අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයාට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කොටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. …

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයාට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කොටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි.
බොහොම කෙටියෙන් පහුගිය කොටස ගැන කියන්නම්.
වොන්ඩා ඉඩ දෙනවා ඇග්නස්ට එයාගේ ළමයි දෙන්නා ටොමීවයි, බිලීවයි බලාගන්න දෙන්න. වොන්ඩා ටිකක් තනියම ඉන්න තීරණය කරනවා, කලින් දවසේ එයාගෙ පීඩනය නිසා හෙක්ස් එක හිතා මතාම විශාල කරපු නිසා එයාටම ලබාගන්න ස්වයං දඬුුුුුුවමක් විදිහට. වොන්ඩාගේ ගෙදර හැමදේම වෙනස් වෙනවා. ඒක පාලනය කරන්න වොන්ඩාට බැහැ. විෂන්ට සිහිය එනකොට එයා දකිනවා හෙක්ස් එකට හිර වුණු ස්වෝඩ් නියෝජිතයො ටික සර්කස් සාමාජිකයො ටිකක් වෙලා කියලා. ඩාසිත් මේ අතර හිටියා. විෂන් විසින් ඩාසිගේ සිහිය ආපහු දෙනවා. ඩාසිගෙන් හැමදෙයක්ම විෂන් දැනගන්නවා. විෂන් මැරුණා කියලත්, මේ සිදු වීම ඇත්තටම මොකක් කියලත් ඩාසි පැහැදිලි කරනවා. මොනිකා සහ ජිමී එයාලට පක්ෂපාතී ස්වෝඩ් සේවිකාවක් වෙන මේජර් ගුඩ්නර්ගෙන් අභ්‍යාවකාශ රෝවර් එකක් ඉල්ලගෙන, හෙක්ස් එක ඇතුළට යන්න හදනවා. නමුත් ඒක අසාර්ථක වෙනවා. ඒ නිසා මොනිකා නැවත හෙක්ස් එක ඇතුළට යන්න තීරණය කරනවා. තුන්වෙනි වතාවටත් හෙක්ස් එක තුළට යන මොනිකාගේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. එයාගේ සෛල නැවත වතාවක් අණුක මට්ටමින් ලියවෙනව. එයාට සුපිරි බල ලැබෙන්න ගන්නවා. ෆෝටොන්, පල්සර්, ස්පෙක්‍ට්‍රම් විදිහට තමයි කොමික්වලදි මොනිකාව හඳුන්වන්නේ. කැප්ටන් මාවල් කියලත් මොනිකාව හඳුන්වලා තියෙනවා.
මෙච්චරකල් තිරය පිටුපස හිටපු ලොකුම හතුරා කවුද කියලා පෙන්වනවා. ඒ තමයි මෙච්චර කල් ඇග්නස් විදිහට හොඳ මූණක් එළියට පෙන්නාගෙන හිටපු, ඇගතා හාක්නස්. ස්පාකිව මැරුව කෙනා, පහුගිය කොටස්වල අපි දැකපු වොන්ඩාගේ අයියා විදිහට බොරුවට රඟපාපු පියෙත්‍රෝව එව්ව කෙනා, කොටින්ම හැම නරක දෙයක්ම සිද්ධ වෙන්න සලස්වපු කෙනා තමයි මේ ඇගතා. එක වෙලාවක පිරිමි කටහඬකින් වගේ වොන්ඩාට කතා කරන්නේත් ඇගතාම තමයි. ඒ වගේම වොන්ඩාට වඩා එයා බලවත් වගෙයි පේන්නේ.
ඇගතාගේ ගෙදරට යැව්ව නිවුන්නු දෙන්නාට මොකද වුණේ? ඒ ගැන මේ කොටසින් දැනගන්න ඉඩ තියන්නම්.
අවසාන කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
12,606 downloadsDownload WandaVision-E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
39 comments
Anonymous
Anonymous
Thanx bro..❤️❤️
කවිඳු ජයවර්ධන
ඉදිරියටත් උපසිරැසි ගැන්වීමට අවශ්ය ශක්තිය,කාලය හා හැකියාව ලැබේවා..සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.!ඔබට ජය!
CPK
Tanks bro enkm bln hitye...Airtel ad eke bug 1 fix krnath tyenwa oylge site eke.samhrawelwta mkth krgnna be e add 1 hinda..sub 1ta thanks.jayen jaya.
Waruna Kamalawansha
නියමයි.... බොහෝම ස්තූතියි
Anonymous
අදත් දීලා ආපු දවසෙම මෙච්චර කැපවීමෙන් අපිට සබ් එකක් හදද්දි කොහොම යන්නද කමෙන්ට් එකක් නොදා ❤❤❤ තෑන්ක්ස් බ්‍රෝ
Gayana Thathsara
අඩේ ♥️♥️♥️ තෑන්ක් බන් සබ් එකට. Welldone බ්‍රෝ..... තව එක එපියයි ඒක තමා සුපිරිම එක. ඒක ඉක්මනට දෙන්න බ්‍රෝ කට්ටිය spoil කරන්න කලින්...
Avishka Fernando
වටිනවා මාර විදියට එපිය අපු දවසෙම සබ් එකත් දෙනවා
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
kalana Dhananjaya
thanks bro
Tharun Nimsara
උපසිරැසියට බොහෝම ස්තූතියි
Janitha pramudika
මෙච්චර ඉක්මනට.!! තෑන්ක්ස් මචං...❣️
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
subodha
Thanks
Umesh Bandara
thanks ada sub ekath niyemetama karala thibba!!!!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!විමා
පට්ටයි ආ
එපිය, සබ් එක දෙකම. ❤️Shaggy
බොහොම ස්තූතියි
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Anonymous
we are your friends sub thana puluwanda
Anonymous
thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Pramukmili
Thanxxx bro.............
Anonymous
කොටස් දහයක් තියෙනව නේද
කවිඳු ජයවර්ධන
නැතෝ..එපි 9යි තියෙන්නේ.තව එකයි.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sasanka
Thabks for the sub
Anonymous
thanku sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Anonymous
Supiri yak thanks
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
dr.strange
spaaki kiyanne kawuda
Advertisement



Thanx bro..❤️❤️