අලුත් රස්සාවක්, ශිඛා එක්ක අලුත් ජීවිතයක්, පුංචි ගෙයක්, පුංචි වාහනයක්, පුංචි බලු කුක්කෙක් ඔය හීන ටික හැබෑ වෙන්න පාර හැදීගෙන ආවා විතරයි වික්‍රාන්ත්ගේ ජීවිතේ නොහිතපු විදිහට යූ ටර්න් එකක් ගත්තා. ඒ දෙන්නගේ පුංචි ලෝකෙට අනාරාධිත තුන්වෙනියා ආවේ ඒ ආදරණීය පුංචි ලෝකයට මාරයාවත් එක්කගෙන. කලින් කොටස් වලදි අපි දැ…

අලුත් රස්සාවක්, ශිඛා එක්ක අලුත් ජීවිතයක්, පුංචි ගෙයක්, පුංචි වාහනයක්, පුංචි බලු කුක්කෙක් ඔය හීන ටික හැබෑ වෙන්න පාර හැදීගෙන ආවා විතරයි වික්‍රාන්ත්ගේ ජීවිතේ නොහිතපු විදිහට යූ ටර්න් එකක් ගත්තා. ඒ දෙන්නගේ පුංචි ලෝකෙට අනාරාධිත තුන්වෙනියා ආවේ ඒ ආදරණීය පුංචි ලෝකයට මාරයාවත් එක්කගෙන. කලින් කොටස් වලදි අපි දැක්කා වික්‍රාන්ත්ට කවදාවත් දිරෙව්වෙ නැති ඒ කෙල්ල ආපහු වික්‍රාන්ත්ගේ ජීවිතේට ආපු හැටි. ඒ ඇවිල්ලා ටික ටික එයාගේ ජීවිතේ ආක්‍රමණය කරපු හැටි. අඛේරාජ්ගේ බලපුලුවන්කාරකම් එක්කම, වික්‍රාන්ත්ගේ තාත්තා අඛේරාජ් කෙරෙහි තියෙන ඒ ලැදියාව නිසා වික්‍රාන්ත්ට තමන්ට ඕන දේ තමන්ට ඕන විදිහට කරගන්න බැරිවයි හිටියේ. කලින් කොටසෙදි මිනීමැරුමකටත් ඇහින් දුටු සාක්ෂි කාරයෙක් වෙලා ආපු ගමනෙන් පස්සේ පූර්වාගේ සුම්බා පන්තියෙදි වික්‍රාන්ත් ක්ලාන්ත වෙලා වැටුණා මතකනේ. පූර්වා වික්‍රාන්ත්ව බලන්න ඇවිදින් දුන්නු ලියුමෙන් වික්‍රාන්ත්ගේ හීනේ ලොකුම අදියරක් බොඳ කරලා දැම්මා. ඒත් තව එකම එක බලාපොරොත්තුවක් අතේ තියාගෙන වික්‍රාන්ත් කෙලින්ම ගිහින් පූර්වාව හම්බවෙලා හැමදේම කියලා එයාගෙන් සමුගත්තා. ප්‍රශ්නේ ඉවරද..? විසඳුනාද? නෑ, වික්‍රාන්ත් හරියටම කොටු වෙන්න ගත්තේ ඊට පස්සේ. දැක්කනේ මුළු ගෙදරටම කරන්ට් එක, වතුර, ෆෝන් සිග්නල් මුකුත්ම නැතුව අන්තිමේදී වික්‍රාන්ත්ව පූර්වා ගාවටම ආපු එන්න වෙන තැනටම වැඩ සිද්ධ වුණු හැටි? කොටස අවසානයේ සිද්ධ වුණේ තවත් දරුණු දෙයක්. වික්‍රාන්ත් කොච්චර හිර වෙනවද කියනවා නම් බේරෙන්න පැත්තක් හිතාගන්නවත් තිබුණේ නෑ.

එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න. වික්‍රාන්ත්ගේ අලුත් ආරංචිය දැනගත්තම ශිඛාගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ශිඛා ගැන පූර්වාට පොඩිහරි ආරංචියක් ගියොත් ශිඛාගේ ඉරණම කොහොම විසඳෙයිද? බලමු මොකක් වෙයිද කියලා. එහෙනම් එකතු වෙන්න මේ මාරක ආදර කතාව එක්ක. මේ නෙට්ෆ්ලික්ස් වෙතින් ඉදිරිපත් කරන අලුත්ම හින්දි කතාමාලාව Yeh Kaali Kaali Ankhein, 3වෙනි දිගහැරුම..

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,134 downloadsDownload YKKA-S01-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,134 downloadsDownload Subtitles19 KB

7 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    එක සැරේ දීල දාමු
    සුපිරි සීරීස් එක

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Blacksheep

    E kali me kali labbawal valata nathuwa Attack On Titan sub eka diyalla. Mun melo rahak naha Indian asse haminenava

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P