මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. අවුරුද්ද පටන් අරන් ටික දවසක් උනත් මේක තමයි මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරැසිය. හැමෝටම මතක ඇතිනේ පසුගිය අවුරුද්දේ සීසන් එකේ නැවැත්තුවේ කුතුහලයේ උපපරිම අවස්ථාවකදීනේ. එහෙමනම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ. කළු ලැයි…
මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. අවුරුද්ද පටන් අරන් ටික දවසක් උනත් මේක තමයි මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරැසිය. හැමෝටම මතක ඇතිනේ පසුගිය අවුරුද්දේ සීසන් එකේ නැවැත්තුවේ කුතුහලයේ උපපරිම අවස්ථාවකදීනේ. එහෙමනම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ. කළු ලැයිස්තුව කියන්නේ Action/Thriller ගනයට අයත්වන ටීවී සීරීස් එකක්. මේක පටන් ගත්තේ 2013 සැප්තැම්බර් 23 වෙනිදා. ඒ කාලයේදී සබ් එක ලබාදුන්නේ අංජන අයියා. මේ වෙලාවේදී එයාවත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන. ඊට පස්සේ දෙවන සීසන් එකේ මැද ඉදන් මම සබ් එක දෙන්න පටන්ගත්තා. දැන් ඉතිං තුන්වෙනි සීසන් එකේ 9 වෙනි එපිය. මේ කතාවේ ප්‍රධාන චරිතය එලිසබත් කීන් FBI විෂේශ නියෝජිතවරියක්, ඇය වැඩ පටන් ගන්න පළවෙනි දවසේම කිසිම කෙනෙකෙුට කවදාවත් අල්ලගන්න බැරිව හිටිය අපරාධලෝකයේ මහා මොළකාරයෙක් ඇවිත් FBI එකට භාර වෙනවා. එයා කියන විදියට එයා කතා කරන්න ලෑස්ති එලිසබත් කීන් එක්ක විතරයි. ඉතිං මේ අපරාධකරුවා එහෙමත් නැත්නම් රේමන්ඩ් “රෙඩ්” රෙඩින්ටන් ආවට පස්සේ ලිසීගේ ජීවිතය උඩු යටිකුරුවෙනවා. පළමු සීසන් එක ගලාගන යන්නේ රෙඩිින්ටන් විසින් ලබා දෙන කළු ලැයිස්තුවේ ඉන්න අපරාධරුවන් එක එක්කනා FBI විසින් අල්ලා ගනිමින්. ඒත් රෙඩින්ටන් මේ අල්ලා දෙන හැම අපරාකරුවෙක්ගෙන් මොකක් හරි වාසියක් සලසා ගන්නවා. ඒ වගේම පළමු සීසන් එක අවසන් වෙන වෙනකොට අපිට දැනගන්න ලැබෙනවා ටොම් කීන් එහෙම නැත්නම් ලිසීගේ සැමියාත් රෙඩින්ටන් විසින් දාපු කෙනෙක් කියලා. ඊට පස්සේ දෙවනි සීසන් එකේදී ලිස්ව මහා ලොකු අපරාධයකට පටලවලා එයාව රෙඩින්ටන්ටත් වඩා උඩින් FBI එකේ වඩාත්ම අවශ්‍ය ලැයිස්තුවට ඇතුලත් කරන්න කබාල් කියලා සංවිධානයක් සමත් උනානේ. මේකට හේතුව හරියටම දන්නේ නැති උනත් දැන්ට විකාශය උන කතාවලට අනුව මේකට හේතුව උනේ කබාල් එකේ නායකයින් ගැන රෙඩින්ටන් ළඟ තිබුන රහස් ලිපිගොනුවක්. ලිස් මේ ලිපි ගොනුව ප්‍රචාරය කලා මතක ඇතිනේ රෙඩින්ටන්ව බේරගන්න ඕන නිසා. මේ කබාල් එකේ අධ්‍යක්ෂක තමයි දැනට CIA එකේ ඉන්න අධ්‍යක්ෂකවරයා. තුන්වෙනි සීසන් එකේ විකාශය උන කොටස් 8දී රෙඩින්ටන් ලිස් සහ ටොම් තුන් දෙනාම උත්සය කරන්නේ ලිස්ව නිදොස්කොට නිදහස් කරගන්න. ඉතිං ටොම් මේ හැම දෙයක්ම ඔප්පු කරන්න පුළුවන් එකම කෙනා කැරකර්ට්ව අල්ලගත්තා මතක ඇතිනේ. ඒ වගේම 8 වෙනි එපිය අවසාන උනේ ලිස්ව FBI එක විසින් එහෙම නැත්නම් ලිස්ගේ හිටපු සහයකයා රෙස්ලර් විසන් අත්අඩගුවට ගන්නා තැනින්නේ. එහෙම නම් ඉතිං අද කතාවේදී මොකද්ද වෙන්නේ කියලා බලමු නේද?
අද කතාව කොටස් දෙකකින් සමන්විතයි. අද විකාශය වෙන්නේ පළමු කොටස. මේක නම් කරලා තියෙන්නේ අධ්‍යක්ෂක (The Director) කියලා. ලිසීව FBI අත්අඩංගුවට පත්උණා කියන්නේ එයා මැරුනා වගේ තමයි කියලයි රෙඩින්ටන් නම් කියන්නේ. ඒත් ඉතිං අදකතාවෙදී අරාම් අපේ මිත්‍රයා බොහෝම භයානක පියවර කිහිපයක්ම ගන්නවා ලිසීව බේරගන්න. ඒවායින් ලිසීව බේරගන්න එයාට පුළුවන් වේවිද?එහෙම නම් කතාව බලලා ඉඩක් තියෙනවා නම් කමෙන්ටුවත් එහෙමත් දාගන යන්නකෝ.
146 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
6ADE748BCAB9D0AFDCDC2C1B2B8534C66651E355 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,704 downloadsDownload The-Blacklist-S03E09-baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
15 comments
Chathura Kanchana
oshara
thanks
Jeewantha
ගොඩක් ස්තුතියි.
Dana
සබ් එනකම් බලන් හිටියේ ...බොහොම ස්තුතියි ..ජය වේවා..
චම්මි
Thank you Machan
Sudheera
thx sis..! tikak ikmanata sub denna puluwan nam shoke...! keep it up...!!
Janaka
enakam balan hitiye........ thanku saho.... ummmmmmmmmha.....
sumanadasa
bohoma sththuthi sub eka deida kiyala balan hitiye
jaya wewaSajeevi
Thanks
Sandaruwan
ඉස්සෙලම ඔයටත් සුබ අලුත් අවුරුද්දක්...! බොහොම ස්තුතියි Subb වලට.... හම්මෝ කවදා එයිද කියල බලන් හිටියේ ඊලග කොටසේ Subb... ජය වේවා...!!
Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you Friend.
sahan
සබ් කොහෙවත් වොයිස් තව කොහෙවත්... මොකෝ ඒ
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

The Blacklist කතාවෙ බලපු හොදම කොටස. ආපු ගමන් බැලුව බලන් ඉන්න බැරි කමට. දැන් සිoහල සබ් එක්කත් බලන්න ඕන. Thank you සබ් එකට