Watch Trailer

Wednesday [S02 : E01] Sinhala Subtitles | අලුත් පාසල් වාරයක් අලුත් අභිරහසක්. [සිංහල උපසිරසි]

Wednesday Season 02 Sinhala Subtitles කොහොමද යාලුවනේ ඔන්න බයිස්කෝප් අපි ඔයාල බලන් ඉදපු ඒ ලස්සන කතා මාලාවෙ දෙවෙනි කතා සමයට සිංහල උපසිරැසි මේ විදියට අරන් ආව. මේ අලුත් කතා සමය නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ 06 වෙනිදා. මේකෙ දැනට නිකුත් වෙලා තියෙන්නෙ කතාංග හතරකින් යුත් එක් කොටසක්…

Wednesday Season 02 Sinhala Subtitles කොහොමද යාලුවනේ ඔන්න බයිස්කෝප් අපි ඔයාල බලන් ඉදපු ඒ ලස්සන කතා මාලාවෙ දෙවෙනි කතා සමයට සිංහල උපසිරැසි මේ විදියට අරන් ආව. මේ අලුත් කතා සමය නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ 06 වෙනිදා. මේකෙ දැනට නිකුත් වෙලා තියෙන්නෙ කතාංග හතරකින් යුත් එක් කොටසක් පමණයි. දෙවෙනි කොටස නිකුත් මේ වසරෙම සැප්තැම්බර් 03 වෙනිදා. ඉතින් මුලින්ම කියන්න ඕනි මේ කතා සමයෙදි මේ කතා මාලාවෙ තිබ්බ අර කුතුහලය දනවන සිද්ධි වලින් එහෙම කිසි අඩුවක් නෑ.  ඉතින් කතාව ගැන බලන්න කලින් මේ කතා සමයෙ පළවෙනි කොටසට උපසිරසි අරන් එන්නෙ බිම්සර, රුක්ෂාන්, සංජන සහ වුල්ෆ් යන සහෝදරයින්. හරි අපි හැමදේකට කලින් කලින් කතා සමය මතක් කරන් ඉමු නේද?   කලින් කතා සමයෙදි අපි දැක්කෙ නෙවර්මෝර් එහෙමත් නැත්තම් විශේෂිතයො ඉගෙන ගන්න සුවිශේෂී පාසලට මේ වෙන්ස්ඩේ ඇඩම්ස් යන එක ඊටපස්සෙ ඔන්න ඔය පාසල අවට එක පාරටම මිනී මැරුම් කිහිපයක් වෙන්න ගන්නව කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති විදියට.ඉතින් මේ වෙන්ස්ඩේ ඔය අතරෙ ටයිලර් කියල කොලු ගැටයෙක් එක්ක ටිකක් ෆිට් වෙනව, ඔන්න ඔය අතරෙ වෙන්ස්ඩේ දැනගන්නව හයිඩ් කියල සතෙක් තමා මේ මිනී මැරුම් කරන්නෙ.ඔන්න ඕකට සැකපිට සේවියර් කියල චිත්‍ර අදින කොල්ලෙක්ව අත් අඩංගුවට පත් වෙනව.ඔය කොහොමින් කොහොම හරි වෙන්ස්ඩේගෙ හැකියාව ඒකියන්නෙ කෙනෙක්ව ස්පර්ශ කරාම උනේ මොකක්ද කියල දැනගන්න එක හින්ද මේ හයිඩ් කවුද කියල දැනගන්න මේ වෙන්ස්ඩේට පුලුවන් වෙනව. ඒ කොහොම උනත් අපේ මේ වෙන්ස්ඩේගෙ පළමු හාදුව ටයිලර්ට දෙද්දි තමා මේ දේ දනෙගන්නෙ.   කොහොම හරි වේ ටයිලර්ව අල්ලගන්න පුලුවන් වෙන්නෙ අපේ ඊනිඩ් අන්තිමේ කොහොම හරි වෘකයෙක් වෙන එකෙන්. අන්තිමේදි අපි  දැක්ක විශේෂම දේ තමයි මේ වෙන්ස්ඩේට “මං ඔයා දිහා බලන් ඉන්නව”  කියල එන මැසේජ් එක. 

