේම තමයි අපි හැමෝම කැමතියි වැම්පයර් කතා බලන්නත්. ඉති…

හොදයි ඉතින් හැමෝටම ආයුබෝවන් කිව්වා. මෙදා පාරත් ආව සිංහල උපසැරසියක් අරගෙන. හැබැයි වෙනද වගේ චිත්‍රපටියක් නම් නෙමෙයි. හැමෝම korean drama වලටත් උපසැරසි ඉල්ලනවනේ. ඉතින් මටත් හිතුනා drama එකකට උපසැරසි කරන්න. අපි හැමෝම කැමතියි රහස් පරීක්ෂක කතා බලන්න. ඒ වගේම තමයි අපි හැමෝම කැමතියි වැම්පයර් කතා බලන්නත්. ඉතින් මේ කතාවෙ ඉන්නෙ වැම්පයර් රහස් පරීක්ෂක කෙනෙක්. එක්කෙනෙක් වැම්පයර් කෙනෙක් වුනාට එයාගෙ පාට්නර් නම් එහෙම නෑ. ඉස්සරහට මොනව වෙයිද දන් නෑ ඒත් පලවෙනි කොටසෙදි නම් නෑ.
පටන් ගත්තු මොහොතේ පටන් ක්‍රියාදාම සහ ත්‍රාසජනක වලින් පිරුණ මේ ටෙලි නාට්‍ය කොටස් 12 කින් යුක්තයි. මම එකින් එක ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම මේක මේ අවුරුද්දෙ, ඒ කියන්නෙ 2016 මාර්තු 27 තමයි විකාශනය ආරම්භ වුනේ. imdb අගය 7.7 ක් වගේ ඉහළ අගයකුත් ලැබිලා තියෙනවා.
හොදයි එහෙනම් අද කතාව… මේ කොටසෙදි තමයි අපෙ රහස් පරීක්ෂකතුමාව ඒ කියන්නෙ Yoon San (Lee Joon)ව වැම්පයර් කෙනෙක් වෙන්නෙ. වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්න. කතාව පටන් ගන්නෙ අවු. කීපයකට කලින් වෙන සිද්දියකින්. යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලො දෙන්නයි. තුන් දෙනාම පොලිසියෙ. දෙන්නෙක් ආදරවන්තයෝ. මේ තුන් දෙනාට රහස් මෙහෙයුමක් ලැබෙනවා ආයතනයෙන්. කොහොම හරි මෙහෙයුම අතර තුරදි කෙල්ලව අහු වෙනවා. අහු වුනත් එයාගෙ කොල්ලයි යාලුවයි ඇවිත් බේර ගන්නවා. බේර ගෙන ටික දුරක් යනකොට වාහනේ නවත්තලා කෙල්ල බැහැලා යනවා. අනිවාර්යෙන්ම ඉතින් කොල්ලත් බහිනවා. වැඩේ කියන්නෙ කොල්ලට කෙල්ල වෙඩි තියනවා. වෙඩි තිබ්බට මැරෙන්නෙ නෑ කොල්ලා. කෙල්ල වාහනේට නැඟලා යනවා. වැඩි දුර යන්න කලින් වාහනේ පුපුරලා කෙල්ලයි යාළුවයි මැරෙනවා. ඕක තමයි අතීත කතාව. ඒත් දැන් අවු.5කට පස්සෙ,
මෙයා පොලිසියෙන් අයින් වෙලා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් විදියට වැඩ කරනවා තවත් කෙනෙක් එක්ක. නිකන් ෂර්ලොක් සහ වොට්සන් වගේ. මෙයාලව හම්බෙන්න කෙල්ලෙක් එනවා. එයාගෙ කොල්ලා රෑට රෑට එළියට යනවා ගිහින් එද්දි ඇගේ ලේ තියෙනව කියලා. ඒ වගේම ගෑණු කෙනෙක්ව හම්බෙනව කියලත්. ඒ ගෑණු කෙනාගෙ පින්තූරයක් අරන් තියෙනවා ඒත් මූණ පේන්නෙ නෑ. මාලෙ විතරක් පේනවා. මාලෙ අයිති අපෙ රහස් පරීක්ෂකතුමාගෙ මැරුණ ගෑණු ලමයට කියලා එයාට තේරෙණෙවා…
මම එතනින් එහාට කතාව කියන්නෙ නෑ. ඔයාලට පේනවා වගේ රොමෑන්ටික් පැත්තකුත් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ වගේම තමයි කොමඩි පැත්තකුත් තියෙනවා. මගෙ ලිපි නම් ගන්න දෙයක් නෑ. ඒත් කතාව නම් සුපිරි. ඔයාල පලවෙනි කොටස බලනකොටම තේරෙයි. එහෙනම් ගිහින් එන්නම් 2 නි කොටසත් අරගෙන… මම චාමල් කැළුම් අතපත්තු.
ජය වේවා! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E01.160327.HDTV.H264.540p
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
728 downloadsDownload Vampire.Detective.E01.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
21 comments
widuranga
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මග නවත්තන්නේ නැතුව දිගටම සබ් දෙයි කියලා හිතනවා
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴මාලින්ද
මේකත් බානවා එහෙනම්. ස්තූතියි
නවින් නිසල්
නියම වැඩක් . ඉතුරු ඒවටත් ඉක්මනට සබ් දෙන්න !!!!
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න
ජය වේවා!Uddeepa Rozzer
මන් බැලුව.පට්ට කතාව..සුපිරි..සබට තැන්ක්ස්
praneeth madu
බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
Prabod wijesingha
Subata thanks machan
Sanjaya
Supiri saho kammalikame hitiye
Dish
Thanks saho sub ekata.
Chamal Kalum Athapaththu
Thank you friends......
kushani sanjula
thnx kolla digatama denna
Kulanjana Maduranga
niayamai…korean nm aniwa balillak thama...thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.Adithya Gimhana
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට....
පට්ටයි කතාව නම්...
කොරියන් ට්ව් සීරියස් එකක් නිසා අනිවා බලනවා.
~~~ ජය වේවා ~~~Krishan NiShalya
elama
digatama sub denna
Good Luck..!
☺☺☺Tharaka Lahiru
Tnx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nandana555
meke banna link ekak ho site ekak danna kenek kiyanna puluwanda....
Maduka dil
Download unata support nahne. Zip ekk widiht pennanne na
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එලනෙ දැන් තවත් කොරියන් යලුවෙක් සෙට් වෙලා එල හොදෙ ..... ඔහොම යන් ...thanx for sub