Watch Trailer

Westworld [S03 : E01] Sinhala Subtitles | දෙවියනි අප හට කමා වුව මැන [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියනවා වසර 2 මදක් අඩුවෙන් ගත්තු විවේකය අවසන් කරලා ඔන්න Westworld තෙවන කතා සමය ආරම්භවෙනවා.West world කලිං නොබලපු කෙනෙක් නම් මේ ලිපියේ අවසන් කොටස වෙත යන්න.අනිත් අය එන්න මෙතන ඉදං පටන්ගමු.වැඩි දෙයක් කියන්න යන්නේ නැ හැබැයි දෙවන කතාසමය දැන් පොඩ්ඩක් අමතකයි නම් යන්න බයිස්කෝප් මංසලට Westworld Q & A…

ආයුබෝවන් කියනවා වසර 2 මදක් අඩුවෙන් ගත්තු විවේකය අවසන් කරලා ඔන්න Westworld තෙවන කතා සමය ආරම්භවෙනවා.West world කලිං නොබලපු කෙනෙක් නම් මේ ලිපියේ අවසන් කොටස වෙත යන්න.අනිත් අය එන්න මෙතන ඉදං පටන්ගමු.වැඩි දෙයක් කියන්න යන්නේ නැ හැබැයි දෙවන කතාසමය දැන් පොඩ්ඩක් අමතකයි නම් යන්න බයිස්කෝප් මංසලට Westworld Q & A නමින් ලිපියක් දාලා ඇති කියවන්න. දෙවන කතාසයදෙි ඩොලොරස්/චාලට් උද්‍යානයෙන් පිටඋනානේ.මේ කතාසමය වෙන්වන්නේ ඇය පිටත ලෝකය සමග කරන අරගලය ගැනයි.

ඉතිං ඔන්න තෙවන කතාසමයේ පලමු කතාංගය තමයි මේ ගෙන ආවේ.මේ කොටස අධක්ෂණය සහ රචනය Westworld හි show runners වල Lisa Joy සහ Jonathan Nolan විසින්.මේ කතා සමය කලිං වගේ කොටස් 10 නෑ කොටස් 8ක් පමණයි තියෙන්නේ. මෙහි දර්ෂණ තල විදිහට ඇමරිකාවේ නිව්යෝක් නගරය සහ සිංගපූරුව තමයි යොදාගෙන තියෙන්නේ. සුපුරුදු නලු නිලි කැලට අමතරව තවත් අලුත් චරිතයක් (Caleb Nichols) මේ කතාංගයේදි එකතු වෙනවා.චරිතය අලුත් උනාට රංගන ශිල්පියානම් ඔයාලා හොදට දන්න කෙනෙක්. ඒ තමයි Breaking Bad හි Jesse Pinkman නොහොත් Aaron Paul.

කොහොම වෙතත් මේ ගෙවියන කාලය ලෝකයකට වගේම කලා ක්ෂේත්‍ර‍ටත් හොද කාලයක් නම් නෙවෙයි. මේ කාලවකවානුවේදි අපිට කලා ලෝකයෙන් දිගින් දිගටම අහන්න ලැබුනේ රූපගත කිරිම් සහ තිරගතවිම් ප්‍ර‍මාද කල චිත්‍ර‍පට සහ කතාමාලා ගැන ප්‍ර‍වෘත්ති පමණයි.මේ තත්ත්වය ඉක්මනින් හොද අතට හැරේවි කියන බලාපොරොත්තුවේ ඉන්නවා.එවගේම අපි උත්සහ කරනවා හැකි තරම් ප්‍ර‍මාදයන් නොමැතිව කතංගය විකාශයවු සතිය ඇතුලතම උපසිරස ඔබවෙත ලබාදෙන්න. උපසිරසේ ගුණාත්මක බව වැඩි කරන්න නම් අමතර කාරණා එකතු කරන්න ඔනේ. එත් කාල වේලාව ඒකට බාධකයක්. හැකි පමණින් මේ දෙකම සමතුලිත කරගන්නයි උපරිම උත්සහ කරන්නේ.

