X-Men (TV Series 1992–1997) [S01 : E07 & E08] with Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය පස්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. මම හිතනවා ඔයාලට මේ කතාව දැන් හුරුපුරුදු ඇති කියල. ඒවගේම වැදගත් දෙයක් කියන්න ඕන මේකේ පලවෙනි එපිය තියන පොස්ට් එකේ යාලුවෙක් අහල තිබ්බා මම කොහොමද අන්තර්ජාලයේ ත…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය පස්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. මම හිතනවා ඔයාලට මේ කතාව දැන් හුරුපුරුදු ඇති කියල. ඒවගේම වැදගත් දෙයක් කියන්න ඕන මේකේ පලවෙනි එපිය තියන පොස්ට් එකේ යාලුවෙක් අහල තිබ්බා මම කොහොමද අන්තර්ජාලයේ තිබෙන පිටපත් වල කෑලි අඩුයි කියල දන්නේ කියල. මම හිතන්නේ මම විශේෂයෙන් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් ගන්න කියන හින්ද වෙන්න ඇති.
ඒත් සහෝ මම ඒක අවංකව කිව්වේ. ඒ සයිට් එක හිට් කරන්න නෙවි. මොකද මාසෙට ලක්ෂ දෙකක් විතර එන ඒවගේම මාස කිහිපයකින් ලංකාවේ 225 වැඩිම ඇතුල්වෙන්නන් එන වෙබ් සයිට් එක බවට පත්වෙච්ච ඒකට වෙනම මාකටින් ඕන නැ. කොටින්ම පරීක්ෂණයක් විදියට පටන් ගත්ත ඒක දැන් බයිස්කෝප් සිංහලෙන් තරමට ජනප්‍රියයි. මේකේ යාළුවො ඒකට සාක්ෂි දරාවි. ඒත් මම කියන්නම් ඇයි කියල මම අන්තර්ජාල පිටපත්වල කොටස් අඩුයි කියන්නේ කියල.
මම මේ වැඩසටහන රුපවාහිනියේ පෙන්වපු හැමපාරම බලල තියනවා. ඒවගේම ඔරිජිනල් ඩි වී ඩි සෙට් එකේ 13.7 GB සම්පුර්ණ රිප් පිටපතක් මගේ ළඟ තියනවා. එක හින්ද සම්පුර්ණ කතාව මම බලල තියනවා. ඒවගේම මේවා කතාව විනාඩි 20 යන සම්පුර්ණ විනාඩි 22 සිට 25 වීඩියෝ දිග ප්‍රමාණයකින් යුක්ත කොටස්. ඔයාලට යු ටියුබ් සහ ඩේලි මෝෂන් පිටපත් හොයා ගන්න පුළුවන් විනාඩි 17 සිට 20 දක්වා.
ඉතින් ඒ අඩුවෙන්නේ කෑලි අඩු හින්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ. අන්න ඒ හින්ද තමා මම මේ කියන්නේ මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේත්. ඒ හින්දම තමා කියන්නේ නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම් එකෙන් ගන්න කියල.
X-Men Season 1 Episode 7 Slave Island
ඉතින් මේක වෙන්නේ ගැම්බිට්, ජුබිලි එක්ක ස්ටෝම් නිවාඩුවක් ගතකරන්න ගෙනොෂා කියන රටට යාමත් එක්ක. කොහොම හරි එයාල කොටුවෙනවා විපරිතයක් වහලුන් විදියට යොදාගෙන වැඩ ගන්නා තැනකට. ඒවගේම එයාලට දැකගන්න ලැබෙනවා කලින් විනාශ කරපු සෙන්ටනල් රොබෝලා සම්පුර්ණ විනාශ වෙලා නැ කියල. ඉතින් එක්ස් මෑන් කණ්ඩායම මේ ප්‍රශ්නයෙන් ගැලවෙන එක තමා මේ කොටසෙන් පෙන්නන්නේ. ඒක ඉවරවෙලා එයාල ආපහු එනකොට දකිනවා මහාචාර්යවරයාගේ පාසල විනාශ වෙලා තියනවා.
X-Men Season 1 Episode 8 The Unstoppable Juggernaut
ඉතින් පහුගිය කොටසේ අවසානේ පාසල විනාශ වෙලා තියනවා දකින එක්ස් මෑන් කණ්ඩායම හේතුව ඔයාගෙන යනකොට ජගනට් කියන නපුරෙකුත් කොලසල් කියන මිත්‍රයෙකුත් හමුවෙනවා. ඉතින් මේ කරදරකාර ජගනට් මෙල්ල කරන එක තමා කොටසෙන් පෙන්නන්නේ. ඉතින් සුපුරුදු වුල්වරින්ගේ නාහෙට අහන්නේ නැති කමත් මේකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,501 downloadsDownload X-Men-Season-1-EP07-08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
**REPOSTING FORM 2017** X-Men (TV Series 1992–1997) with Sinhala SubtitlesSubtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men (TV Series 1992–1997) [S01 : E07 & E08] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Diary of nish
vihaga
ninja kamui Anime
sinhala sub dennakoThilinda Randeera
ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Sahan Gayantha
thanks a lot Ranathunga saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement





✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ හැමදාම හොඳම දේ දෙන්නේ බයිස්කෝප් එල්කේ ඔයාලා තමයි....පට්ට ආසාවෙන් බලනවා මේක... Sub එක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ...