මුල් කතාසමයේ මතක සටහනක්.. . . . මාරි මැකේබ් කියන්නේ කළු ජාතික කාන්තාවක්. මෙයාට හම්බෙනවා අතීතයේ ඉදන් පරපුරෙන් පරපුරට පැවතගෙන එන ටැන්ටු ටෝටම් කියන පළදනාවක්. මේක භාවිතා කරලා මෙයාට පුලුවන් වෙනවා ඕනෑම සතෙක් ගේ හැසිරීම, හැකියාව අනුගමනය කරන්න. ඒ වගේම සමහර අවස්ථා වල දී සතෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්.…

මුල් කතාසමයේ මතක සටහනක්.. . . .
මාරි මැකේබ් කියන්නේ කළු ජාතික කාන්තාවක්. මෙයාට හම්බෙනවා අතීතයේ ඉදන් පරපුරෙන් පරපුරට පැවතගෙන එන ටැන්ටු ටෝටම් කියන පළදනාවක්. මේක භාවිතා කරලා මෙයාට පුලුවන් වෙනවා ඕනෑම සතෙක් ගේ හැසිරීම, හැකියාව අනුගමනය කරන්න. ඒ වගේම සමහර අවස්ථා වල දී සතෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සිංහයාගේ වේගය, මුවෙක්ගේ වගේ කඩිසර බව, අලියෙක්ට වගේ දැවැන්ත ශක්තිය, විශාල කුරුල්ලෙක්ගේ වගේ පියාඹන්න පුළුවන් හැකියාව ඔය වගේ නොයෙක් හැකියාවන් ලැබෙනවා. නමුත් මෙයාගෙන් මාලය හොරකම් කරන්න ඇයගේ සහෝදරිය එනවා. ඇයගෙන් ගැලවෙන්න දරන උත්සහය බලාගන්න පුළුවන්. මෙයා පස්සේ කාලෙක ඇමරිකාවට එනවා. ඊට පස්සේ තමන්ගේ හැකියාව භාවිතා කරනවා අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න. විශේෂයෙන්ම මේ කතාවට ඇරෝ හා ෆ්ලෑෂ් එකතු වෙනවා. වැඩිදුර තොරතුරු සදහා පළමු කතාමාලාව.
මෙවර දෙවැනි අදියරින්..
ටෝටම් පලදනාව කියන්නේ මාරි ළග තියෙන දෙයක් නෙවෙයි. මේක ඒ කාලේ සම්බේසි ජනයා අතර තිබුණු පසුව පරපුරින් පරපුරට උරුම දෙයක්. සම්බේසි ජනයා කියන්නේ සාමකාමීව ජීවත් වූණු ජාතියක් වගේම සාරවත් දේශයකට හිමිකම් කියපු උදවිය. මේ ගැන බටහිර අප්‍රිකානුවන් ඉරිසියා කරලා සම්බේසි ජනයාට කරදර කරන්න ඇවිල්ලා ඔවුන්ව මරලා දාන්න අරං තියෙනවා. මේ නිසා සම්බේසි ජනයා දෙවියන්ට යාඥා කරන්න පටන් අරං තියෙනවා මේ ප්‍රශ්ණ ගැන කියලා. දෙවියොත් මේ අයට පිළිතුරු දීලා තියෙනවා. පිළිතුරු වශයෙන් සම්බේසි පෙළපතේ පස්දෙනෙකුට මේ විශාල බලයක් තියෙන ටෝටම් පහක් දීලා තියෙනවා. ඒ ටෝටම් පහේ බලය තමයි, සුලග, මිහිතලය, ජලය, ගින්දර වගේම ප්‍රාණය එහෙමත් නැත්තම් ආත්මයන්වල බලය. අන්න ඒ මාලය තමයි මාරිගේ අම්මා මාරිට දීලා තියෙන්නේ. මේ ගින්දර වලට හිමිකම් කියන ටෝටම් එක ඩිට්‍රෝයිට්වල ඉන්න මහාචාර්යතුමා විසින් හොයාගෙන මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා. මහාචාර්යතුමා කිව්වම මතක් වෙන්න ඕනා ගියවර කතාවේ මාරිව සල්ලි වලට පාවා දුන්න කෙනා. පස්සේ මේ ගින්දර බලය දරන ටෝටම් එක වගේම මැණික් ගල්ද හොරු වගයක් මේ කෞතුකාගාරයට පැනලා මංකොල්ල කනවා. පස්සේ මේ ටෝටම් එක එශූ කියලා මිනිහෙක් අතට පත්වෙලා අනික් ටෝටම් එක හොයන්න ගන්නවා. මේ එශු කියන මිනිහා තමයි සම්බේසි ගම්මානය වගේම මාරිගේ දෙමාපියන්ව මැරුවෙත්. මාරි මේ එශූ කියන මිනිහගේ අතට ටෝටම් එක ලැබෙන්න නොදී නගරෙත් ආරක්ෂා කරගන්න විදිහ මේ පාර දෙවැනි කතාමාලාවෙන් දැකගන්න පුළුවන්. ඒ විතරක් ඈ ගිය පාර පළමු කතාමලාවට එකතු වුණේ ඇරෝ වගේම ෆ්ලෑෂ් විතරයි. ඒත් අද ඇරෝ, ෆ්ලෑෂ්, ෆෙලිසිටි, ඇටොම්, බ්ලැක් කැනේරි, සිස්කෝ වගේම ෆයර්ස්ට්‍රෝම්ද එකතු වෙනවා.
