WestWorld කතාමාලාවේ අවසන් කොටස් 3 තමයි මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කලිං සතියේ කොටසෙන් හරි අපුරු හෙලිදරව්වක් නේද කලේ. කොහොම වෙතත් අපි එහෙනම් පසුගිය සතියේ පැහැදිලි කිරිමට යමු. කතාව ආරම්භවෙන්නේ බර්නාඩ් ඔහුගේ පුතා සමග රොහලේ ගත කල ආකාරය ගැන දකින සිහිනයක් සමගයි. මෙතන හරිම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි “Alic…
WestWorld කතාමාලාවේ අවසන් කොටස් 3 තමයි මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කලිං සතියේ කොටසෙන් හරි අපුරු හෙලිදරව්වක් නේද කලේ. කොහොම වෙතත් අපි එහෙනම් පසුගිය සතියේ පැහැදිලි කිරිමට යමු.
කතාව ආරම්භවෙන්නේ බර්නාඩ් ඔහුගේ පුතා සමග රොහලේ ගත කල ආකාරය ගැන දකින සිහිනයක් සමගයි. මෙතන හරිම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි “Alice in Wonderland“(ඇලිස්ගේ විශ්මලෝකය) කෘතියේ යම් ජේද අපිට ඉදිරිපත් කිරිමක්.ඒක අපිට මිට කලිනුත් ඩොලොරස් සහ බර්නාඩ්ගේ සංවාදයකදි හමුවුනා. ඒ පොතෙන්ම කරුණු ගෙන එන්න හේතුවක් තියෙනවා. Alice in Wonderland කියන්නෙත් යථාර්ථය ප්‍රශ්න කරන කතාන්දරයක්. පසුගිය කොටසින් සමහරවිට සදහන් කරන්නේ ෆෝඩ්ගේ ස්භාවය අනුමාන කරන්න පුළුවන්.
ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ ඩොලෝරස් සහ විලියම් ,ලෝරන්ස් සමග දුම්රියේ ගමන් කිරිමයි.මෙතනදි අපිට දැනගන්න ලැබෙනවා විලියම් කලිං ගත කල ජිවිතය ගැන සහ එකෙන් ඔහු ලබා සිටි විඩාව ගැනත්.මෙතනදි ඔහු මේ උද්‍යානයක තමන් කියවපු පොත්වල තියෙන කතන්දරයකට සමාන කරනවා. ඔයාට මතක ඇති 4වැනි කොටසේදි Man in Black සදහන් කරන්නෙත් මිට සමාන අදහසක්.ඒ අනුව විලියම් කියන්නේ Man in Black බවට තවත් සාදකයක් ලැබුනා.ඒ වගේ මයි ඩොලෝරස් ඇදපු සිතුවම සැබැවටම පවතින්නක්. නමුත් අපි දැනට දන්න තරමින් ඔවුන්ට අපි වගේ සිහින දැකිමේ හැකියාවක් නෑ.ඒ නිසා මේක අනිවාර්යෙන්ම ඇයගේ මනසට කලිං කවුරුන් හෝ ඇතුලත් කරපු රුපයක් වෙන්න ඔනේ.
කලිං කොටසේ කිව්වා වගේම චාර්ලට් හේල් කාතාවට සැලකිය යුතු බලපෑමක් කරනවා කියන එක ඇය තෙරේසා සමග කල සාකච්චාවෙන් හෙලි වුනා. ඒ වගේමයි WestWorld පවත්වාගෙන යන ඩිලෝස් ආයතනයේ සැබෑ අරමුන ගොඩක් පුළුල් එකක් බව පැහැදිලි වුනා. සැබවින්ම ඔවුන් වසර 30 තිස්සේ කර තිබෙන්නේ යම් පරික්ෂනයක්. මේ පරික්ෂණයේ අරමුණ කුමක් උනත් එකෙන් ඩිලෝස් සමාගමට අති විශාල බලයක් ලැබෙන බව නම් පැහැදිලියි. මෙතනදි හේල් විසින් තෙරේසාට කියනවා කාගේ හෝ මරණයක් සිදුවෙන්න අවශයයි කියලා. ඒ කතාවම බිම් මහලේදි ෆෝඩ් තෙරේසාට පවසනවා. මේක අහඹුවක් වෙන්න බෑ. සමහර විට ෆෝඩ් විසින් චාලට් සහ තෙරේසාගේ සංවාදය රහසේ අසා සිටියා වෙන්න පුළුවන්. මොකද එතන හෙක්ටර් ඉන්න නිසා ඒහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ෆෝඩ් බිම් මහලේදි තේරේසාට කියනවා “මම තමයි මේ හැමදෙයක්ම නිර්මානය කලේ “ කියලා.
