HBO සමාගම විසින් විකාශනය කරන The Undoing කතා මාලාවේ අවසාන කතාංහයට පෙර කතාංගය එක්කයි මේ ඔබ සැම එකතු වෙන්නේ. මට අනුව නම්, මේ වෙනකම් මේ කතාවේ හොඳම කොටස තමා මේ. කතාවේ ටර්නින් පොයින්ට් එක තමා අද තියෙන්නේ. ඒ හින්දා වෙන්නත් ඇති අද කතාංගයට 8.1ක IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒවගේම මට හිතෙනවා මෙච්චර කල් හැ…

HBO සමාගම විසින් විකාශනය කරන The Undoing කතා මාලාවේ අවසාන කතාංහයට පෙර කතාංගය එක්කයි මේ ඔබ සැම එකතු වෙන්නේ. මට අනුව නම්, මේ වෙනකම් මේ කතාවේ හොඳම කොටස තමා මේ. කතාවේ ටර්නින් පොයින්ට් එක තමා අද තියෙන්නේ. ඒ හින්දා වෙන්නත් ඇති අද කතාංගයට 8.1ක IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒවගේම මට හිතෙනවා මෙච්චර කල් හැංඟිලා හිටිය සැබෑ මිනීමරුවත්, අද අපිට දැකගන්න පුලුවන් වගේ. මිනීමරුවා දැක්කම ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි.
හරි එහෙම නම් ඔක්කොටම කලින් කොටස ගැන ටිකක් මතක් කරන් ඉමුකෝ. මුලින්ම අර ග්‍රෙස්ගේ අද්භූත ඇවිදිල්ල, වීඩියෝ වලත් සටහන් වෙලා තිබ්බේ, අන්න ඒක මොකද්ද කියලා පැහැදිලි වෙනවනේ. හේලි ෆිට්ස්ජෙරල්සුත් තමන්ගේ නීතිඥ වැඩ ටික කොච්චර යසට කරනවාද කියලත් දකින්න ඇති. අකැමැත්තෙන් උනත් ග්‍රේස්ගේ තාත්තා ජොනතන්ව ඇප දීලා නිදහස් කරගන්නවා. එතනින් හිතාගන්න පුලුවන්නේ ග්‍රේස්ගේ තාත්තා කොච්චර සල්ලිකාරයෙක්ද කියලා. ඒකනේ අර හෙන්රිව එහෙම ස්කෝලෙන් අයින් කරද්දිත් විදුහල්පතිටම ගිහින් සද්දේ දාලා එන්නේ. පාසලට අයිති ඉඩමත් ෆ්‍රෑන්ක්ලින්ගේ. ඒ අස්සෙන් එලේනා තව කෙහෙල් මල් වැඩක් කරලනේ. ග්‍රේස්ගේ චිත්‍රයක් ඇදලා. ඒක පස්සෙනුත් පොලිසිය විස්තර හොයන් එනවා. ආ ඒවගේමයි, ග්‍රේස්ගේ අසනීප වීමත් එක්කම ජොනතන්කාරයත් ඒකෙන් ප්‍රයෝජන අරන් පළුදු උණු සම්බන්ධය ආයේ ගොඩනඟාගන්න උත්සහයකත් යෙදෙනවනේ. ඒවගේමයි ෆ්‍රෑන්ක්ලීන්ට ජොනතන්ව පේන්න බැරි හේතුවත් පැහැදිලි ඇති. ජොනතන් වගේම සල්ලාල වැඩ කරපු හාදයෙක් තමා ග්‍රෙස්ගේ තාත්තත්. තරුණ කාලේ. අන්තිමට කතාව අවසන් වෙන්නේ හේලිගේ උපදෙස් අනුව ජොනතන් ටීවි එකට දෙන සම්මුඛ සාකච්ඡාවෙන්නේ. එතනදි කියනවා එයා මේකට වෙන කෙනෙක්ව සැක කරනවා කියලා.
ඉතින් අද කොටසින් මන් කිව්වා වගේ සෑහෙන පෙරළිකාර කතාවක් දැකගන්න පුලුවන් වෙයි. මතකද මේ කතාව පටන් ගන්නකොටම බල්ලෙක් ගැන කතාවක් යනවා. ජොනතන් සහ පුතා එක්ක. ඒවගේම ජොනතන් බල්ලන්ට අකැමැති වෙන්නත් හේතුවක් කියනවා. ඒ කතාව ආයේත් ඇදෙනවා. හැබෑවටම මොකද්ද ඒ බල්ලන්ගේ කතාවේ ඇත්ත නැත්ත කියලා ඔයාලටම බලාගන්න අවසරයි. එහෙනම් අවසාන කොටසින් හමබවෙමු..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,050 downloadsDownload The-Undoing-S01-E05.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
A.R
Subtitles
8 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa......!
Malaka prasad
thnak you saho............
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
A R
අදහස් වලට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Advertisement


තෑන්ක්ස් සහෝ