පසුගිය කොටසින් මර්න් කියන්නෙත් බටර්ෆ්ලයි කෙනෙක් කියන රහසක් නොවන රහස ගැන ඇඩේබායෝට දැනගන්න ලැබෙන්නෙ ඒ වෙද්දී හා(ර්)කෝට්, එකෝනොමස් දෙන්නමත් දන්නවා කියන ආරංචිය ඇතුවයි. මේ අතරේ සොන්ග් අමාරුවෙන් ඕගස්ට් ස්මිත්ව හිරෙන් නිදහස් කරගත්තෙ ඇනී ස්ටර්ප්හවුසන් ඝාතනයෙ නියම වැරදිකරුවා, ඒ කිව්වේ පීස්මේකර් පිට දාලා එයා…

පසුගිය කොටසින්
මර්න් කියන්නෙත් බටර්ෆ්ලයි කෙනෙක් කියන රහසක් නොවන රහස ගැන ඇඩේබායෝට දැනගන්න ලැබෙන්නෙ ඒ වෙද්දී හා(ර්)කෝට්, එකෝනොමස් දෙන්නමත් දන්නවා කියන ආරංචිය ඇතුවයි. මේ අතරේ සොන්ග් අමාරුවෙන් ඕගස්ට් ස්මිත්ව හිරෙන් නිදහස් කරගත්තෙ ඇනී ස්ටර්ප්හවුසන් ඝාතනයෙ නියම වැරදිකරුවා, ඒ කිව්වේ පීස්මේකර් පිට දාලා එයාව අල්ලගන්න සොන්ග්ගෙ අංකල් විනිසුරු ලවා අත්අඩංගුවට ගැනීමේ වර්නේතුවකුත් ලබාගෙන. ඒ දේවල් එහෙම වෙද්දී ඕගස්ට් ස්මිත් නිදහස් වුනෙ ගෙදර ගිහිල්ලා හොදට ලැස්ති වෙලා එයාගෙම පුතාව, ඒ කිව්වේ පීස්මේකර්ව මරලා දාන්නයි. මතකනෙ පීස්මේකර්ගෙ මුල් කතාවෙ සිදුවීම් පෙන්නද්දී පුංචි කොටස් කිහිපයක්ම දකින්න ලැබුනා පීස්මේකර් අතින් තමයි එයාගෙ සහෝදරයා මැරිලා තියෙන්නෙ කියලා. මේ නිසාම පීස්මේකර්ට වෛර කරන විත්තිය මුල් කොටස තුලම ඕගස්ට් ස්මිත් කිව්වා.
සොන්ග් පොලිසියෙ අයත් අරගෙන පීස්මේකර්ගෙ ට්‍රේලර් එකට කඩා පනින වෙලාවේ පීස්මේකර් වගේම වීජලෑන්ටි හිටියෙ එයාලා කලින් අල්ලගත්ත ගොෆ්ගෙ බටර්ෆ්ලයි එක්ක සන්නිවේදනය කරන්න උත්සහ කරමින්. ට්‍රේලර් එකට කඩා පැන්න නිසා මේ දෙන්නා එතනින් පැනලා යද්දී වීජලෑන්ටිගෙ අතින් ගොෆ්ගෙ බටර්ෆ්ලයි හිටිය බදුන කැඩිලා ගිහිල්ලා ඌ නිදහස් වෙලා සොන්ග්ව ධාරකයා කරගත්තා. අලුත්ම ධාරකයා වෙන සොන්ග් අවසානෙදි කලවරක් උනේ තවත් බටර්ෆ්ලයිලව කැදවලා ලොක් ඇතුළු අනික් පොලිස් නිලධාරීන් වගේම සිරකරුවන්ට බටර්ෆ්ලයිලව ඇතුල් වෙන්න සලස්වලා මුළු බටර්ෆ්ලයි හමුදාවක්ම නිර්මාණය කරලා.
මර්න් කියපු විදිහට එයා තමයි පෘතුවිය ආක්‍රමණය කරන්න දගලන අනික් බටර්ෆ්ලයි හමුදාවෙන්ම ඒ වැඩේට විරුද්ධ වුන එකම කෙනා. දැනට මේ වෙන දේවල් නොදන්න එකම දෙන්නා තමයි පීස්මේකර් වගේම වීජලෑන්ටි දෙන්නා. මේ දේ ගැන වගේම පීස්මේකර්ට හොරෙන්ම එයාගෙ ට්‍රේලර් එකෙ ඩයරියක් හංගපු එකට ඇඩේබායෝ සැහෙන පසුතැවිලි වුනා. එයා පසුතැවිලි වුනා වගේම කතාව අවසන් වෙන්නෙ බටර්ෆ්ලයි හමුදාවෙ පොලිස් නිලධාරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා මුල්ම සෝදිසි කිරීමේදී හොයාගත්ත ඩයරිය ගැන රහස් හෙළිදරව් කරලා, පීස්මේකර් ප්‍රධාන වැරදිකරුවා කරලා.
අද කොටසින්
බටර්ෆ්ලයි හමුදාවකට මුහුණ දෙන්න දැනට ඉතුරු වෙලා ඉන්නෙ වොලර් පිහිටවපු කණ්ඩායමෙනුත් කිහිප දෙනයි. ඒ අතරිනුත් පීස්මේකර් බටර්ෆ්ලයි හමුදාවට මුහුණ දෙන අතරේම තමන්ව මරන්න පස්සෙන් පන්නන එයාගෙ තාත්තගෙනුත් බේරෙන්න වෙලා තියෙන්නෙ. මේ අතරේ කලින් කොටසකදී නැතිවුන චරිතයක් ආයෙ එනවා.
එහෙනම් ඉතිං අටවැනි (අවසන්) කොටසින් ලබන සතියෙදි මුණගැහෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,521 downloadsDownload Peacemaker-S01-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2022
- #Annie Chang
- #Chukwudi Iwuji
- #Danielle Brooks
- #DC
- #DC Comics
- #DCEU
- #Editor's Pick
- #Freddie Stroma
- #Jennifer Holland
- #John Cena
- #Lochlyn Munro
- #MaxxA
- #Nhut Le
- #Robert Patrick
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steve Agee
- #subtitle
- #The Suicide Squad
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
17 comments
No name
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
JonDoe297
ස්තූතියි සහෝ... සෑහෙන්න බලන් හිටියා සබ් එක එනකල්.
Sandeep
Thanx saho sub ekata.. sub wala quality eka thiyagena krana ekama web eka ️
Anonymous
අඩේ අඩේ සබ දීලා... බොහොම ස්තූතියි චාමර සහෝදරයා...❤️❤️❤️
Anonymous
Thanks jayawewa....!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Vino
Walking dead aluth epiye sinhala sub one
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
kavindu kalhara
Sub ekata bohoma sthuthie. 8wen ekatath ikmanata deikiyala hithanawa.❤️✌️
JaniZZ_H
episode 8 sub ekath ikmanata daamu machan ❤ <3
ravidu ishan
සබ්එකට Tnx Mchn ,, ✌️✌️ ජය!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thank sub ekata