Watch Trailer

Vikings: Valhalla [S01 : E01] Sinhala Subtitles | රැග්නටත් බැරි වුණ දෙයක පළමු පියවර! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ සෑහෙන දෙනෙක් එනකම් බලාගෙන හිටිය තවත් ටීවී සිරිස් එකක්. මාත් එක්ක මේ වැඩේට තව හය දෙනෙක් එකතුවෙලා ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා හැකි ඉක්මනින් මේකේ සිංහල උපසිරසි ටික ඔයාලට ලබාදෙන්නම්. 🙂 මේ සේරටම කලින් වයිකින් බලපු ඔයාලට මතක ඇති රැග්නා ලොත්බ්‍රොක් තියපු හිතුවක්කාර පියවර අවසන් වෙ…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ සෑහෙන දෙනෙක් එනකම් බලාගෙන හිටිය තවත් ටීවී සිරිස් එකක්. මාත් එක්ක මේ වැඩේට තව හය දෙනෙක් එකතුවෙලා ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා හැකි ඉක්මනින් මේකේ සිංහල උපසිරසි ටික ඔයාලට ලබාදෙන්නම්. 🙂 

මේ සේරටම කලින් වයිකින් බලපු ඔයාලට මතක ඇති රැග්නා ලොත්බ්‍රොක් තියපු හිතුවක්කාර පියවර අවසන් වෙච්ච හැටි. ලෝකෙම ඉරණම වෙනස් කරලා ඒක අවසන් වුණේ. ස්කැන්ඩිනේවියානු රටවල් විතරක් නෙමෙයි රුසියාව පැත්තටත් ගිහිල්ලයි අන්තිමේ නැවතුනේ. ඒ කියන්නේ නොර්වේ අවට තියෙන හැම ස්කැන්ඩිනේවියානු රටක්ම පාහේ වයිකින්ලගෙන් ජනාවාස වුණා. රැග්නා, බියෝන් සහ අයිවර් ද බෝන්ලස් පුරාවෘත අතරට එකතුවුණා. මේ ඊට අවුරුදු සියයකට විතර සිදුවෙච්ච කතාවක්. මේ වෙනකොට එංගලන්තය වගේ රටවල් වයිකින්ලාගෙන් පහර කාල හොඳ හැටි සවිමත් වෙලා, ඔවුන් එක්ක ඉන්න ඕන විධිය ඉගෙනගෙන ඉන්න කාලයක්.

මේ කතාවේ නිර්මාණය කරන්නේ, Jeb Stuart විසින්. Sam Corlett, Frida Gustavsson, Leo Suter, Jóhannes Haukur Jóhannesson, Bradley Freegard, Laura Berlin, David Oakes, Caroline Henderson, Asbjørn Krogh Nissen වැනි අපිට හුරු පුරුදු නැති සහ නවක නළු නිලි පිරිසක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නේ. සම්පුර්ණ කතා මාලාව දැනට සීසන් එකයි විකාශය වෙන්නේ. ඒ එපිසෝඩ් 8 කොටස් තුනකට. A, B සහ C කියල. එතකොට මේ තමයි එහි පලවෙනි අදියර වෙන මුල් කොටස් 8. සමස්ත සීරිස් එක සඳහා ලැබිල තියෙන IMDb අගය නම් සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ 6.4ක් වැනි අගයක්.

ඇත්තටම මේකට මෙහෙම වෙන්න හේතුව වෙන්න ඇත්තේ හිස්ට්‍රි නාලිකාවේ විකාශය වෙච්ච වයිකින් සිරිස් එකේ ප්‍රමිතිය මේකේ නැති වීම වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේකත් ඒ වගේම වෙන්න ඕන කියල, හැබයි මුල් සිරිස් එකේ නොතිබුණු ලයිට් ගතියක් සහ ඉක්මන් ගතියක් මේකේ තියෙනවා. මුල් සිරිස් එකේ කලර් ග්‍රේඩ් පවා පර්ෆෙක්ට්. මේකේ ටිකක් එහෙම නැහැ. හැබැයි කතාව නම් කුතුහලයෙන් පිරුණු, ගහමරාගැනිලි වලින් පිරුණු කතාවක්. මගහැරගන්න එපා. පලවෙනි කොටස නිසා මොකුත් නොකිය ඔයාලට වැඩේට ආරම්භය දෙන්න ඉඩ හරින්නම්. 

Director: Niels Arden Oplev

Writers: Declan Croghan, Eoin McNamee, Jeb Stuart

IMDB Ratings : 8.0

Release Date: 25 Feb 2021

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,926 downloadsDownload Vikings.Valhalla.S01E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

11,926 downloadsDownload Subtitles24 KB

20 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekat

  2. mS

    thanks sub akta bro

  3. Anonymous

    so 0boring.not reccomend 4 others

  4. Anonymous

    so 0boring.not reccomend

  5. Anonymous

    Thank you subtitle එකට

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Amil Gamage

    thanks for the Sub

  8. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Nuwan

    Ozark season 4 ekata sub denna puluwanda?

  11. Anonymous

    Peaky blinders season 6 ඕනෑ ඉක්මනට

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  14. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤

  15. Dewadithya

    Thanks for Sub!

  16. jayNP

    Thank you.. Keep it up good work.. :)

  17. rashi

    anith eka balanna oneda meka balanna kalin.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  20. Anonymous

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…