“1805 වසරෙ නැපෝලියන් ගෙ යුද්ධ අපේ යුද්ධ වුණා. සංගීතයෙන්, නැටුමෙන්, පැණි රස වයින් වලින් සහ ගෑණුන්ගෙන් පිරිච්ච පිරිමි ජීවීත වලට යුද්ධෙ කාන්දු වුණා. ජීවිතේ ඒකාකාරී බවින් මිදෙන්න යුද්ධයට ගිය අය, පවුලේ උරුමය හා ගෞරවය වෙනුවෙන් යුද්ධයට ගිය අය වගේම, ජීවත් වීම වෙනුවෙන් යුද්ධයට ගිය අයත් මේ අතරෙ හිටියා. මගෙ න…

“1805 වසරෙ නැපෝලියන් ගෙ යුද්ධ අපේ යුද්ධ වුණා. සංගීතයෙන්, නැටුමෙන්, පැණි රස වයින් වලින් සහ ගෑණුන්ගෙන් පිරිච්ච පිරිමි ජීවීත වලට යුද්ධෙ කාන්දු වුණා. ජීවිතේ ඒකාකාරී බවින් මිදෙන්න යුද්ධයට ගිය අය, පවුලේ උරුමය හා ගෞරවය වෙනුවෙන් යුද්ධයට ගිය අය වගේම, ජීවත් වීම වෙනුවෙන් යුද්ධයට ගිය අයත් මේ අතරෙ හිටියා. මගෙ නම පියරෙ. මම අවජාතක දරුවෙක්. ඒත් මම වැදගත් පවුලක අවජාතකයෙක්. ඉතාම වැදගත් පවුලෙ කිව්වොත් තමයි වඩාත් නිවැරදි. මගෙ තාත්තා ඉන්නෙ ලෙඩ ඇඳේ. තාත්තාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන එක නරකයි. මට දැනෙනවා මම මහ නරක පුතෙක් කියලා. මගෙ වැදගත් තාත්තාව මම අඳුන්නෙ නෑ. ඔහු මට අමුත්තෙක්. කොහොම වුණත් මම වැඩියෙන්ම බය, මට දේවල් නොලැබෙන එකට නෙවෙයි. දේවල් ලැබෙන එකට.. නොලැබීම , අප්‍රසිද්ධිය සහ අනාදරය පුරුදු වුණ මට ලැබීම ප්‍රසිද්ධිය සහ ආදරය ගැන තේරුම් ගන්න අමාරුයි. කොටින්ම ඒවා ඇත්තක් ද රැවටීමක්ම කියලා තේරුම් ගන්න මට බයයි. මම ගැන හැබෑවටම උනන්දු වෙන්නෙ නටාෂා විතරයි. ඇය කරුණාවන්තයි ඒ තරමට. ජීවිතය ඉස්සරහට මොනා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. අනික අස්ථාවර යුද්ධයක් එක්ක. ප්‍රශ්න තියෙන්නෙ මට විතරක් නෙවෙයි. මුළු රුසියාවටම !! ඒවා දුවන්නෙ විසඳෙන අතටද, තව තවත් ගැටගැහෙන අතටද කියලා දන්නෙ ශුද්ධ වූ ත්‍රිත්වයම විතරයි.“
මේ තමා ලෝක ප්‍රකට මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධ සහ සාමය නමැති වෙළුම් දොළහකින් යුතු කෘතිය පාදක කරගනිමින් මේ වසරේ ජනවාරි 3වෙනිදා BBC නාලිකාව හරහා විකාශනය වීමට ආරම්භවූ බල කාමය, පවුල් වාදය, ප්‍රංශයේ රුසියානු ආක්‍රමණය සහ ඒ වටා දිවෙන තුන්කොන් ආදර කතාවක් පදනම් කොටගනිමින් සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගොඩ නගන ලද කතාවක් ඇසුරින් ගෙතෙන රුපවාහිනී කතාවක ඇරඹුමයි, එසේනම්, කොටස් හයක් පුරාවට විප්ලවයක ගිනි පුපුරු දැල්වෙන සිතල රුසියාවේ ගත කිරීමට කෙරෙන ආරාධනයයි…..
ලිපිය : නෙරංජි සුලක්ඛනා

