Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 37:38] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

සියල්ල සිදු කළ පසු දැන් ඉතිරි වී තිබෙන්නේ කුමරුට මාළිගාවට ඇතුල් වීම පමණයි. මේ නිසා රජු දැඩි ලෙස මාළිගාවේ රැකවල් යොදනවා. වෙළඳ ප්‍රධානීතුමාගේ රූපයට සමාන කෙනෙකුඇතුල් වුවහොත් ඔහු වහා රජු සමීපයට ගෙන ආ යුතු බවයි රජුගේ නියෝගය. ව්‍යාජ රජු මේ සූදානම් වන්නේ ඔබ දන්නා පරිදි වෙස් මුහුණ ගලවා දමා සත්‍ය රජු ලෙස ද…

 

සියල්ල සිදු කළ පසු දැන් ඉතිරි වී තිබෙන්නේ කුමරුට මාළිගාවට ඇතුල් වීම පමණයි. මේ නිසා රජු දැඩි ලෙස මාළිගාවේ රැකවල් යොදනවා. වෙළඳ ප්‍රධානීතුමාගේ රූපයට සමාන කෙනෙකුඇතුල් වුවහොත් ඔහු වහා රජු සමීපයට ගෙන ආ යුතු බවයි රජුගේ නියෝගය. ව්‍යාජ රජු මේ සූදානම් වන්නේ ඔබ දන්නා පරිදි වෙස් මුහුණ ගලවා දමා සත්‍ය රජු ලෙස දිව්රුම් දීමටයි. නමුත්අවසානයේ කිරුළ හිමි කුමරු ඒ සියලු බාධක මැඩගෙන රාජ සභාවට පැමිණෙනවා. ඒ අතර ව්‍යාජ රජුට කුමරුට පෙර රාජ සභාවට ඒමට ප්‍රමාද වෙන්නේ මාළිගාවේ ප්‍රධාන සහයකයාගේමඋපායයක් නිසයි. කෙසේ හෝ අවසානයේ ව්‍යාජ රජුත් රාජ සභාවට පැමිණෙනවා. දැන් කිසි දිනක රජුගේ මුහුණ දැක නැති නිලධාරීන් එක්වර රජුන් දෙදෙනෙකු දැකීමෙන් විශ්මයටත්කුතුහලයටත් පත් වෙනවා.තමන් නියම රජු බව පැවසීමට දෙදෙනාම යම් යම් සාධක ඉදිරිපත් කරනවා. ඒ අනුව දෙදෙනාගේම සාධක සත්‍ය වනවා. මේ නිසා එම සාධක වලට වඩා දැඩි ලෙස ප්‍රබල සාක්ෂි රජතුමා කවුරුන්දැයි සොයාගැනීමට අවශ්‍ය වෙනවා. මේ අතර ව්‍යාජ රජු ලෙස පෙනී සිටින ලී සුන් මේ සඳහා මහ රැජිණිය සුදුසු බව සිතා ඇය කැඳවීමට නියෝග කරනවා. ඔහු සිතන්නේඇය නියම රජු තේරීමේ කාර්යය නිසි ලෙස ඉටු කරාවියී කියායි.

මින් පසු කොටස ඉතාම තරඟකාරී වගේම අවසානයේ නියම කිරුළ හිමි කුමරුන් තේරී පත් වෙනවා. ඒ නිසා ඒ සිදුවීම සඳහන් කළොත් එයින් නාට්‍ය රසය නැති වේවි. ඒ නිසා මෙතැන් සිට ඔබලාම කතාව නරඹන්න.

 

 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,830 downloadsDownload Ruler-Master-of-the-Mask-E37E38.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,830 downloadsDownload Subtitles127 KB

8 comments

  1. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  2. Udara Damith B/K

    එල

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි. සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Iresha weligamage.

    Suspicious partner eke sub denna puluwanda.

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..