Watch Trailer

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E01] with Sinhala Subtitles | විපරිතයින් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතලිස් එක්ව න උපසිරැසිය අරගෙන ආවේ මේ. අපි සියල්ලෝම පුල පුලා බලාසිටි එක්ස් මෑන් කාටුන් කතා මාලාවේ හයවන සීසන් එක නොහොත් එක්ස් මෑන් 97. මෙම කාටුන් වද සටහන 1992 දී ආරම්භ වෙලා සීසන් පහක් සාර්ථකව විකාශය වුනා කියල අපි දන්නවා. ඒ හින්දාම එම සංකල්පය සහ එම චරිත ආශ්‍රයෙ…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතලිස් එක්ව න උපසිරැසිය අරගෙන ආවේ මේ. අපි සියල්ලෝම පුල පුලා බලාසිටි එක්ස් මෑන් කාටුන් කතා මාලාවේ හයවන සීසන් එක නොහොත් එක්ස් මෑන් 97. මෙම කාටුන් වද සටහන 1992 දී ආරම්භ වෙලා සීසන් පහක් සාර්ථකව විකාශය වුනා කියල අපි දන්නවා. ඒ හින්දාම එම සංකල්පය සහ එම චරිත ආශ්‍රයෙන් වගේම එම කාලයේ හඬකැවීම් කල ශිල්පින් බහුතරයකගේ දායකත්වයෙන් මෙම හය වන කතා මාලාව ආරම්භ වීම දෙදාහට පෙර සිට මෙම කතාවට ආදරය කල මාත් ඇතුළු සියලුම දෙනාගේ සිහිනය සැබෑවීමක්. මෙම කතා මාලාවේ පළමු සීසන් තුන දැනට බයිස්කෝප් සිංහලෙන් අපි පළකර තියෙනවා. අනික් සීසන් දෙකම නුදුරු දිනයකදී එකම දවසේ ඔබට ලබාදෙනවා කියන පොරොන්දුව මම දෙනවා.

හොඳයි එහෙනම් අපි හැරෙමු කතාවට. ඇත්තටම මෙම කතාව එක්ස් මෑන් පළමු සිසන් එක බැලුව අයට තරමක් හුරු පුරුදුයි. මොකද එහි පළමු සහ දෙවන කොටස් වල අපි දැක්කා සෙන්ටනල් කියන විපරිතයින්ට එරෙහි සටන් කරන්නට මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කල විශාල රොබෝවන් සමග එක්ස් මෑන් කණ්ඩායම කල සටන. එතැනදී අපි දැක්කා එම සෙන්ටනල් ලා නිර්මාණය කල කර්මාන්ත ශාලාව නොහොත් මාස්ටර් මෝල්ඩ් එක විනාශ කරනවා. නමුත් කණ්ඩායම වර්ෂ ගණනාවකට පස්සේ ඒක එහෙම නොවුන බව දැනගැනීමත් එක්ක තමා මෙම කතාව දිගහැරෙන්නේ. ඒ ගැන වැඩි යමක් කියන්නේ නැත්තේ රසවිඳීමට බාදාවක් වෙන්න හැකි හින්දා

එක්ස් මෑන් මුල් කණ්ඩායමේ යම් වෙනස් කම් කීපයක් මෙම කොටසේ අපිට දකින්නට ලැබෙනවා. එකල ප්‍රධාන සාමාජිකයින් නොවුණු මොර්ප් සහ බිෂොප් කන්දයාමට එකතුවෙලා ඉන්නවා. ඒවගේම මුල් කොටස් වල අප්‍රිකානු සම්බවයක් ස්ටෝම් සතුව තිබුන බව පැවසුවත් එය එතරම් එළිදරව් කලේ නැහැ. නමුත් මෙම සීසන් එකේ ඇයගේ පෙනුමට වැඩි වශයෙන් අප්‍රිකානු හැඩය එකතු කර තියෙනවා. ඒවගේම වැදගත්ම දේ කතාව ආරම්බයේම චාල්ස් එග්සෙවියර් මියගොස් සිටිනා බව පැවසීම. එය මෙම සීසන් එක ඉදිරියට ගලායාම සඳහා යොදාගෙන තිබෙන බව පැහැදිලියි. එහෙනම් අපි බලමු පළමු කතාංගය

මීළඟ කොටසින් හමුවෙමු.

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,220 downloadsDownload X-Men-Season-6-EP01-1.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

2,220 downloadsDownload Subtitles22 KB

5 comments

  1. Heshara

    සබ් එකට ගොඩාරියක් ස්තූති

  2. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  3. Dhanuka

    Thank u very much bro. X men anith season 2 sub enakan API balan innawa. Good luck

  4. Nishan S Ariyarathna

    බොහෝම ස්තූතියි Sub එක ට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P