ලියෝ ටෝල්ස්ටෝයි, මහා ගත්කරුවාණන්ගේ දැනට හඳුනාගෙන ඇති එකම වර්ණ චායාරුපය (1908)
සහ ඔහුගේ ප්‍රථම නවකතාව වන “යුද්ධය සහ සාමය” ග්‍රන්ථයේ මුල් පිටපතේ පිටකවරය(1869)
[ උපුටාගැනීම විකිපීඩියා වෙබ් අඩවිය ඇසුරෙනි ]
Due to copyright issues, we do not provide any torrent links.
War and Peace 2016 S01E01 – GHOST DOG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ. Sinhala Subtitles
1,255 downloadsDownload War.and_.peace_.2016.E01.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/vima2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode>>Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
37 comments
මධුකප්‍රිය පෙරේරා
හර්ෂණ
3 වෙනි එකත් අවිල්ලෝ.....
udara
mchn uba apita dennema supirima katha tmai
onnam sub eka down kra mchn
gdak ponnya mchn ma wage kathwak api wenuwen argena awtaudara
gdak pin mchn werdiyta type wela mchn
හර්ෂණ
:v :v :v
supun
ඉතුරු ටිකත් ෙදන්න ෙකා්!
Kavisha
Superb mcn...
Thnx....
Good Luck...tharindu madushanka
thanks mcn
gayan
Thanxx Bro..
harsha
මම මේ කතාව කියවලා තියනවා පාසල් යන කාලයේ. එනිසාම නැවත මතක් කරගන්නත් එක්ක මේක බලනවා. ඔන්න එහෙනම් ගන්නවා ස්තූතියි ශාන්. ජයවේවා!
[Prash]
thnxx
Kasun Upeksha
Vima... Tnxx sub ekata
Charith
Thanks a lot!
Sanath Indika
thx broo
කේ.යූ.ජී. උදාර
ඔන්න එහෙනම් මාත් ගත්තා.......
මේ වැඩේට බොහොම ස්තූතියි මචෝ.Kulanjana Maduranga
niayamai…thawath aluth tv series 1k..ela...thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ප්‍රණීත් චින්තක
ශිහ්....
මේකත් බලන්න වෙයි වගේ නේ...?
කමක් නෑ ස්තුතියි කිව්වා.rajitha
Thank you......!
Sajith Anthony
මේක නම් අනිවා බලනවා
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!Udesh
fatta bro.thnx
Deshan Mudalige
Thanks Bro, ane tharahaa nathuwa film ekatath subtitle daala dennakoo !!!!!!!!!!!
JAYA WEWA!!!!Deshan Mudalige
Thanks Bro, ane tharahaa nathuwa A BRIDGE TOO FAR film ekatath subtitle daala dennakoo !!!!!!!!!!!
JAYA WEWA!!!!
jagath
thanks
Saman Prasad [පූසා]
ඔන්න උඹ කිවුවනෙ පොතවත් කියවලා නැති එකේ මේකවත් බලහං කියල...
ඔන්න එහෙනම් බලන්න ගන්නවා...
සබට තුති බං...
ජය වේවා...!!!
පොතත් ඉක්මණටම කියවන්න ඕනා උඹ කියපු නිසා... :Dnilanka
ela ela thax bro jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha Sameera
තැන්ක්ස් බොක්ක
bokutta
ෙමවැනි පිල්ම් අපිට සිංහලින්ම දුන්නට ෙගාඩක් පිං ෙපාත පරිවර්ථනය කරා හා සමානයි ස ෙහා් තෑන්ක්ස්
sameera
thanx bro
pabasara
jongens 2014 kiyala lassana film ekak thiyenawa puluwannam sub denna balanna.gay kathawak imdb 7.6 gaththu ekak.wenasma adara kathawak kohmahari sub denna balanna
chin
යාලු ඉතුරු ඒවටත් සබ් දෙන්න
chin
අනිත් ඒවටත් සබ් දෙන්න
Lakshan
සර්ජි බොන්දර්චුක් අධ්‍යක්ෂණ්‍ය කළ දැවැන්ත සෝවියට් සිනමා පටය කොටස් 4කින් යුතුව ලබා ගත හැකියි - හැකිනම් එය නරඹන්න -
h.m
පලවෙනි එකට සබ් දීල මාස 3 වැඩියි.අනිත් ඒවාට මොකද වුනේ?
Vira
meke kotas 7k dan avilla iwarai. Awaaye sub tika parakku karanne nathuwa dennako
Kumara
Thanks Bro !!!
Chami.S
Ithru ewatath sub dennako...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

වෙලාවක් ලැබුන ගමන්ම මේක බලනවා සහෝ..
උපසිරසියට ස්තුතියි .ඔබට ජය.