Watch Trailer

Westworld [S01: E10] with Sinhala Subtitles | ද්විමන්ඩල මනස [සිංහල උපසිරැසි සමඟ]

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි. අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න පුළුවන්.එවගේමයි ඩොලොරස්ට වංකගිරියේ මධ්‍ය හමුවෙනවා. Man In Black හොයපු දෙයත් එයාට අවසානයේදි ලැබෙනවා.…

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි.

අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න පුළුවන්.එවගේමයි ඩොලොරස්ට වංකගිරියේ මධ්‍ය හමුවෙනවා. Man In Black හොයපු දෙයත් එයාට අවසානයේදි ලැබෙනවා. එවගේමයි අද කතාංගයේ සමහර තැන්වලදි Westworld චිත්‍ර‍පටයේ දර්ෂන සිහිගන්වනවා.

මෙතෙක් කලක් අපිට දකින්න ලැබුනේ Westworld උද්‍යානය විතරයිනේ. නමුත් Westworld චිත්‍ර‍පටයේ මධකාලින යුගයට හා පැරණි රෝමය නිරුපනය කරන උද්‍යාන දෙකකුත් තියෙනවා. අද කතාවත් සමග Westworld කතාමාලාවෙත් එවැනි තවත් උද්‍යාන ඇති බවට අපිට ඉගියක් දෙනවා.

එවගේමයි නිලනොවන ආරංචියක් තිබුනා Games of Thrones කතාමාලාව සමග Crossover වගේ එකක්  ( Games of Thrones චරිත host විදිහට බලාගන්න පුළුවන්) දෙවන කතාසමයේ තියෙනවා කියලා. දැන් ඒක තරමක් දුරට සත්‍ය වෙනවා අවසන් කොටසේ පෙන්වන ඒ දර්ෂනත් සමගින්.

එක අවස්ථාවකදි මයිකල්ඇන්ජිලෝගේ The Creation of Adam චිත්‍ර‍ය පිලිබද හරිම අපුරු නිර්වචනයක් ඉදිරපත් කරනවා. මුළු කතාවෙම ගැඹුරු අරථය ඒ දර්ෂන තුල ගැබ්වෙලා තියෙනවා කියලයි හිතෙන්නේ. මිනිස් මනස(මොලය) කොතරම් විශිෂ්ඨ නිර්මානයක් යන්න ඉන් අපිට කියා දෙනවා.

ෆෝඩ් ලේසියෙන් පරාජය බාරගනිවි ද? රොබෝවරුන්ට බලය ලැබෙන්නේ කොහොමද ? මොකක්ද ඒ වෙනුවෙන් යොදාගන්න බලශක්ති ප්‍රබේදය ? Westworld නිශ්පාදකයන් කියන විදිහට නම්  අපිට ඒවා ගැන දැනගන්න දෙවන කතාසමය වෙනතුරු ඉවසන්න වෙනවා.

Westworld කතාමාලාව ඇයි විශේෂ වෙන්නේ ?මුළු කතාමාලාවටම ඇ.ඩො. මිලියන 100ක පමන පිරිවැයක් දරපු නිසාද, එහෙමත් නැතිනම් විශිෂ්ඨ රංගන ශිල්පින් කිහිපදෙනෙක් කතාවට සම්බන්ධ වුනු නිසාද ? කතාව ඊට වඩා විශේෂ වෙන්න මට හිතෙන විදිහට වෙන හේතුවක් තියෙනවා.

Westworld කතාමාලාවට අනිවාර්යෙන්ම වානිජ අරමුණු තියෙන බව ඇත්තක්. නමුත් ඒ නිර්මාන ශිල්පින් විසින් ඉදිරිපත් කරන පනිවුඩය සැබැවින්ම ආකර්ශනියයි. ඔබ මම ජිවිත්වෙන මේ යථාර්ථය ගැන බොහෝ අයට ගැටලුවක් නැතිඋනත් සමහර දෙනාට ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් මේ ඒ අය තමන්ගේ මතය ලෝකයට ඉදිරිපත් කරන්න පසුබට වෙනවා ලෝකයේ සංස්කෘතින්, විවිධ සම්මුතින්, ආගම් වැනි විවිධ කාරනා වලින් ඇති කරන සිමාවන් නිසා. නමුත් ඒ අයට යම් උත්තේජනයක් මේ කතාවෙන් ලැබෙන්නට ඇති කියලා හිතනවා. එමෙන්ම නිර්මානවාදය ගැන යම් අදහස් කිහිපයක් කතාව තුල ගැබ්වෙලා තියෙනවා. අනාගත කෘතිම බුද්ධියට ලගාවන්න බැරි සිමාවන්. එවගේම මිනිසුන් වු අපි අපේ පැවත්ම උදෙසා සත්ත්ව වර්යක් ලෙස අප සිදුකල කෘෘර ක්‍රියා. ඒ සියල්ලම මේ කතාව තුල ගැබ්වෙලා තියෙනවා.

