11 වෙනි එපිය ගැන මතක් කරගන්නවා නම්, Vikings රසිකයන්ට ගොඩක් දුක්බර සිදුවීමක් වුනා. ඒ තමයි තුවාල වුන ශ්‍රේෂ්ඨ බියෝන් අයන්සයිඩ් හෙවත් කැටෙගට් වයිකිං රජධානියේ නායකයාගේ දුක්බර මියයාම. ඔහු රැග්නාර්ගේ පුත්‍රයා. මරණයේදී වුනත් කිසිම බයක් නැතිව ඉදිරියට ගිහින් රුස්වරුන්ට යන එන මන් නැති කරලා දාන්න ඔහුගෙ පෙනී ස…

11 වෙනි එපිය ගැන මතක් කරගන්නවා නම්, Vikings රසිකයන්ට ගොඩක් දුක්බර සිදුවීමක් වුනා. ඒ තමයි තුවාල වුන ශ්‍රේෂ්ඨ බියෝන් අයන්සයිඩ් හෙවත් කැටෙගට් වයිකිං රජධානියේ නායකයාගේ දුක්බර මියයාම. ඔහු රැග්නාර්ගේ පුත්‍රයා. මරණයේදී වුනත් කිසිම බයක් නැතිව ඉදිරියට ගිහින් රුස්වරුන්ට යන එන මන් නැති කරලා දාන්න ඔහුගෙ පෙනී සිටීමට හැකි වුනා. හැමෝම හිතුවේ මේ ආවේ දෙවි කෙනෙක් කියලා. ඉතින් ඒ විදියට කැටෙගට් වලට පහර දෙන්න ආපු රුස්වරුන්ට බියෝන්ගෙ නැවත පැමිණීම නිසා පසුබහින්න සිදු වුනා. ඒ විදියට බියෝන් සමුගත්තා. ඒත් ඔලෙග් කුමාරයා මේ පරාජය බාරගනියිද? කොහෙත්ම නෑ. ආපහු කැටෙගට් වලට ප්‍රහාරයක් දියත් කරන්න ඔහු සැලසුම් කරනවා.
ඉතින් ඔලෙග්ගේ සහයට ඉන්නවා රැග්නාර්ගෙ පුතුන් දෙදෙනෙක් වන අයිවර් සහ විට්සර්ක්. ඉතින් මේ දෙන්නගෙන් අයිවර් යටිකූට්ටු සැලැස්මක් ගහන බව අපි දන්නවා. ඉතින් ඒ සැලැස්මේ ලොකු සන්ධිස්ථානයක් අද බලාගන්න පුලුවන්. මේ අතර අයිස්ලන්තයේ පදිංචි වෙලා ඉන්න රැග්නාගෙ අනිත් පුතා ඌබා ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු බිමක් හොයාගෙන යන ගමනට ලෑස්ති වෙනවා. ඒ අස්සේ තමන්ගෙ සහෝදරයා මිය ගිය පුවතත් ඔහුට ලැබෙනවා. ඔහු තමයි ඊලඟ ඔටුන්න හිමි වෙන්න ඉන්න කෙනා. ඉතින් ඔහු මොනවා කරයිද දැන්? ඉස්සරහට බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,824 downloadsDownload Vikings-S06-E12.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
14 comments
sachintha
Anonymous
Biscope dan wedak na.release wela masayak withara gihin sun deddi lankawe wena podi web site sub dila ewarai release wela dawas deken
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Achi
බොහොම ස්තුතියි
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dewadithya
Thanks for sub!
gayan215
bohoma sthuthi saho...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
elama saho
jayNP
Thank you.. keep it up good work.. :)
lakshan
thanks .................
sadeepa
thank you very much brother.............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S06: E12] Sinhala Subtitles | නව පාලකයෙක් අවශ්‍යයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-2-pic.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