Watch Trailer

Young Justice : Invasion [S02 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ පැය 16 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආවා සබ් එකක් අරන්.ඒවගේම මේත් එක්ක පතනවා බයිස්කෝප්වාසී සහ ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ගොඩ කාලෙකින් ආවේ ඉතින්.ඉල්ලීම් ගොඩකුත් තිබ්බා. තව කම්මැළිකමටත් එක්කයි ඉතින් මේක කරන්න ගත්තේ. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරන්න හිතුණා. සීසන් 1එක…

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආවා සබ් එකක් අරන්.ඒවගේම මේත් එක්ක පතනවා බයිස්කෝප්වාසී සහ ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ගොඩ කාලෙකින් ආවේ ඉතින්.ඉල්ලීම් ගොඩකුත් තිබ්බා. තව කම්මැළිකමටත් එක්කයි ඉතින් මේක කරන්න ගත්තේ. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරන්න හිතුණා. සීසන් 1එක කරලා ඉවර වුණාම ගොඩක් අය ඉල්ලලා තිබ්බා සීසන් 2 එකත්. ඔන්න ඉතින් කළා.කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය). ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ..96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney,වැනි අය හඩින් දායකවෙලා තියනවා.

කතාවට හැරුණොත් එහෙම මේ කතාව ගෙතෙන්නේ ජස්ටිස් ලීගයේ සාමාජිකයන්ගේ ගෝලයෝ වටා. ඒ සමහර අයව ඕගොල්ලො අහලත් ඇති. ඒත් සීසන් 1එක බලපු අයනම් දන්නවා ඇති. රොබින්, නයිට්වින්ග්, කිඩ් ෆ්ලෑෂ්,ආර්ටිමිස්,රෙඩ් ඇරෝ ,සුපර් බෝයි ඒවගේ අයයි. ඒත් මේ සීසන් 2 නම් තව ගොඩාරියක් අය ඉන්නවා..වැහිවැහැලා..සීසන් 1 එකේ හිටිය රොබින් දැන් නයිට්වින්ග් වෙලා. ඒත් ඒ වෙනුවට තව රොබින් කෙනෙක් ඉන්නවා. බැට් ගර්ල්, රොකට්, බම්බල් බී, බ්ලූ බීට්ල්,ලගාන් බෝයි, බීස්ට් බෝයි ඒවගේ අලුතින් ආපු අයයි. මේ බ්ලූ බීට්ල් කියන චරිතෙ නම් මේ සීසන් එකේ සුවිශේෂී චරිතයක්. මොකද කියලා පස්සට යද්දි ඕගොල්ලොන්ට පෙනෙයි. සුපර් බෝයි කියන්නෙ ක්ලෝනයක් කියලා ඕගොල්ලො දැන් ඉතින් දන්නවනේ. හරි එහෙනම් විස්තර ඇති දැන් අපි කතාවට පොඩ්ඩක් හැරෙමු.

ඔන්න සීසන් 1 අවසානයේ මුලු ජස්ටිස් ලීග් එකම සවේජ් ගෙ පාලනයට නතු වූවා. ඊට පස්සෙ ඒකෙන් බේරුණාට පස්සෙ, පැය 16කට සුපර් මැන්, වොන්ඩර් වුමන් අතුලු වීරයෝ 6 දෙනෙක් අතුරුදහන් වෙලා තියනවා. කාටවත් ඒ පැය 16 ගැන මතක නැහැ. හැමෝම අන්දමන්ද වෙලා ඉන්නෙ මේ පැය 16 මොකක්ද වුණේ කියලා. ඔන්න ඔය අතරෙ, විද්‍යාඥයෙක් වැරදිලා රෑන් කියලා ලෝකයකට යනවා. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ ලේකම්ව මරලා දානාවා. ඒත් ඇත්තටම බලද්දි එයා ඒලියන් කෙනෙක්. මිනිස්සු මේක ගැන බයවෙනවා. අර ගොඩ්ෆ්රේ කරදරකාරයාව ඕගොල්ලො දන්නවනේ.අර ප්‍රවෘත්ති වාර්තාකාරයා. එයා මිනිස්සුන්ගෙ හිතේ සැකේ ඇති කරනවා. එයා කියනවා තමන් අසල ඉන්න පුද්ගලයාත් ඒලියන් කෙනෙක් වෙන්න පුලුවන් කියලා. ඉතුරුටික මම කියන්නෙ නැහැ. ඕගොල්ලොම ඉතින් බලන්නකො. ආ තව මිස් මාර්ශන් කොණ්ඩෙ ඩොන්කි කට් කපලා. බායි එහෙනම් ..!!!!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,140 downloadsDownload Young-Justice-S02E01.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

2,140 downloadsDownload Subtitles17 KB

18 comments

  1. madhawa_max

    Thank u bro අවුරුදු ගාණක් බලා හිටියා.

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. 100

    Sub eakata thanks

  4. Hasinth

    Thanks bro♥️

  5. podda

    elama elama!!!! subata thanks bro
    sehena kialak balagena hitiya mekata suba denakan. atharamaga natharakaranne nathuwa digatama suba oniii jaya wewa!!1

  6. denizshulz

    බොහොම ස්තුතියි සහො උපසිරසියට, ඔබට ජයෙන් ජය.

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක ඉක්මනටම දීලා Season 3 එකත් ඉක්මනටම දෙමු....

  8. Nuwan Adhikari

    Thankz.. Niyamai.. Ikamanta karaganna yamu..

  9. Ayesh Prashan

    Thank You

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Kulanjana Maduranga

    subata thanks saho....

  12. V.T.Piyumal

    Thanks saho sub ekata elaga ewath danna!jaya wewa!!!

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  14. Udara Damith Dissanayaka

    elaaaaaaaaaa

  15. madhawa_max

    thank u bro

  16. madhawa_max

    thank u bro meka denakan kalayak balan hitiya

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  18. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.