ඔයා මොකක්ද  හිතන්නේ අපි ඉන්නේත් දියුනු ජිවින් පිරිසකගේ Westworld වගේ උද්‍යානයක වෙන්න පුළුවන්ද?

සති 10ක් අඛන්ඩව Westworld කතාමාලාව අපි ඔබ වෙත ගෙන ආවා. සමන් ප්‍ර‍සාද්  සොහායුරා ඇතුලු බයිස්කෝප් අඩවියේ ඇඩිමින්වරුන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඔනේ මේ වෙනුවෙන් දක්වපු සහයෝගයට. එවගේම කතාව උපසිරස ගන්වන්න ලබාදුන්නු හසන්ත අයියාවත්, රොයිලි අයියා සහ යුෂාන් අයියා ඇතුලු කමෙන්ට් පලකල සියළු දෙනාටත්, පෞද්ගලිකව මට කතාව පිලිබද අදහස් ඉදිරිපත් කල සියළු දෙනාටත් බෙහෙවින්ම ස්තුතිකරනවා. මොකද ඔයාලාගේ ප්‍ර‍තිචාර නිසා තමයි මේ කතා මාලාව අඛන්ඩව ගෙන එන්න පුළුවන් උනේ. එවගේමයි Beyond Westworld ප්‍රේක්ෂක එකමුතුවටත් විශේෂ ස්තුතියක් ලබාදෙන්න ඔනේ. කලිං ලිපිවලදි මම ඉදිරිපත් කල අනුමානයන්ගෙන් වැඩි කොටසක් මේ සමුහය ඇතුලේ ලෝකේ විවිධ රටවල අය සාකච්චා කරපු එ්වයි. ඔයා දකින්න ඇති ඒ අනුමානයන්ගෙන් සමහර එවා ඇත්තක් උනා. ඒ වගේම ඒ සමුහයේ සාමාජිකයන් කිහිපදෙනකේ පරිවර්ථන ගැටලුවලදි එවා පැහැදිලි කරගන්න මට උපකාර කලා. උපසිරසේ ගැටලු නම් ඇති. නමුත් හැකි තරම් උපරිමයෙන් නිවැරදිව ගෙන්න උත්සහ කලා.

Westworld දෙවන කතාසමය ආරම්භ වෙන කාලය ගැන නිශ්චිත  තොරතුරක් නම් නෑ.කොහොම උනත් 2018 වසරේදි කතාව ආරම්භ වේවි කියලා විශ්වාසයක් තියෙනවා.

ඉදිරි කාලය නම් බයිස්කෝප් අඩවිය සමග වැඩියෙන් සම්බන්ධවෙන්න නම් නොහැකි වේවි. කොහොම උනත් ලබන්නාවු 2017 වසර තව තවත් වින්දනිය නිර්මාන බයිස්කෝප් අඩවිය හරහා ඔබට රසවිදින්නට හැකිවන සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා !!!

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E10.HDTV.x264-FLEET

Westworld.S01E10.720p.HDTV.x265.ShAaNiG

Westworld.S01E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

2,285 downloadsDownload Westworld.S01E10.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Season >>

Subtitles by

කළිදු වසූක

Subtitles

2,285 downloadsDownload Subtitles30 KB

59 comments

  1. yumal

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!!!

  2. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා

  3. amila sadagala

    thanks bro...

  4. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ සුපිරියටම ඔයාගේ සබ් එක තිබ්බා..මෙන්න එහෙන්නං මේ සබ් එකත් ගත්තා .. ඊලග සීසන් එකත් අනිවා ඔයාම දෙන්න ජය වේවා !!

  5. Gathsara Umesh Kumara

    නියම්ම විස්තරයක් ලියල tතියෙනවා.මම මේ කතාව තම්ම් bබලන් පටන් ගත්තෙ නම් නෑ..ඒත් හැදාම් සහෝගෙ සබ දානකොට ඇවිල්ල ලිපිය කියෝල යන්වා..කතාව පට්ට නිසා බලන්න ගන්න ඕනි ලගදීම..නවත්තන්නෙ නැතුව එපිය ආපු ගම්න්ම සබ් ගෙනවාට හදවතින්බ්ම ස්තූති වන්ත් wවෙනවා.එහෙනම් දෙවෙනි සමයෙන් හමුවෙමු.....ජයෙන් ජය වෙවා...!!!!