ඒ විදියට තමයි, පළමු කතා සමය අවසන් උනේ. හරි එහෙනම් අපි බලමු දෙවෙනි කතා සමය ගැන. උඩ තියෙන ෆොටෝ එක ඕගොල්ලො දැනටමත් දැකල ඇති. මොකද මේක රිලීස් උනාම ගොඩක් තැන්වල ඔය ෆොටෝ එක ශෙයාර් උනා. ඉතින් පේනවනෙ කැරැක්ටර් ඩිසයින්. මරු නේද? ෆොටෝ එක වගේම තමයි ඇක්ටිනුත්. එහෙනම් දෙවෙනි කතා සමයෙ පොඩි කිව්වට ටිඅකක් ලොකු වෙනස්කමකුත් දැකගන්න හම්බෙනව. ඒ තමයි අපේ සේවියර්ට වෙලා තියෙන අකරතැබ්බය. අපිට දෙවෙනි කතා සමයෙදි මේ කැරැක්ටර් එකව දකින්න හම්බෙන්නෙ නෑ. ඒකට මේකෙ අධ්‍යක්ෂක කියල තියෙන්නෙ  කලින් වෙච්ච සිදුවීම් එක්ක සේවියර් වෙනත් පාසලකට මාරු කරල ඉන්නෙ. ඒත් ඇත්තටම සිද්දිය වෙන එකක්. මේ චරිතයට පණ පොවන Percy Hynes White ලිංගික  අපරාධ චෝදනාවකට හසු වෙලා එයාගෙ චරිතය මේ කතාවෙන් ඉවත් කරල තියෙනව. හරි එහෙනම් මේ කතා සමය ගොඩක් විනෝද ජනකයි, කොටින්ම කිව්වොත් නෙට්ෆ්ලික්ස්ලගෙ ඉන්ට්‍රො එකත් පට්ට. කතාව ගොඩක්ම අර වෙන්ඩේට එන මැසේජ් එක වටා කැරකෙන්න අරන් අපි හිතන්නෙ නැති විදියට කතාව ගලාගෙන යනව වගේම අපේ කුතුහලය භීතිය දුක සතුට ආදරය වගේ දේවල් ගොඩක් මේ කතා සමයෙන් අපිට බලාගන්න පුලුවන්. එහෙනම් කතාව හොදට enjoy කරන්න කියල කියන ගමන් මං සමුගන්නම්.   Wednesday Season 02 Sinhala Subtitles


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

8,463 downloadsDownload Wednesday-S02E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

8,463 downloadsDownload Subtitles24 KB

15 comments

  1. Buddhika laKMal

    ස්තූථියි බිම්සර සහෝ මේ සීරිස්එකට සිංහල සබ් ගේනවට

  2. Saminda

    Thanks bro..sandman s2 ekatath sub oni

  3. nishan sameera

    ane thank you

  4. udith

    thank you jayawewa

  5. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    හැකිනම් The Sandman සීසන් 02 සිංහල උපසිරැසි ලබා දෙනකල් බලන් ඉන්නවා

  6. ruwan

    thanks bro

  7. lakmal

    meka dload karanna link n ane baiscopedownlod ake

    1. Ravindu Heshan - Admin

      දීලා තියෙනවා සහෝ

  8. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    මේක දෙනකල් තමයි බලන් හිටියේ

    හැකිනම් The Sandman සීසන් 02 ලබා දෙන්න

  9. Achala

    thanks

  10. Dilshan

    Machan criminal justice season 4 ekata sub dennako

  11. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  12. Kaumina

    ] Sinhala Subtitles | අලුත්

  13. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  14. nilanka

    thanks.....