ඉතිං සුපුරුදු පරිද සෑම කතාංගයකම පැහැදිලි කිරිම් සතිපතා බයිස්කෝප් මංසල හරහා ගෙන එන්නත් කටයුතු සුදානම් කරලා තියෙන්නේ. මේ සීසන් එකත් අඩිමින් මඩුල්ලෙන් බලෙන්ම වගේ ඉල්ල ගත්තේ කතාවට උපසිරස ගන්වන්න තියෙන ආසාව නිසාමයි. එවගේමයි Westworld වෙනුවෙන් මං උපසිරස ඔබවෙත ලබාදෙන අවසන් කතාසමයයි.

කලිං Westworld නොබලපු දරුවන්ටයි මේ මතක් කිරිම. මේ කතාමාලාව විද්‍යා ප්‍ර‍බන්ධ ගනයට වැටෙන 2016 දී HBO නාලිකාවේ විකාශය ආරම්භ කරපු කතාවක්. මේ වෙනකොට කොටස් 10 බැගින් කතාසමය 2ක් විකාශ වෙලා තියෙනවා. මේකේ සම නිශ්පාදක ලෙස Jonathan Nolan සම්බන්ධ වෙනවා නම කිව්වම මතක් වෙන්නේ කෙනෙක් ඉන්නවා නේද ඔව් මේ Christopher Nolanගේ මල්ලි. අයියා වගේම තමා මල්ලිත් අපේ ඔලුවට හොද ව්‍යයාම දෙන්න දක්ෂයෙක්. මේ කතාව ගොඩනැගෙන්නනේ කෘතිම බුද්ධිය සහිත රොබෝවරුන් ඉන්න විනෝද උද්‍යානයක් තුලයි. මේ කතාමාලාව ගැන තියෙන ලොකුම විවේචනය තමයි සංකීරන plot twist තිබිම සහ අනපේක්ෂිත time jumps/cut සහිතව කතාව ගලාගෙන යෑම. කොහොම උනත් පලමු කතාසමයේ පලවෙනි කතාංගය බලලා නවත්තන්න නම් එපා අඩුම තරමේ කොටස් 6 ක්වත් නරඹන්න.

හරි ඒ ඇතිනේ එහෙනම් උපසිරස ගන්නකෝ අමතක නොකර ඔයාගේ ප්‍ර‍තිචාරයත් පහලින් දාගෙන යන්න.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,749 downloadsDownload Westworld-S03-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කළිදු වසූක

Subtitles

6,749 downloadsDownload Subtitles29 KB

23 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. Dewadithya

    Thanks for sub!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  5. harshahjk

    HBO එකේ මේ කතාව යනවා දැක්කා. එවෙලේ හිතුවා සබ ලැබෙයි කියලා. ඔන්න එකත් හරි. එම කොටස හැටියටනම් ඩොලරස් චන්ඩියා වෙලා. පලවෙනි කතා මාලාවේ හිටපු අහිංසක එකී ආගිය අතක් නෑ. බොහෝම ස්තූතියි කළිඳු සබ අරගත්තා ජයවේවා

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sachin a.

    Elama bro.....

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  10. Anonymous

    tanks for the sub bro...

  11. 97supun

    thanks for sub...
    good luck

  12. Jay450

    මේක එනකන් බලන් හිටියෙ. බලපු පට්ටම සීරීස්වලින් එකක් <3

  13. Hiran Eranda

    Thank You

  14. Anonymous

    s01 eka na ne bro download site 1

  15. dinesh.123

    supirima ekak iilaga ekath ikmanatama denna jaya weewa......

  16. manulchandul

    සබ් එකට බොහොම ස්තූතිය . Ep02 එකත් ඉක්මන්ට ඕනේ

  17. hgnbuddhika

    Sub Ake Time Line waradi, Hariyata hadala daahanko bn, Dannan waale danne nathuwa

    1. Kalindu Wasuka

      සබ් එක හදලා තියෙන්නේ westworld.s03e01.720p.web.h264-xlf විඩියෝ පිටපතට ගැලපෙන්නයි.

  18. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  19. ravindrachamara

    thx bro

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  21. antonraveen6

    niyamai bro

  22. Anonymous

    thanks