Watch Trailer

War & Peace (2016) [E02] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ නැමැති ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 2016 වසරේ දී පුංචි තිරයට ගෙන ආ කෙටි මාලා නාටකයේ දෙවන කොටස. දැන් ඉතින් කට්ටිය බලනවා ඇති කෝ එතකොට පළවෙනි කොටස කියලා. කලබල වෙන්න දෙයක් නැහැ, මාස ගණනකට කළින් පළමු කොටසේ උපසිරැසිය ව…

War-&-Peace-(TV-Mi-2016)-4

රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ නැමැති ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 2016 වසරේ දී පුංචි තිරයට ගෙන ආ කෙටි මාලා නාටකයේ දෙවන කොටස.

දැන් ඉතින් කට්ටිය බලනවා ඇති කෝ එතකොට පළවෙනි කොටස කියලා. කලබල වෙන්න දෙයක් නැහැ, මාස ගණනකට කළින් පළමු කොටසේ උපසිරැසිය විමුක්ති මල්ලි දීලා තිබුණා. ඒත් විමාට ඉතිරි ටික කරගන්න වේලාවක් නැති නිසා විමාගේම ඉල්ලීමකට තමයි මම මේක පටන් ගත්තේ. හැබැයි මේ කොටසෙත් පේළි ගොඩක් විමා හදලා තිබුණා. ඒ වගේම දිව උළුක්වෙන රුසියානු නම් ලැයිස්තුවත් මට එව්වා. ඒක ඉතින් ගොඩක් පහසුවක් උනා මේකට උපසිරැසි කරගෙන යන්න.

ඉතින් පළමු හා දෙවන කොටස් අතරේ තරමක කාලය ගතවීමක් තිබෙන නිසා පළමු කොටස බලපු අයට මතක් වෙන්නත් ඒවගේම නොබලපු අයව බලන්න කැමති කරගන්නත් එක්කම “යුද්ධය හා සාමය“ සහ පළමු කොටසේ සිදුවීම් ගැන පොඩි විස්තරයක් කරන්නම්.

ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ග්‍රන්ථ අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ “යුද්ධය හා සාමය“ සහ “ඇනා කැරනිනා“ යන නවකතා දෙකයි.  2009 වසරේ දී Newsweek සඟරාව හොඳම පොත් 100 ශ්‍රේණිගත කිරීමේ දී එහි පළමු තැන ලැබුණේ මේ “යුද්ධය හා සාමය“ කියන පොතට. ඒවගේම 2007 දී විශිෂ්ඨතම පොත් 10 තෝරා ගැනීමට Timeසඟරාව සිදුකළ ඡන්ද විමසීමේදී එහි තෙවන තැනට පත්වෙලා තියෙන්නේ “යුද්ධය හා සාමය“. එවිට එහි පළමු ස්ථානය ලබා ගත්තේ “ඇනා කැරනිනා“ පොතයි. ලියෝ ටෝල්ස්ටෝයි විසින් මේ කතාවේ එන නම් සකස් කරගෙන තිබෙන්නේ එකල විසූ පුද්ගලයින්ගේ නාමයන් මඳක් වෙනස් කිරීමෙන් බවත්, සමහර සිදුවීම් තම පවුලේ සාමාජිකයින් ලද අත්දැකීම් හා ඉතිහාසගත සිදුවීම් අනුසාරයෙන් ගොඩනඟා ඇති බවත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

ඉතින් මේ කතාවට පාදක වෙන්නේ 1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක්.

