Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 25-26 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාවෙ අවසන් එපිසෝඩ් දෙකත් අරන් මම ආවා.මං කිව්වනෙ අන්තිම කොටස් දෙක සුපිරියි කියලා. ඔන්න මේකෙදි ජීන්ව අරන් ගිය සෙට් එක ජීන්ගෙ ඇඟේ ඉන්න ෆීනික්ස් කියන දේ එලියට ගන්න තමයි හදන්නෙ.ඒක කරන්න නම් චාල්ස් ජීන්ගෙ මනසෙ ආරක්ශාවට දාපු අවහිර ඉවත් කරන්න වෙනවා.ඒත් ජීන් ඒකට කැමති වෙන්නෑ.මේ නිසා එමා ලවා ඒක කරගන්න…

ඔන්න කතාවෙ අවසන් එපිසෝඩ් දෙකත් අරන් මම ආවා.මං කිව්වනෙ අන්තිම කොටස් දෙක සුපිරියි කියලා. ඔන්න මේකෙදි ජීන්ව අරන් ගිය සෙට් එක ජීන්ගෙ ඇඟේ ඉන්න ෆීනික්ස් කියන දේ එලියට ගන්න තමයි හදන්නෙ.ඒක කරන්න නම් චාල්ස් ජීන්ගෙ මනසෙ ආරක්ශාවට දාපු අවහිර ඉවත් කරන්න වෙනවා.ඒත් ජීන් ඒකට කැමති වෙන්නෑ.මේ නිසා එමා ලවා ඒක කරගන්න තමයි අර සෙට් එක හදන්නෙ.එයාලට ඕනෙ වෙන්නෙ ෆීනික්ස්ව එයාලගෙ පාලනයට ගන්න.

මේක දැනගත්තට පස්සෙ එමා ඒක කරන්න විරුද්ධ වෙනවා ඒක හින්දා බොරුවක් දාලා එතනින් ගිහින් ස්කොට්වත් එතෙන්ට අරන් එනවා.මේ අතරෙ අනාගතේ ඉන්න චාල්ස්ව වුල්වරින් බේරගන්නවා මෑන් මැරිලා නෑ බලන් යද්දි.ඒවගේම ජෙනෝශාවලට එන සෙන්ටිනල්ස්ලා ටිකත් අරන් මැග්නිටෝ මිනිස්සුන්ට පහරදෙන්න යනවා.ස්කොට් එමා එක්ක ජීන්ව බේරගන්න ගියාම එමා එයාගෙ කන්ඩායමට ද්‍රෝහි උන නිසා මාලිගාවෙ වෙච්ච පිපිරීමට එමා සම්බන්ධ වුන බව ස්කොට්ට කියනවා.ඒකෙන් ස්කොට් එමාව විශ්වාස කරන එක නවත්තනවා. මේ අතරෙ චාල්ස් ලෝගන්ට කියන්න හදනවා එමාව විශ්වාස කරන්න කියලා ඒත් ඒක හරියන්නෑ.ඒත් අන්තිමට ෆීනික්ස් නිදහස් උනාට පස්සෙ එයා කරන විනාශෙ නවත්තන්න එමා ජීවිතේ කැපකරනව.අන්තිමේදි චාල්ස් අනාගතේ ඉඳන් කතා කරල එක්ස් මෙන්ලා අනාගතේ බේරගත්ත බව කියනවා.

මේ කතාවෙ අන්තිමටම තියෙන සිද්ධි වලට අනුව මේකෙ දෙවෙනි සීසන් එකක් එන බව තේරුනත් 2009 ඉඳන් මේ වෙනකන්නම් එහෙම එකක් ඇවිත් නෑ.ඒ හින්දා ම්ං හිතන්නෑ අපිට මේකෙ දෙවෙනි සීසන් එකක් බලන්න ලැබෙයි කියලා.මම හිතන විදිහටනම් මේක එක්ස් මෙන් රසිකයො බැලිය යුතුම සීරීස් එකක් මොකද එක්ස් මෙන් චිත්‍රපටි වල තියෙන ඇතැම් දේවල් මේකෙත් අඩංගු වෙනවා. ඉතින් එහෙනම් ඔන්න පොරොන්දු උන විදිහට සීරීස් එකේ සබ් ටික අහවර කලා.තවත් ෆිල්ම් එකකින් හරි සමහරවිට ටීවී සීරීස් එකකින් හරි ඔබව හමුවෙන්නම්.

ජය වේවා !!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 25 – Foresight – Part 2

Wolverine And The X Men 26 – Foresight – Part 3

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

905 downloadsDownload Wolverine-And-The-X-Men-25-26.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

905 downloadsDownload Subtitles20 KB

11 comments

  1. ඉෂාන් මදුෂ

    නියම වැඩක් සහෝ.බොහොම ස්තූතියි
    මේක බලන ටික දෙනා වෙනුවෙන් හරි දිගටම උපසිරසි කරපු එක වටිනවා.
    ගොඩක් පින්.පුලුවන්නම් ජපන් ඇනිමි සීරිස් එකකටත් සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  2. Udara Damith B/K

    ස්කොපියන්
    Designated Survivor
    පුලුවන්නම් දෙන්ඩ
    .........................
    සීසන් එක ඉවර වෙනකල් සබ් දුන්නට ගොඩක් තැන්ක්ස්

  3. clash of clan

    sub ekata thanks macho

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. malaka

    සුපිරි සබ්. තෑන්ක් යූ

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව අලුත් කතාවකින් හම්බවෙමු...

  8. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Savindu_Ishan

    හුඟක් ස්තූතියි මචන් සබ් වලට. වැඩේ දිගටම කරගෙන යන්න....!!! මේ විදිහෙ කාර්ටූන් සීරීස් වලට සබ් දෙන එක නම් සුපිරි වැඩක් මචෝ. පුංචි ඉල්ලීමක් තියෙනවා මචන්.පුලුවන් නම් Ultimate spider-man කාර්ටූන් සීරීස් එකට සබ් දීපන්කො බන්. හුඟක් ආස කාර්ටූන් සීරීස් එකක්. පුලුවන් නම් ලොකු දෙයක් බන්....!!!!!

  11. geeganagamage

    thank you