  6. රවිඳු ආදිත්‍ය

    බොහෝම ස්තූතියි සහෝ ඔයාට. ඒ වගේම කලින් කොටස් වලටත් ස්තූතියි.
    නියමම කතාවක් මේකනම්. මුලදි ටිකක් හොල්මන් වගේ, ඒත් කොටස් දෙක තුනක් බැලුවට පස්සේ තමයි කතාව තේරුනේ.
    ආයෙමත් සැරයක් ස්තුතියි උපසිරසට.
    :-]

  7. Dimuthu

    Thank you!!!

  8. Pragathii

    thanq dude.

  9. Sameera

    Thanks

  10. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  11. praneeth madu

    බොහොම ස්තුතියි සහෝ

  12. NIK

    sub 1ta nm thanx aaa. ;)

  13. nirosh mj

    බොහොම ස්තූතියි සහෝ... ඇත්තම කියන්න ඕන කතාව ගොඩක්ම තේරුම් ගත්තෙ බයිස්කෝප් නිසා තමයි... ස්තූතියි බයිස්කෝප්.....

  14. Ruwan Kospelawatta

    මෑතකදී බලන්න ලැබුණු වටිනාම කතාවක්. මේකෙ තියෙන සංකීර්ණ බව එක්ක ඔයාගෙ උපසිරැසි වගේම ඔයා සපයාපු ලිපියත් නැතිවුණා නම් මේක කොහොමටවත් තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ. බොහෝම ස්තූතියි ඔයා කල කැපවීමට. ඔයාට ජයම වේවා...

  15. Asiri

    පට්ට කතාවක්.ගොඩක් සංකීර්ණ වගේම හිතන්න දෙයක් ඉතුරු කරපු සුපිරි කතාවක්.මොනා උනත් HBO එකෙන් කතාවක් ගැහුවොත් ආයි කියන්න දෙයක් නෑ පට්ට පහරක් තමා.Crossover එකක් වෙනවනම් අපිට ඕනේ ටිරියන්ව.සහෝගේ sub වලට සහ ලිපි වලට බොහොම ස්තුතියි.ඔබට ජය..

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Niky

    Thanks bro n all the best..!!

  18. ayesh

    episod 10 onna bagaththa.ada thamai balanna patan ganne.godaak sthuthie..

  19. Sanath Indika

    thx brroo

  20. ඩොලෝරස්

    බොහොම ස්තූතියි සහෝ…

  21. nirosh mj

    Bro narcos tv series eke sub eka dennako......

  22. shehan

    kalidu soyurata vagema........ sub akata udaw dunna hamotama thanks..... video aka balala mata achchara deval therune naa patalichcha than godak thobu naa lipiya kiyavala thami hari gassa gaththe amaru kan balan ne nathuva api venuven milak nogena karana me samaja sevayata gooooooodak thanks aka athakin balana kota mekath loku pin vadakkk thanks

  23. namesh

    Thankzzzzzz bro...

  24. සුපුන් බුද්ධික

    උපසිරැසිය වගේම ලිපිය නිසාත් කතාව තවත් තේරුම් ගන්න පුලුවන් උනා.
    කාලෙකින් බලපු වෙනස්ම විදිහේ හොඳම කතාවක්.
    අනික තවත් ගොඩක් කාලයක් බලන් ඉන්න වෙනවා අනිත් ගැටලු ටික ලිහා ගන්න.
    ඉවසිම සැහෙන්න ප්‍රගුන කරන්න වෙනවා :P
    එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  25. Charith Madhusanka

    Thanks bro!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම මේකට සබ් දාන්න තෝරගත්තටත්, ඉක්මනින්ම හොඳට සබ් එක කරල දුන්නටත් ස්තූතියි. දෙවෙනි අදියරටත් ඔයාගෙන්ම සබ් බලාපොරොත්තු වෙනවා. ජය෴෴ :P :P

  27. shehan

    got akath akka sambanda karanne kohomada aka lokadekaknee.......... avasana darshanayaka samurai kattiyak ne hitiye got akata sambanda venne kohomada

    1. Kalindu Wasuka

      ඔව් ඒක අනුමානයක් විතරයි. ඒ්ත් westworld film එකේ මධ්‍යකාලින යුගයට අයිති park එකක් තියෙනවා.ඒ් නිසා හිතන්න පුළුවන් westworld වලට අමතරව අඩුම තරමේ තව park 2වත් ඇති කියලා.කොහොමත් දෙවනි season එකේදි අනිවාර්යෙන් අනිත් park ගැනත්,westworld වැඩකරන හැටි ගැනත් බලාගන්න පුළුවන් වෙයි.