රුසියාවේ ධනවත්ව මිනිසා වූ බෙසුකොව් සිටුතුමාගේ අවජාතක පුත්‍රයෙක් වූ පියරේ තමයි ප්‍රධාන චරිතය වෙන්නේ. කාරුණික හදවතක් තිබෙන ඔහුට ඕන කරන්නේ ලෝකය වඩා හොඳ තැනක් කරන්න. අනෙක් අය නම් ඔහුව දකින්නේ තරමක මෝඩපහේ කෙනෙක් විදිහටයි. ඔහුගේ සමීපතම මිත්‍රයා, බොල්කොන්ස්කි පවුලේ උරුමක්කාරයා වන ඇන්ඩ්‍රේ කුමාරයා. තම වංශවත් සමාජ රටාව එපා වුණු ඇන්ඩ්‍රේට ඕන කරන්නේ සාර්ගේ හමුදාවට බැඳිලා කීර්තිය සොයා යන්න. පියරේ කුඩා කල පටන්ම හඳුනන නටාෂා, අඩු වංශවත් රොස්ටොව් පවුලේ සාමාජිකාවක්. ඇය සතුටින් ඉන්න, ඒ වගේම සැබෑ ආදරය සොයන තරුණියක්. බෙසුකොව් පවුලේ ඥාතියකු වන වැසීලි කුරගින් කුමාරයා බෙසුකොව් පවුලේ කටයුතු සොයා බලනවා. ඒ වගේම ඩෲබෙට්ස්කෝයි පවුලට බෙසුකොව්, රොස්ටොව් හා කුරගින් යන පවුල් තුන සමඟම විවිධාකාරයේ සම්බන්ධතා තිබෙනවා. ඉතින් ඔන්න ඔය සම්බන්ධකම් ඔස්සේ මේ පවුල් පහේ සාමාජිකයින් මුහුණ දෙන සිදුවීම් තමයි මේ යුද්ධය හා සාමය නැමැති කෙටි නාට්‍ය මාලාවට ඇතුලත් වෙන්නේ.

පළමු  කොටසින්…….

නැපෝලියන් බොනපාට් රුසියානු සීමාව අසළට පැමිණෙන අතරේ, වැසීලි කුරගින් සමඟ වංශවතුන්ගේ සාදයකට යන පියරේ, නැපෝලියන් බොනපාට් ගැන මහා ඉහළින් වර්ණනා කරමින් තම දැක්ම ගැන ප්‍රකාශයන් සිදු කරනවා. වඩාත් ධනවත් වංශවත් පියෙක් සිටියත් අවජාතක දරුවෙක් වන පියරේට මේ හමුවේ දී උණුසුම් පිළිගැනීමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ අතරේ ඇනා මිකලොව්නා, වැසීලි කුරගින් කුමාරයා හමුවෙනවා තම පුත්‍ර බොරිස් ඩෲබෙට්ස්කෝයි හට හමුදාවේ නිලධාරි තනතුරක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලමින්. නමුත් වැසීලි නම් ඒක ප්‍රතික්ෂේප කරනවා.

පියරේට තම මිතුරා ඇන්ඩ්‍රේ හා ඔහුගේ බිරිඳ ලිසේ හමුවෙනවා. ගැබිණි තමන්ව පිටිසර වෙසෙන මාමණ්ඩිය වෙත යවා ඇන්ඩ්‍රේ හමුදාවට බැඳීම ගැන නම් ලිසේගේ කිසිදු කැමැත්තක් නැහැ. නමුත් තම ජීවන රටාව එපා වී සිටින ඇන්ඩ්‍රේ තම තීරණය වෙනස් කරන්නේ නැහැ. සාදය අවසානයේ ඇනටෝල් කුරගින් විසින් රාත්‍රියේ පවත්වන මත්පැන් සාදයට පියරේට ආරාධනා කරනවා. හැබැයි ඒ අතරේ පියරේගේ ඇහැ යන්නේ නම් සුරූපි හෙලෙන් කුරගින් දෙසට.

කෙසේ හෝ අවසානයේ මොස්කව් හි සිටින මහළු බෙසුකොව් සිටුතුමා මරණාසන්නව සිටින බැවින් ඔහු බලන්නට යාමට තමන් සමඟ එන ලෙස වැසීලි කුමාරයා පියරේට කතා කරනවා. මොස්කව් වෙත ළඟාවන විට තම පියා බැලීමට නොගොස් පියරේ තම පැරණි මිතුරිය වූ නටාෂා දකින්නට යනවා ඒ බොරිස් ඩෲබෙට්ස්කෝයි සමඟ වන ඇගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේ දී.