ක්ලෙමෙන්ටයිනගේ දෝෂය සැලකුවාම ඒක තෙරේසා සහ චාර්ලට් සැලසුම් කරපු කුමන්ත්‍රයක ප්‍රථිපලයක්. ඒ නිසා වෙන්න ඇති ෆෝඩ් මේ තරම් දරුණු වෙන්න ඇත්තේ. එවගේමයි WestWorld කාර්ය මන්ඩලයේ බොහෝ දෙනෙක් රොබෝවරුන් බවට මතයක් තියෙනවා. මෙව්ට උපකාර කරන ෆිලික්ස් පවා රොබෝවරයෙක් වෙන්න ඉඩක් තියෙනවා.
6 වැනි කොටස දක්වාම අපිට පැහැදිලි වුනේ බර්නාඩ් ආර්නොල්ඩ් මෙන් ඩොලෝස්ට සත්‍ය සොයාගන්න උපකාරි වෙනවා කියලයි. නමුත් පසුගිය කොටසත් සමග ඒක වෙනස් වුනා.බර්ඒනාඩ් ඩොලෝරස් සමග සංවාද පවත්වලා තියෙන්නේ ෆෝඩ්ගේ බිම් මහලේ සිටයි. ඒත් ආර්නෝල්ඩ්ගේ රොබෝ පිටපත බර්නාඩ් විමේ අනුමාන ඉවත් කරන්න බෑ. බොහෝවිට ඒ දර්ෂනයේ ඉන්නේ වසර 35කට පෙර ආර්නොඩ් සහ ඩොලෝරස් වෙන්න පුළුවන්.
ආර්නෝල්ඩ්ගේ මරණ සිදුවුනේ ඩොලොරස් ගෙන් කියලා අනුමානයකුත් තියෙනවා. නමුත් ඒක පැහැදිලිකරන්න තරම් දැනට සාක්ෂි නෑ.
අවසාන වශයෙන් ෆෝඩ්, මිනිස් මනස ගැන අපුරු විග්‍රයක් ඉදිරිපත් කරනවා.ඒකට අනුව අපි කොතරම් සවිඥානික (ස්වාධිනව සිතිමේ හැකියාව) වුවත් අප තුල තවමත් නොවෙනස්ව පවතින දුර්ගුණ සහ දුබලතා පවතිනවා. ඒ න්‍යාය අවසන් කොටස දක්වාම ගමන් කරාවි කියලා හිතන්න පුළුවන්. ෆෝඩ්ගේ අලුත් කතාව මොන වගේ බලපෑමක් කරයිද ?
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld.S01E08.HDTV.x264-KILLERS
Westworld.S01E08.720p.HDTV.x265.ShAaNiG
Westworld.S01E08.Trace.Decay.720p.1080p.HBO.WEBRip.DD5.1.H 264-monkee
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,823 downloadsDownload Westworld-S01E08.Baiscopelk.com_.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
27 comments
praneeth madu
Pragath
thanq saho sub ekata
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට ස්තුතියි සහෝ
nirosh mj
ස්තූතියි සහෝ
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh
Thank You
Shehan Gunasekara
niyamai bro
shehan
thanks brooo niyamaii
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වෙනවා. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa.....!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Ravindu Rukshan
tnx saho
Niky
Thanks and all the best..!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ.
yasas sri bandara
okkoma sub tika baagena yanawa thanks brother,thanks baiscope
sam fisherr
ස්තුති සහො නැබැ නොකිය සංකිර්න පලුපැලෙන්න අමාරැ භාෂාවක් තිබ්බත් ඔයාවිතරක් බලල නිකං ඉන්නැතුව අපිත් එක්ක බලන්න තිරනය කරාට.මේව බලන්න අපිට ඔබෙපිහිට පමනයි තියෙන්නෙ man in dark(මුන පෙන්නැනැැ අයියෙ
nilantha7
thanks
Amila Mudalige
Sub ekta Thanks saho
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hirunika97
Thanks bro
Stranger
thanks
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Westworld [S01: E08] with Sinhala Subtitles | අතීත මතකයන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Westworld-TV-1.jpg)

tnx saho