  28. Rajitha

    Thanks bro kathawa dunnata......jayawewa.......!

  29. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  30. Ravindu Rukshan

    thx sub ekata saho

  31. නවින් නිසල්

    ✘✘✘ තැන්ක්ස් මචන් සබ් එකට !! ✘✘✘

  32. Rakitha Ranathunga

    බොහොම ස්තූතියි සහෝ කතාවට...ඔන්න අද තමයි එපි ටික බාගන්න හදන්නේ...

  33. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ..

  34. dulanga

    thax for subs

  35. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
    මේවගේ සංකීර්ණ වචන භාවිතයක් තිබ්බ කතාවක්
    තෝරාගෙන ඒකට අසාධාරණයක් නොවෙන විදිහට උපසිරසි
    ගැන්නුවට බොහොමත්ම ස්තුතියි කියන්න ඕන. එහෙමනම්
    දෙවැනි සමයත් ඔයාගේ උපසිරසිවලින්ම නරඹන්න අපේක්ෂා කරනවා.
    ඔබට ජයෙන් ජය.

  36. janith mathula

    thank you very much

  37. prabath

    thanks bro....

  38. Indika prabath

    Ela ela....suba petum ah

  39. Indika Prabath

    Thanks ........

  40. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට. ඒ වගේම කතාවේ සංකිර්ණ තැන්
    තේරුම් ගැනීමට ගොඩක් උදව් උනා කතාවේ එම කොටසට අදාල ලිපි පෙල
    නියම වැඩක් සහෝ.ජය වේවා!

  41. ඉෂාන් මදුෂ

    සහෝ පුලුවන්නම් අලුත් වෙනසකටත් එක්ක මේකටත් සබ් දෙන්න
    නියම කතාවක් තියන ටිකක් පැරණි anime එකක්.imdb අගය 8.7
    විනාඩි 24 episodes 51න් සමන්විතයි.
    Fullmetal Alchemist (2003) [DUAL-AUDIO] [1080p] [HEVC]

  42. Dinesh Sapumal Bandara

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

  43. nirosha

    ඔබට ජයෙන් ජය.

  44. ප්‍රසාද් රත්නායක (Prasad)

    ay sub eka season 2 denna naththaaaaaaaaaa

  45. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් වලට

  46. sam fisherr

    කවුද කියන්න බලන්න කට ඇරං බලං හිටියෙ මේව් නංගි වගෙ රොබො නංගි ල ඇනගන්නව කුරැරැ මිනිස්සු එයාවගෙ කුරිරැ ආසාවල් සපුර ගන්න තමන් වගෙ අයට ඔලුකුඩුවෙන්න වෙඩිතියනව,මරනව කියල,මිනිස්සු අවිඤානිකයි කියල හිතන රොබොල මිනිස්සු දන්නැතිවම සවිඤානිකවෙලා ගේම දිලා පැනල යනව කට්ටියවත් මරල පැනලයනකං මම වගේම කට ඇරං බලංහිටපු අය අත උස්සන්න බලන්න.එහෙම උනානං මේක syfy හරි cw හරි කතාවක් වෙනවා එත් මෙ hob සවිඤානිකයි කියල මිනිස්සුන්ට විරැද්දව යන්න හදන එකම තමා එ අයට දිලා තියන කතාවපිසුසු හැදෙනව නෙ මේ hob කතා නම් අම්බෙ.i robt වගෙ එව බලපු අපි කැත නැතුව අහුඋනා ගේමට ඉලග පාර කතාවෙ සින් වලට අහු නෙවෙන්න සුපිරිtheory ටිකක් තෙරෙන සිංහලෙන් දෙන්න.ස්තුති සහොදරය උපසිරසට.

  47. Ruchika

    Season 2 awoooooo :))))))))) sub oneeeeeeeeeee :)

  48. nilantha7

    thanks

  49. Indika Prabath

    Thnks sub එකට

  50. Indika Prabath

    මේව්ට උදව් කරන්ට තරන් උදව් කරන එකා බය ගුල්ලෙක්නේ..මොක්කින්ද එව්න් රොබෝවන්ට උදව් කරන්ට තරන්...
    අනික ඩොලෝරොස් එහෙම මිනිස්සුන්ට වෙඩි තියන්ට...
    බලමු දෙවෙනි කතා මාලාවෙන් වත් රොබෝලා මිනිස්සුන්ට ඔනේ විදිහට ඉදීවිද කියලා...එව්න් ඉන්ට ඔනෙන්නෙ මිනිස්සුන්ට ඔනේ විදිහට මිසක් එව්න්ට ඔනේ විදිහට නෙවේ...
    (කතාවක් බව දන්නවා)

Load more comments