මතකේ හැටියට නම් මේ CW Seed හරහා වික්සන් පළමු කතාමාලාව දුන්නට පස්සෙයි කට්ටියටම මාරි නොහොත් වික්සන්ව ඇරෝ කතාමාලාව තුලින් දැකගන්න ලැබුණේ. ඊටපස්සේ මෑතක ඉදන් කට්ටියට LOT වලින් ඇයව දැකගන්න ලැබුණා. පලමු කතාමාලාවෙන් පසුව දෙවැන්නක් එනවා කියලා කිව්ව දවසේ ඉදන් මං නම් ගොඩක් ලොකු ආසාවෙන් හිටියේ මේක බලන්න. සුපුරුදු පරිදි Blue Ribbon Content,Warner Bros, DC Comics, CW Seed මෙවරත් නිෂ්පාදනය වුණේ. අන්තර්ජාලය හරහා පමණක් විකාශය වුනත් මං උත්සහ කලා ඔන්ලයින් බලන්න නමුත් අපේ රටට ඒ දුන්නෙත් නෑ. 😛 ඔක්තෝබර් 13 වැනිදා ඉදන් පුරා දවස් හයක් පුරාවටම මේක විකාශය වුණා. පළමු කොටසට IMDb දර්ශකය තුල 7.9/10 ඉහල අගයක් පවා ලැබුණා. මෙවරත් කොටස් හයයි. උපරිම එක් කොටසක් විනාඩි 5-6 වගේ කාල අතර වෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනා දැනට මේකේ සම්පුර්ණ උපසිරැසි ඇවිල්ලත් නෑ. ඇවිත් තියෙන්නේ පහයි. ඒ පහ වෙබ් පිටපත් වලට ගලපෙන්නෙත් නෑ. හය අසා ලිවීමක් කළා. ගැලපෙන පිටපත් දෙකකට උපසිරැසි දීලා ඇති. අමතර පිටපතේ හයවැන්නට නම් අප්ඩේට් කලේ නෑ. මං ගත්ත කොපියටම හරියන්න උපසිරැසි ඒ නමින්ම සටහන් කරලා ඇති. ඒ නිසා මොන ටොරන්ට් සෙවුමක වුනත් සෙවීමක් කලාම මුලින්ම එන වෙබ් පිටපත අරගන්නම උත්සහ කරන්න. මොකද මං දන්නේ නෑ දැනට අන්තර්ජාලයෙ උපසිරැසි දීලා තියෙන පිටපත් මොනවට ගැලපෙන්න ආපුවද කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!
අදාළ පිටපත්.
- Vixen.2015.2×01.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
- Vixen.2015.2×02.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
- Vixen.2015.2×03.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
- Vixen.2015.2×04.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
- Vixen.2015.2×05.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
- Vixen.2015.2×06.WEBRip.720p.x265.2Ch.HAAC2-Sunil-KITE-METeam
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
436 downloadsDownload Vixen.2015.2.Baiscopelk.com_.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
Mayura
lakshan
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ!
Lahiru Lakmal
Thanks for sub...
Udara Damith B/K
උපසිරැසියට ගොඩක් ස්තුතියි..........
G.Umesh
Chmr ayyee..oynm deyyekkk.....
Iya thmy biscop eke iinna ape ekm glwu kryaaaAyesh
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මාලින්ද
බාමි බාමි
පසිදු අමරසිංහ
Nice work
thisal
ස්තුතියි සහෝ
Anton Perera
sthoothiyi saho.. jaya wewa...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොමත්ම ස්තූතියි අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට. ජ්යින් ජ්යම වේවා!