ඒ අතරේ ඇනා මිකලොව්නා විසින් තම පැරණි යහළුවන් අතරේ විනෝදවන පියරේව ඔහුගේ පියාව දැකීමට කැඳවාගෙන යනවා. නමුත් පියරේව මහළු බෙසුකොව් සිටුතුමා හට මුණ ගැස්වීමට වැසීලි කුමාරයා හෝ කැටිශ් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ විශාල ධනස්කන්දය පියරේට අහිමි කිරීම සඳහා. ඒත් ඇනා මිකලොව්නා බලහත්කාරයෙන්ම පියරේව ඔහුගේ පියාට මුණගස්වනවා. මේ හමුවීමෙන් සතුටට පත්වන මහළු බෙසුකොව් සිටුතුමා පසුව මිය යනවා. එවිට කැටිශ් ඔහුගේ අවසන් කැමැත්ත සොරා ගන්නවා. නමුත් ඇනා මිකලොව්නාගේ උත්සාහය නිසාම පියරේ අතිවිශාල ධනස්කන්දයකට උරුමක්කාරයා වෙමින් බෙසුකොව් සිටුතුමා බවට පත්වෙනවා. මේ උරුමයත් සමඟම වංශවත් සමාජය තුළට පියරේව බොහොම ඉහළින් පිළිගන්නවා.

ඇන්ඩ්‍රේ කුමාරයා තම බිරිඳ පිටිසර වෙසෙන තම පියා සහ සහෝදරිය ළඟ නවතා යුද්ධයට සහභාගිවීමට යනවා.නිකොලායි රොස්ටොව් හා බොරිස් ඩෲබෙට්ස්කෝයි ද හමුදාවට බැඳෙනවා. යුද්ධයෙන් රුසියානුවන්ට දැඩි හානි සිදුවුනත් ඔවුන් යුද්ධය දිගටම කරගෙන යාමට උත්සාහ කරනවා. මේ අතරේ පියරේට ඔහුගේ උරුමය පිළිබඳ උපදෙස් දෙමින් වැසීලි කුමාරයා උත්සාහ කරන්නේ තම දියණිය වූ හෙලෙන් කුරගිනා පියරේ වෙත විවාහ කර දෙන්න. ඉතින් මේ උත්සාහය සාර්ථක වෙමින් පියරේ නොදැනම හෙලෙන් හා විවාහ ගිවිස ගන්නවා. මේ තමයි පළමු කොටසේ සිදුවීම් බොහොම කෙටියෙන්.

දෙවන කොටසින්….

අද කතාව පටන් ගන්නේ පියරේ සහ හෙලෙන්ගේ විවාහ මංගල්‍යයෙන්. ඒ වගේම වැසීලි කුමාරයා තම පුත්‍රයා වු ඇනටෝල් කුරගින්ගේ විවාහය සඳහා ධනවත් කුමාරිකාවක් වූ ඇන්ඩ්‍රේගේ සොයුරිය වූ මාර්යා වෙත යෝජනාවක් ගෙන යනවා. ප්‍රංශය හා රුසියාව අතර යුද්ධයත් බොහොම දරුණුවට සිදුවෙනවා. ඒ අතරේ පියරේ ද්වන්ධ සටනකට අභියෝග කරනවා. තවත් බලාපොරොත්තු නොවූ සිදුවීම් පෙළක් තිබෙනවා. මේ සියල්ල කියනවට වඩා බලන එක තමා රසවත්. ඉතින් එකතු වෙන්න දෙවන කොටස සමඟින්…

Jessica Jones (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

War.and.Peace.2016.S01E02.HDTV.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

596 downloadsDownload War.and_.Peace_.2016.S01E02.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                        Next Episode>>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

596 downloadsDownload Subtitles28 KB

13 comments

  1. dilshan

    thanks bn ituru tika denakan hitiye
    jaya weewa !!!!!!!!!!!!!!!

  2. Chami.S

    Thanks..

  3. Kasun Lakshan

    Subata godaaak sthuthiyi

  4. නවින් නිසල්

    තැන්ක්ස් මචන් නියම වැඩක් !! දිගටම කරගෙන යමු !!

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...බැලුවෙත් නැ තාම.

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. BalackSnow

    අඩෝ පට්ට thanks මේකේ සබ් දෙනකන් බලාගෙන හිටියේ.
    දිගටම දෙමු නේ.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amil Gamage

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Muditha Praboth

    සහෝ මෙතන තියෙන්නේ episode 2 අදාල උපසිරසියනේ

  13. Sam Fisher

    thank sub 1ta