Watch Trailer

Van Helsing [S02 : E06] with Sinhala Subtitles | සත්‍ය ජය ගනී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරගෙන ආවා වැන් හෙල්සින් කතා මාලාවේ හය වෙනි දිගහැරුමට. අදත් කතාව ගේන්න පරක්කු උනා. සෙනසුරාදා සහ ඉරිදා විදුලි කපා හැරීම නිසා තමා ගේන්න පරක්කු උනේ. සදුදා ඉදන් වැඩට යන නිසා කරන්න උනේ චුට්ට චුට්ට තමා. හරි අපි බලමු පසුගිය කතා කොටසේ මොකද උනේ කියලා. කට්ටියට මතකනේ සැම් ආයේ කරලියට ආවා කියලා.…

ඔන්න එහෙනම් අදත් අරගෙන ආවා වැන් හෙල්සින් කතා මාලාවේ හය වෙනි දිගහැරුමට. අදත් කතාව ගේන්න පරක්කු උනා. සෙනසුරාදා සහ ඉරිදා විදුලි කපා හැරීම නිසා තමා ගේන්න පරක්කු උනේ. සදුදා ඉදන් වැඩට යන නිසා කරන්න උනේ චුට්ට චුට්ට තමා. හරි අපි බලමු පසුගිය කතා කොටසේ මොකද උනේ කියලා. කට්ටියට මතකනේ සැම් ආයේ කරලියට ආවා කියලා. ඇවිත් පුංචි ලමයි ටිකක් ඉන්න කදව්රකට තමා ගේම දුන්නේ.. ඒකෙන් භාගයක් විතර මරලා ඉතුරු ටික හිර කරලා දාලා තමා තිබුනේ. මතකනේ ෆෙලික්ස්ව….. මොහාමඩ් කියලා හිතාගෙන ෆෙලික්ස්ට වද දුන්න මතකනේ.. කෝම හරි මෙතනට වැනේසා සහ ජොන්සන්ස් කන්ඩායම එනවා. ඇවිත් ළමයි ටික සැම්ගෙන් බේර ගන්නවා. පස්සේ වැනේසා සෑම්ව මරන්න කිහිප සැරයක් උත්සහ කරනවා මතකනේ කට්ටියට.. ඒත් ඉතින් වැඩෙ හරියන් නැ.මේ යකා නම් ලේසියකට මැරෙන ඩයල් එකක් නෙවේ.මේ අස්සේ අැක්සෙල් සහ ඩොක් දෙන්නා වැනේසව හොයනවා පණ දාගෙන.. ෆ්ලෙෂ් සහ මොහාමඩුත් වැනේසව හොයනවා ඒ අස්සේ. මොහාමඩ්ගේ නම් තුවාල හොද විගෙන එන්නේ ටික ටික.අන්තිමට මතකද, ඩිමිත්රී යනවා අළුත් කන්ඩායමක් හොයා ගෙන. ජුලියස් නැතුව ඉන්න ජුලියස්ගේ ගෝලයෝ ටික තමා අන්තිමේ ඩිමිත්රීගේ කන්ඩායම වෙන්නේ. එයාලට ඕනා වැනේසගෙන් පලි ගන්න.ඔන්න ඔය ටික තමා ගිය සතියේ උනේ. අපි බලමු දැන් මේ සතියේ කතාව ගැන.

                        වැනේසට අමුතු දෘශ්ඨි වගයක් පේන්න ගන්නවා හීනෙන්. ඒවලින් පෙන්නන්නේ රතු දොරටුව කියලා තැනක්. මේ දෘෂ්ඨි වැනේසා විසින් හොද කරපු හැම කෙනෙක්ටමයි තවත් තවත් වීශේෂ කීප දෙනෙක්ටයි තමා පේන්නේ. වැනේසා සහ ජුලියස් මේ රතු දොරටුව හොයා ගෙන යනවා අද. අර නිංජා කෙල්ලෙක් අළුතෙන් කතාවට එකතු උනානේ. එයා ගැන අද කොටසින් හොදට දැන ගන්න පුළුවන්. වැනේසගේ වැලපීම නිසා ඇහැරුන අමුතු සත්වයා ගැනත් ටිකක් මේ කොටසෙදි දැන ගන්න ලැබෙනවා.මෙතනින් එහාට මුකුත් කියන්න යන්නේ නැ. කතාව බලලම ඉතුරු ටික දැන ගමුකෝ. එහෙනම් අදට මම සමු ගන්නවා ලබන සතියෙත් හමුවෙමු.

 

ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,555 downloadsDownload Van.Helsing.S02E06.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

2,555 downloadsDownload Subtitles71 KB

11 comments

  1. kanchana

    thanks bro

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. Sandun

    Niyamai saho. Digatama demu.. Obata JAYA....

  5. nisha

    sub akata thanks...

  6. yumal

    thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. tharinduirosh

    ithuru tikath danna saho

  11. chinthaka.max4

    thankx machan